පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 February 2022
‘දරුණු අපරාධකරුවන් සඳහා මරණ දඬුවම ඕනෑ‘ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තෝරාගත් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වන පුද්ගලයන්ට අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 February 2022
ඊ.පී.එෆ්-ඊ.ටී.එෆ් වලින් බදු අය කිරීම ගැන කම්කරු ඇමැතිගෙන් දොස් සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ (ඊ.ටී.එෆ්) මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් වලින් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපණයට විරුද්ධවීමට අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 February 2022
ඩෙංගු මර්ධන සහයකයෝ සුව අමාත්‍යංශය වටලති ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහායකයෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිතර ව සිටිති. 09 February 2022
විදෙස් සංචාරකයන් ගමන් ගත් ජිප් රියකට වල් අලි ප්‍රහාරයක් ප්‍රංශ ජාතික සංචාරකයන් රැගත් ජිප් රථයකට යාල වැල්මල්කෙම ප්‍රදේශයේදී නනදිමිත්‍ර ඇතාගේ ප්‍රහාරයක් හේතුවෙන් එම ජිප් රථයට දැඩි හානි සිදුව ඇතැයි යාල ජාතික උද්‍යාන නිලධාරීහු පවසති. 09 February 2022
සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීමේ කාලය යළි දීර්ඝ කරයි අ.පො.ස සාමාන්‍ය පෙළ 2021 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 17 වැනිදා දක්වා යළි දීර්ඝ කර කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 09 February 2022
මෝදි මාර්තුවේ ලංකාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මාර්තු මස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කරයි. 09 February 2022
මුදල් ඇමැති ගැන කිරිඇල්ලගෙන් දෝස් මුරයක් මුදල් ඇමැතිවරයා මැතිසබයට පැමිණ රටේ මූල්‍ය තත්වය ගැන කිසිම තොරතුරු ලබා නොදෙන නිසා මන්ත්‍රීවරුන් විදියට රටේ මොනවා වෙනවාදැයි අප කිසිවක් නොදන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 February 2022
එජාප ජාතික සංවිධායක ධූරය සාගලට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර තිබේ. 09 February 2022
පානදුර වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මාට්ටු පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන්රථ රියදුරුට වෙඩි තැබීමට සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (08) රාත්‍රි අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 09 February 2022
බදුල්ල රෝහලෙන් කොරෝනා පොකුරක් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15ක් ඇතුලු රෝහල් සෞඛ්‍ය කාර්ය මංඩලයේ 55කට කෝවිඩ් ආසාදිත වී ඇතැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්දීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි. 09 February 2022
වැස්ස ගැන කාලගුණය මෙසේ කියයි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 February 2022
කොවිඩ් සෙල්ලමට ගත් මැතිසභේ සේවකයකුට දැඩි අවවාද උණ ඇතුළු කොවිඩ් ලක්ෂණ ඇති බව දැන දැනත් පාර්ලිමේන්තුවට පැමිණ එහි අංශ ගණනාවකට ගොස් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් වගකීම් විරහිතව කටයුතු කර ඇතැයි පැවසෙන කොවිඩ් ආසාදිත සේවකයකුට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තාවේ. 08 February 2022
මාලදිවයින් තරුණයාගේ මරණය ගැන සොයන්න එරට පොලිස් නිලධාරීන් මෙරටට කැපුම් තුවාල සහිතව වැල්ලවත්ත මුහුදු තීරයේ තිබියදී පසුගිය සොයාගත් මාලදිවයින් තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මාලදිවයින් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු මෙරටට පැමිණ ඇති බව පොලිසිය කියයි. 08 February 2022
විදුලිය කැපීම ගැන ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් නෝක්කාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලය කලින් නොදන්වා ඇතැම් ප්‍රදේශවල විදුලිය කපන බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ (07)පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇත . 08 February 2022
ශ්‍රී ලංකා පත්රකලා සංගමයේ 67 වැනි සංවත්සරය සමරයි වර්තමාන ජනමාධ්‍යය ස්වාමියාගේ උවමනාව වෙනුවෙන් පෙනී සිටීම නිසා සමබරතාව ගිලිහී ගොස් ඇති බවත් ආයතනයේ ශ්‍රේණිගතකිරීම හෝ අළෙවිය ඉහළ යෑමෙන් ජනමාධ්‍යයේ විශ්වාසනීයභාවය මැණිය නොහැකි බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (8) පැවසීය. 08 February 2022
සෞඛ්‍ය සේවක ගැටලුවලට විසඳුම් දෙන්න සූදානම් දැන වැඩවර්ජනයක නිරතව සිටින වෘත්තීය සංගම් ඉදිරිපත් කළ කරුණු සලකා බලා ලබාදීය හැකි විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 08 February 2022
උසස් පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දිවයින පුරා මධ්‍යස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි. 08 February 2022
කොවිඩ් ආසාදිතයන් තව 1253 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1253 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 February 2022
මුදල් කාරක සභාවේ සභාපති ධූරය අනුර ප්‍රියදර්ශන යාපාට නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණයෙන් අද (8) නැවත වතාවක් පත් කෙරිණ. 08 February 2022
’’රජය ජනතාවට බදු ගසා ඊළග ඡන්දෙට මුදල් සොයනවා’’ රජය නව බදු ගණනාවක් පනමවමින් ජනතාවට බදු පිට බදු ගසා ඊළග මැතිවරණවලට මුදල් සොයමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (08) ප්‍රකාශ කළේය. 08 February 2022
ආණ්ඩුව අර්ථ සාධකේටත් ගහලා - හර්ෂ ද සිල්වා මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය එක්ව ඊයේ (7 වැනිදා) නිකුත් කරන ලද ගැසට්පත්රය මගින් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සතු සේවක අර්ථ සාධක අරමුදලින් විශාල බද්දක් අයකිරීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු 08 February 2022
පුෂ්පිකාගේ කිරුළ ගැලවෙයි ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සදහා සුදුසුකම් ලැබු ශ්‍රි ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරණ ’’ශ්‍රි ලංකා විවාහක රූ රැජින නාමය’’ අද (8) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට විවාහක රූ රැජින සංවිධාන කමිටුවේ අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පියවර ගෙන ඇත. 08 February 2022
මෙරට ප්‍රමුඛතම සරසවිය ලෙස කොළඹ සරසවිය නම් කරයි ජාත්‍යන්තර වෙබෝමෙට්රික්ස් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය නම් කරනු ලැබ ඇත. 08 February 2022
කොවිඩ් මරණ ඉහළට කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 February 2022
ජාතික පාසල්වලට විදුහල්පතිවරු පත් කරද්දි අනිසි බලපෑම් වුණාදැයි සොයන්න ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අනිසි ලෙස බලපෑම් සිදුවී ඇත්දැයි සොයාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතාට උපදෙස් දී ඇත. 08 February 2022
එක් කෝටි අනූ ලක්ෂයක මත්ද්‍රව්‍ය රේගු දැලේ රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් ( රුපියල් මිලියන 19 ක් ) පමණ වටිනා කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්, පාර්සල් ලෙස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත තැපැල් ඔස්සේ එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය. 08 February 2022
මහ බැංකුව රන් සංචිතයෙන් කොටසක් විකුණයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇතැයි නිල දත්ත වාර්තා සඳහන් කරයි. 08 February 2022
එන්නත් ගැන ඕනෑම අයකු සමග විවාදයකට සූදානම් ඩොලර් ප්රශ්නය නිසා ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 February 2022
පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ ඩිජිටල් මෙවලමක් පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරිමේ ඩිජිටල් මෙවලමක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබාගැනීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 08 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026