කෝවිඩ් ආසාදිත මරණ තවත් 29ක් වාර්තා වේ කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 29ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 27 May 2021
ශ්‍රී ලංකාවේ සංචාරය කළොත් බහරේන් රටට ඇතුළු වෙන්න බෑ පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය තීරණය කර ඇත. 26 May 2021
ඇමරිකා ජනපතිගෙන් ගෞරව උපාධියක් ගත් අපේ නාවිකයා ඇමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියෙන් සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන්වරයෙකු (පළමු පන්තියේ ) වන විශ්ව ෆොන්සේකා මහතා සමත්ව ඇතැයි ඇමෙරිකාවේ වොෂිනටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 26 May 2021
තෙල් පැතිරීම වැළැක්වීමට පියවර ගන්න කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක්වූ එම් .වී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සමුද්‍රයට තෙල් පැතිරයාම වැළැක්වීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අද ( 26) පෙරවරුවේ උපදෙස් දුන්නේය . 26 May 2021
කොවිඩ් ආසාදිතයෝ තවත් 1581ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,581 දෙනකු අද (26) වාර්තාවිය. 26 May 2021
ඉන්දීය ගුවන්යානයක් ‘පර්ල්’ ගැන සොයයි කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවිය හැකි පරිසර හානිය පාලනය කළ හැකි ආකාරය පිළිබඳව ඉන්දීය විශේෂ ගුවන්යානයක් පැය දෙකක නීක්ෂණයක් අද (26) පස්වරුවේ කළේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 May 2021
ප්‍රදේශ රැසක විදුලිය ඇණහිටී වැසි සහ සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක අද (26) දවස පුරා විදුලිබිඳ වැටීම් රැසක් සිදු වූ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. 26 May 2021
නව නීතිපති සංජය රාජරත්නම් දිවුරුම් දෙයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ( 26 )පස්වරුවේ දිවුරුම් දුන්නේය. 26 May 2021
පී.සී.ආර් ෆේල් වුණත් කොවිඩ් ප්‍රතිකාර දිගටම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ඊයේ (25) පෙරවරුවේ එහි කාර්ය මණ්ඩලය ඉවත්කිරීමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් ඉන්දීය ජාතිකයා දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු වූ බව සෞඛ්‍ය ප්‍රධානියකු පැවසීය. 26 May 2021
යාස් ඉන්දියාවට ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ උතුරු ඔඩිස්සා වෙරළ තීරයෙන් එරටට ඇතුළු වී ඇත. 26 May 2021
“මුහුදු තීරයේ කිලෝමීටර 10ක් වැනසිලා’’ කොළඹ වරාය ආසන්නයේ නවතා තිබියදී ගිනිගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වලට අයත් මුහුදු තීරයේ කිලෝමීටර 10 ක් පමණ දැඩි පරිසර හානායකට ලක්ව ඇතැයි සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය. 26 May 2021
මුල්ලේරියාව රෝහලේ කොරෝනා රෝගීන්ට අලුත් වාට්ටු දෙකක් මුල්ලේරියාව රෝහල් භූමියේ ඉදි කෙරුණු ඇඳන් 352 යුත් කොරෝනා රෝගීන් සඳහා ඉදිකළ වාට්ටු දෙකක් වෙසක් පොහෝ දින අද දින (26) මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් විවෘත කර එම රෝහල වෙත භාරදෙනු ලැබීය 26 May 2021
වේයන්ගොඩ ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී වේයන්ගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය හරහා අධි ධාරිතාවෙන් යුතු විදුලි රැහැන්වල ආරක්ෂාව සදහා ඇද තිබු විශාල දැළක් දුම්රිය හරස් මාර්ගට කඩා වැටි ඇතැයි වේයන්ගොඩ විදුලි ඉංජිනේරු කාර්යාලය කියයි. 26 May 2021
ගම්පහ රෝහලේ අධි ප්‍රතිකාර ඒකකය වෙසක්දා විවෘත කෙරේ ගම්පහ රෝහල අලුතින් ස්ථාපිත කළ අධි ප්‍රතිකාර ඒකකය වෙසක් පුන් පොහොය යෙදුනු අද (26) ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අතින් විවෘත කෙරිණ. 26 May 2021
‘සයිනොවැක් ‘එන්නත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේදී චීනයේ සයිනොවැක් කොරෝනා එන්නත ඉදිරි මාස දෙකේදී මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 26 May 2021
“කොවිඩ් එන්නත දෙන්නම් වර්ජනය අතහරින්න’’ රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට, ග්‍රාම නිලධාරීවරුන් සංවර්ධන නිලධාරීන්ට මීළඟ අදියරේදී කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසී ය. 26 May 2021
රට පුරා ග්‍රාම නිලධාරීහු වර්ජනයක ග්‍රාම නිලධාරීවරුන්ට කොවිඩ් වර්ධන එන්නත් ලබා නොදීමට විරෝධය දැක්වීම සඳහා රට පුරා සියලු ග්‍රාම නිලධාරිවරු අද (26) සංකේත වැඩ වර්ජනයක නිරත වූහ. 26 May 2021
නිවසේම මිය ගිය දෙදෙනකුට කොරෝනා වතුපිටිවල මූලික රෝහලට අද (26) රැගෙන ආ පිරිමි මළ සිරුරු දෙකක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කිරීමේදී කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 26 May 2021
ජනපතිගෙන් සෞඛ්‍ය ප්‍රධානීන්ට නියෝගයක් චීන රජය මෙරටට පරිත්‍යාග කළ සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රට පුරා ජනතාවට වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය. 26 May 2021
රැදවියන් 260 දෙනකුට ජනපති සමාව ජාතික වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් 260 දෙනකුට ජනපති සමාවෙන් නිදහස ලබා දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසිය. 26 May 2021
නැවෙන් එන රසායන ද්‍රව්‍යයෙන් ජනතාව රකින්න නාවික හමුදාවෙන් ආරක්ෂක වැටක් කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ ගිනිගෙන දැවෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් සහ විවිධ කොටස් වෙරළ තීරයට පැමිණෙමින් ඇති නිසා දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි නාවික හමුදාව පවසයි. 26 May 2021
පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු දහයකට කොරෝනා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු සේවකයන් දස දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 26 May 2021
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට චීන රජය රජය පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ පහක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ඊයේ (26) අලුයම පැමිණියේය. 26 May 2021
කොරෝනා ආසාදිතව සිටි මුජිබර් සුවය ලබා ගෙදර එයි කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සුවය ලබා සිය නිවෙසට ඊයේ (25) දහවල් පැමිණියේය. 26 May 2021
රංගන ශිල්පිනී සුරේනි සෙනරත් දිවි රඟමඩලෙන් බැසයයි ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියන් වූ සුරේනි සෙනරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය 26 May 2021
‘කොරෝනා පරාජයට තුන්වැනි එන්නතක් ඕනෑ ‘ කොරෝනා මර්දන එන්නතකින් පුද්ගලයකුට රැකවරණය සැලසෙන්නේ වසරක පමණ කාලයකට පමණකැයි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය. 26 May 2021
කොත්මලේ ජලාශයේ වේල්ල ආසන්නයේ ගිලා බැසීමක් කොත්මලේ ජලාශයේ ප්‍රධාන වේල්ල ආසන්නයේ මාර්ගයේ විශාල ගිලා බැසීමක් සිදුව ඇතැයි කොත්මලේ ජලාශයේ කාර්ය බාර ඉංජිනේරු ආර්.එම්.වත්සල මහතා පවසයි. 26 May 2021
නැවේ ගින්න තවත් පැතිරෙයි කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකි තත්වයයක පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 26 May 2021
නිරෝධායන නීති කැඩූ 686 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 686 දෙනකු ඉකුත් පැය 24ක දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 26 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026