උප පොලිස් පරීක්ෂගේ පහරදීමෙන් අයිතිවාසිකම් කඩ වෙලා
බහු විවාහ චෝදනා මත අත්අඩංගුවට ගත් විදේශීය සමාගමක මෙරට කළමනාකරුවකුට පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පහර කෑ එම තැනැත්තාට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් හා ඊට අමතරව නඩු ගාස්තු ලෙස රුපියල් 25, 000 ක්ද ගෙවන්නැයි ගල්කිස්ස පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට නියෝගය කළේය.