ඉන්දීයාව පිනවා ‘‘මැණිකේ‘‘ යළි දිවයිනට ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැතිව ඉන්න ඇති. ඒ ජනතාව අහපු නැති භාභාෂාවකින් මම ගීතයක් ගායනා කළා , එය අතිශයින්ම ඉන්දියාව මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූණා ඒ ගැන මා ඉතා සතුටු වෙනවා යැයි බව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවසුවාය . 13 October 2021
පිළිකා සෛලවලට වෙට්ටුවක් දමන්න පෝෂක ඖෂධයක් පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා කියයි. 12 October 2021
රේගුවෙන් තහනම් බඩු පැන්නූ නිලධාරියා ගැන සොයයි ගුවන් මගියකු ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන ආ කරතමුංගු සහ කහ තොගයක් කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට සහය දැක්වූයේ යැයි චෝදනා එල්ල වී තිබෙන රේගු නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය. 12 October 2021
1000ක මල්ලක් නැතිව සතොසෙන් කහගන්න බෑ සතොස මගින් කහ කුඩු අලෙවි කෙරෙන බව සදහන් වූවද කහ කුඩු ග්‍රෑම් සීයක් මිලදී ගැනීමට රුපියල් දහසක ද්‍රව්‍ය ලබා ගත යුතු බවත් ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳහල්වල මේ දිනවල කහකුඩු මිලදී ගැනීමට නොමැති බවත් පාරිභෝගිකයින් පවසති. 12 October 2021
දොඩංගොඩ නිවෙසක කතක් අභිරහස් ලෙස මියයයි කළුතර,දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක අභිරහස් අන්දමින් මියගොස් සිටියදී අද පස්වරුවේ හමු වූ බව දොඩම්ගොඩ පොලීසිය කියයි. 12 October 2021
බන්ධනාගාර අධිකාරි අධිකරණට කැඳවයි රිමාන්ඩ් බාරයේ සිටින නාකොටික් නිලධාරීන් හා ඊට අදාල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට අද (12) නියෝග කළේය. 12 October 2021
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත් හිටුවයි පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (13) සිට සති දෙකක කාලයක් අත්හිටුවීම තීරණය කළ බව බස්නාහිර පලාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවාය. 12 October 2021
කොවිඩ් මරණ 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 October 2021
තෙවැනි මාත්‍රාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි සිරුරේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට සහ ’සයිනෝෆාම්’ සහ ’සිනෝවැක්’ යන චීන එන්නත් ලබා ගත් අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් මේ මොහොතේ තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එන්නතක්) ලබා දීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 12 October 2021
පාසල් දරුවන්ට එන්නත ලබාදීම 15 ඇරඹේ වයස 15ට වැඩි පාසල් දරුවන්ට කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාදීම ලබන(15) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 12 October 2021
බඩු මිල ගැන මන්ත්‍රී ජගත් කුමාර නොසතුටෙන් දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හේතුවෙන් ජනතාව අමාරුවේ වැටී ඇති බවත් ආණ්ඩුව බඩු මිල සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පැවැසීය. 12 October 2021
බඩු මිල ඉහළ ගිය සතුටට කළුතර නගර මන්ත්‍රීහු කිරිබත් කති ගෑස් මිල හා බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් සතුට පළ කරමින් කළුතර නගර සභා එජාප මන්ත්‍රිවරු අද පැවැති කළුතර නගර සභා මාසික රැස්වීමේදී කිරිබත් කමින් හා කිරිබත් බෙදා දෙමින් සතුට පළ කළහ. 12 October 2021
පොහොර ප්රශ්නය 21වැනිදා විවාදයට පොහොර ප්රශ්නය සම්බන්ධයෙන් සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 21වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 12 October 2021
යොහානිගේ රසිකයන් කෝටි 15 පනී ලොව පුරා ජනප්‍රිය වී සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මාගේ හිතේ’ ප්රතිනිර්මාණ ගීතය’ යූටියුබ් සමාජ මාධ්‍ය ජලයේ නැරඹුම් වාර කෝටි 15 (මිලියන 150) අද (12) පසු කළේය. 12 October 2021
කොරෝනා ආසාදිතයෝ 10,301ක් සුවය ලබා ගෙරය යති කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 10,301 ක් සුවය ලබා අද (12) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 12 October 2021
අගමැති-ගුරු සංගම් සාකච්ඡා අවසන් අග්‍රාමාත්‍ය සහ ගුරු විදුහල්පති සංගම් අතර අද (12) පස්වරුවේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු හා විදුහල්පති සංගම් සඳහන් කරයි. 12 October 2021
කබ්රාල්ට එරෙහි පෙත්සම විභාගයට ගන්නවා ද නැද්ද තීරණය ලබන 3 හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපතිධුරයට පත් කිරීම තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ඊයේ (12) නිවේදනය කළේය. 12 October 2021
මහපොළ නම වෙනස් වෙයි? මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නම ලලිත් ඇතුලත්මුදලි උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බව එම අරමුදලේ වත්මන් සභාපති, වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) පැවසීය. 12 October 2021
ගෑස් ලිපට ආයුබෝවන් කියා භූමිතෙල් ලිප් සොයා යති භුමි තෙල් ලිප් මිල දී ගැනීම සදහා අද (12) කොළඹ නාගරික ජනතාව ගෑස්පහ අවට වෙළද සැල්වලට එක්රෝක් වී සිටියහ. 12 October 2021
බල්ලො රොත්තක් රැගෙන ගිය යුවළ අල්ලයි සුනඛයින් 6 දෙනෙකු අමානුෂික අන්දමින් සහ සැක කටයුතු ලෙස රැගෙන යමින් සිටි යුවළක් අද (12) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. 12 October 2021
ඖෂධ අධිකාරියේ වැඩ ගැන සෙවූ වාර්තාව ඇමැතිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ විර්ශන කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද පස්වරුවේ ඖෂධ නිෂ්පාදනය සැපයීම සහා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත බාර දුන්නේය. 12 October 2021
බදියුදීන්ලාගේ පෙත්සම් සලකා බැලීම 15 වැනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරකයන් ට ආධාර අනුබල දුන් බව ට සැකපිට අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා තබා සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් වහා නිදහස් කරන්නැයි සිය නීතීඥවරු මාර්ගයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මෙම මස 15 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කළේය . 12 October 2021
නවසීලන්ත ගමන ත්‍රිකුණාමලයෙන් අවසන් වෙයි නවසීලන්තයට මුහුදු මගින් යෑමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි 63 දෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි. 12 October 2021
කෝවිඩ් මාරයාට බිලි වූ 13,000ට පින් අනුමෝදන් කරති ’කොරෝනා’ වයිරසයට ගොදුරු වී මරණයට පත්වූ 13000 කට අධික ශ්‍රී ලාංකියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි දානමය පිංකමක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (12) පැවත්විණි. 12 October 2021
‘‘මියගිය පළාත් සභාවට යළි පණ දෙන්න එපා‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වෙනස් කිරීමට සූදානම් නම් මියගිය පළාත් සභා නැවත ගෙන ඒම වෙනුවට රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ‘56 දරුවෝ’ සංවිධානයේ අනුශාසක මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. 12 October 2021
ලංකා සමසමාජ පක්ෂයෙන් රජයට යෝජනාවලියක් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා සම සමාජ පක්ෂය රජයට යෝජනාවලියක් බාරදීමට තීරණය කර ඇත. 12 October 2021
ලංකා සතොස සිව් දෙනා 14 තෙක් රිමාන්ඩ් ලංකා සතොස ආයතනය මහජනතාවට සහනදායි මිලට අලෙවි කිරීමට තිබූ රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු ලූනු කිලෝ ග්‍රෑම් 54,860ක් වංචනිකව විකිණීමට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ලංකා සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී (මිලදී ගැනීම්) ඇතුළු නිලධාරීන් සිව් දෙනා ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (12) නියෝග කළේය. 12 October 2021
සිතාසි යැවීමේදී නවීන ක්‍රම යොදාගන්න යයි නඩුවක පාර්ශවකරුවන් වෙත සිතාසි යැවීමේදී ඊමේල් සහ ජංගම දුරකතන භාවිතා කළ හැකි පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 October 2021
‘‘ව්‍යාපෘතිය අසාර්ථක නම් මුදල් නෑ‘‘ ව්‍යාපෘතියක් අසාර්ථක වුවහොත් ඒවාට මුදල් ලබාදීම නවත්තන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. 12 October 2021
මස්සිනාගේ පහරින් මස්සිනා මරුට ගලේවෙල පට්ටිවෙලදී දෙමස්සිනෝ අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග ගොස් එක් අයකු එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් 23 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 October 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026