(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පොලීසියේ පොලිස් නිලධාරිනියකගේ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් මාලයක් සහ රන්මුදු දෙකක් එහි පොලිස් කාන්තා භට නිවාසයේදී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ සිද්ධියවී ඇතැයි පැවැසෙන්නේ මීට දින කිහිපයකට ඉහතදීය.
මෙම නිලධාරිනිය සිය රන් මාලය සහ මුදු දෙක එහි කිසියම් ස්ථානයක ගලවා තිබියදී කිසිවකු එය සොරකම් කර ඇති බව එම නිලධාරිනිය කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ යැයි වැලිකඩ පොලීසියේ නිලධාරියෙක් පැවසීය.
සොරකම් කර ඇති රන් මාලය සහ මුදු දෙක මෙතෙක් සොයාගෙන නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් එම තනිකඩ නිවාසයේ පොලිස් කාන්තා නිලධාරිනියන් නව දෙනෙකු පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අප වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම කරගෙන යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් සමග එක වහලක් යට සිටිමින් එකම ආයතනයේ එකම සේවයේ සිටිමින් මෙහෙම කරනවා නම් මොවුන් සාමාන්‍ය ජනතාවට කොහොම කරයිද?
පාර්ලිමේන්තුවේ මාල කඩන අය එහෙමත් ඉන්නවා නේද?
පාර්ලිමේන්තුවේ මාලහොරු ඉන්න බව මේ නෝනා දන්නේ නැද්ද?