බිඟුන් මේනක ගමගේ
මාවෝ සේතුංගේ කීර්තිනාමය හා සමාජවාදයේ ගෞරවය අකා මකා දමමින් දූෂිත දේශපාලකයන් බලයට ගෙන ඒමට චීන රජය කැස කවන්නේ යැයි චෝදනා කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා මෙරට චීන තනාපති යි ෂියෑංලියෑන් මහතාට දැඩි විවේචනාත්මක ලිපියක් යොමු කර ඇත.
ප්රජාතන්ත්රවාදය යන වචනය චීනයට සමීප නොවුණ ද සමාජවාදය යන වචනය සමීප නොවන්නේදැයි ප්‍රශ්න කරන හෙතෙම ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ලංකාවට ඇති යැයි තම ලිපියෙන් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රශ්න ශ්‍රී ලංකාවට විසඳාගැනීමට ඉඩ දෙන්නැයි ද දේශපාලන ගනුදෙනු සඳහා මුදල් අනවශ්‍යය යැයි ද මහාචාර්යවරයා ලිපියේ සඳහන් කර ඇත.
අධික පොලියට චීනයෙන් ලබාගත් ණය ගෙවීමට දායක වන්නෙකු හැටියටත් ජාතික ආර්ථිකයට දායක වන්නෙකු හැටියටත් මෙම කරුණු දැක්වීම හා දන්වා සිටීම කරන්නේ යැයි ද මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා තම ලිපිය මගින් වැඩිදුරටත් තානාපතිවරයාට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං ඔය ටිකම අර යුරෝපා සංගමයටයි ඔස්ට්‍රේලියාවට කියන්නැත්තෙ ඇයි. ඒවා හොඳද..?
ගොඩක් ශ්‍රී ලාංකිකයෝ හිතාන ඉන්නේ විදෙස් මැදිහත්වීම් කීවම බටහිර රටවල් විතරයි කියලා. මහාචාර්යවරයා කාලෝචිත රටට අවශ්‍ය දෙයක් කරලා තියෙන්නේ. පක්ශ පාට බේදයකින් තොරව අපි චීනය නමැති ණය උගුල්කරු ගැන අවබොධයෙන් ඉන්න ඕනේ.
මේ උගත් මහත්වරුන්ට අමෙරිකාව, යුරෝපය අපේ රටේ දේශපාලනයට අතදාන එක පේන්නෙ නැද්ද?
චීන ණය උගුලට යට වී හමාරය.
වැරදීමක් ඕක යවන්න ඕන අැමරිකාවටයි, එංගලන්තයටයි, යුරෝපෙටයි.
රාජ් හරියට හරි.
ඇයි මේ අනිකුත් රාජ්‍යයන්ට කියන්නේ අපේ රටේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලා. ඉස්සෙල්ලම අපි අපේ වැඩ හරියට කරගමු. ඊට පස්සේ කියමු නුඹලා නුඹලාගේ වැඩක් බලා ගන්න කියලා. පිටරැටියෝ අපේ රටවල දේවලට අතපොවන්නේ ඔවුන්ගේ ආයෝජන (මුල්‍යමය හා ආරක්ෂණ) ආරක්ෂා කරගන්න. නැතිව අපිට ආදරේට නොවේ. මේ කාරණය හැමට පොදුයි. සතා සිවුපාවා කියා වෙනසක් නැහැ.
ඒ රටවල් අපිට ගිනි පොලියට ණය දීලා නැහැනේ...
ඇයි හලෝ චීනෙට විතරක් කියන්නේ... කියන්නකෝ ඇමරිකාවට, එංගලන්තයට, යුරෝපා සංගමයට. මොකද බයද කියන්න..?
රාජ් චීනෙට කඩේ යන්නැතුව ඔහෙට පුළුවන්නේ අනික් රටවලට ලියන්න. එතකොට දෙපැත්තම හරිනේ...
මොලේ මංඤ්ඥං වෙලාද කොහෙද?
මා සිතන්නේ නැහැ හොඳ සිහියෙන් සිටින එකම රටකවත් ලංකාව වැනි රටක කටයුතු වලට අත දමයි කියා. මේ රටවල් වලට ලංකාවට අත පොවා උදුරා ගන්නට ඇත්තේ අපේ නය කන්දද, කඩ හැලෙන කුණු කඳුද, අපේ දුප්පත්කමද, එසේත් නැති නම් ඔය පාරවල් දිගේ ඇවිදිමින් විරෝධය පාන නඩේද? ඔය කිසිම රටක් ලංකාවට බලෙන් නය දුන්නේ නැහැ. නය ගත්තේ වගකීමකින් තොරව කටයුතු කළ අපේම දේශපාලකයින්මයි. බොහෝදෙනා මේ කරුණු පිලිගත්තේ නැතත්, ඕක තමයි තිත්ත ඇත්ත.
චීනා මීට පෙර මේ රටට කඩා වැදී අපේ රජ කෙනෙකුව හිරබාරයට ගෙන චීනෙට අරන් ගිය බව හුඟක් අය දන්නේ නැතුව ඇති. චීනා ඊට පස්සේ ඌට ඕන කෙනෙක්ව අපේ රජු හැටියට පත් කෙරුවා. දීර්ඝ කාලයක් තිස්සේ උන් අපෙන් කප්පම් ගත්තා. වීර අලකෙස්වර රජුට (අලගක්කෝනාරට) 1409 සිට මොකද වුනේ කියලා ඉතිහාසය පෙරලලා බලන්න! කවදාවත් චීනාව විශ්වාස කරන්න එපා.
ඔය උඩ අදහස් දාලා තියන මහත්තුරු හොද අධ්‍යනයක් කරලා බලන්න චීන ණය කොන්දේසි සමග බටහිර රටවල ණය කොන්දේසි එක්ක. ඔයාලට මේ වගේ අදහස් දාන්න පුළුවන් අයිතිය ලැබුනෙත් බටහිර රටවල බලපෑම නිසයි.