(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවට සම්බන්ධ වෙතැයි පසුගිය කාලයේදී ලොකු කතා බහකට ලක්වූ සමගි ජන බලවේගයේ නම ගිය පුද්ගලයකු එලෙස සම්බන්ධවීමට දැන් දැන් අදි මදි කරමින් සිටින බව වාර්තා වේ.
එසේවී ඇත්තේ මුදල් අමාත්‍ය ධූරය ඉල්ලා එය නොලැබීම නිසා බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
ඔහුට ආණ්ඩුවෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍ය ධූරයයි. එහෙත් ඔහු ඊට එකඟවී නැතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් පත් කිරීම ලබන සතියේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එය මෙසේ ප්‍රමාද කර ඇත්තේ අයවැය විවාදයන්හිදී එම කාරණය යම් විවේචනයකට ලක්වීමේ ඉඩකඩ වැළැක්වීම සඳහා බව දැනගන්නට ඇත.
මේ අතර අමාත්‍යවරුන් පත් කිරීමේදී රාජ්‍ය අමාත්‍යවරුන් මුලින්ම පත් කිරීමට රජය සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු රැලට පණ දෙන්න වෙන්න ඇති. ලෝක බැංකුව නිකුත් කරන නිවේදන අනුව නම් පෙනෙන්නේ නිසි විගනනය අංක එක කියලා.
අපි සුද්දන්ට බැන්නට, මේ රටේ දේශපාලකයින්ව සතපහකට හෝ තඹ දොයිතුවකට විශ්වාස කරන්නට බැහැ. රටම හොරාකාපු දේශපාලකයින් මහා ධන සම්භාරයක් උපයාගෙන සුර සැප විඳිනවා. ඒත් බොරුවට කෑ කෝ ගැහුවට අනිත් දේශපාලකයින් ඔවුන් අල්ලා නීතිය ඉදිරියට ගෙනඒමට උදව් කරන්නේ නැහැ. රට විනාශ කළ අය සුවසේ නිදැල්ලේ. සුළුසුළු දේවලට නීතිය තදින් ක්‍රියාත්මක වන බවක් පෙනේ. අහෝ.. සැමට පොදු හා සාධාරණ විය යුතුයි.
අපේ අචාරි හරිෂ නම් නෙවෙයි ඔන්න...!
මුදල් සම්බන්ධ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා කිව්වට දැනටත් මෙයට පෙරත් මුදල් ඇමැතිවරයා ලෙසට විධායකය (ජනාධිපති) කටයුතු කල අවස්ථා තියෙනවා... එය පාර්ලිමේන්තුවේ බලය උදුරා ගැනීමක් කියන්න පුළුවන්. මෙම තත්වය රට මෙලෙස අගාධයට වැටීමට හේතුවුණා කියලා කියන්න පුළුවන්... එය මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙසට කටයුතු කිරීම නිසා හොඳින්ම පේනවා...
ඉන්න ඩීල් කාරයෝ ටික පන්නන්නම ඕනෑ. නැතිනම් රට තවත් වලපල්ලට...