IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පා.මන්ත්‍රී දොලවත්තගේ නිවෙස පහරදුන් හයක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ කඩුවෙල බෝමිරිය නිවසට පහර දී දේපලවලට අලාභානි කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමාවක් හදාරන සිසුවකු ඇතුළු පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

එම පහර දීමෙන් නිවසට සහ දේපළවලට රුපියල් ලක්ෂ 70ක පමණ අලාභ වන සිදුවී තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර ත්‍රිරෝද රථ රියැදුරකු සහ වෑද්දුම් කරුවකු වන බවත් සියලුම සැකකරුවන් වයස අවුරුදු 16 සහ 20 අතර පසුවන්නන් බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඉකුත් මැයි නම වෙනි දින ගාලුමෝදර ඇතිවූ සිද්ධිය සමඟ මෙම සැකකරුවන් පිරිස මන්ත්‍රීවරයා ගේ නිවසට පහර දී දේපල වලට අලාභානි කර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර සිටින තීරෝද රථ රියදුරු මන්ත්‍රීවරයාගේ නිවසට පහරදීම මෙහෙයවා ඇති අතර උසස් අධ්‍යාපන හදාරන සිසුවා ගේට්ටුවට යකඩ පොල්ලකින් පහරදී අලහාභානි කර අනතුරුව දොර කඩා නිවසට ඇතුළු වූ ප්‍රථම පුද්ගලයා බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

 



අදහස් (0)

පා.මන්ත්‍රී දොලවත්තගේ නිවෙස පහරදුන් හයක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site