(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
අරගලකරුවන් කොළඹට ලබන 30 වෙනිදා යළිත් පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇත්තේ ලබන තිස් වෙනිදා ය. එදින කොළඹට පැමිණ උද්ඝෝෂණ පැවැත්වීමට අරගලයට සම්බන්ධ සංවිධාන දැනටමත් තීරණය කර ඇති බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.
අරගලකරුවෝ රජයට විරෝධය පා මීට සති කිහිපයකට පෙරද කොළඹට පැමිණියහ. මේ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් එම පිරිස් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා...!
අනේ නුඹලාගේ අරගල... මුලදී නිර්පාක්ෂිකයි කියලා... දේශපාලකයින් ටික ලන්කරගත්තා. සිංහයින් වගේ හිතපු අය පල්ලම් බැස්සා. ජනතා විශ්වාසය බිඳවැටුණා. හත්පළේ ගාගත්තා.
100ක් විතර ඒවි.. දැන් තොප්පි කාරයින්, කොටින් එන්නේ නෑ. ඔවුන්ට වුවමනා කෙනා එළෙව්වනේ...
චීනයේ තියන් ආන්මෙන් පන්නයේ විසඳුමක් දෙන්න. නැතුව මේ ත්‍රස්තවාදය විසඳන්න බෑ...!
ඒ දණ්ඩෙන් එගොඩ වෙලානේ තියෙන්නේ. දැන් ඒක කඩලා දාන්න...
ගුණමකුවන්නේ ලංකාවේ ඉන්නේ...!
මේ විකාර නවත්තලා රට වෙනුවෙන් වැඩ කරපල්ලා. අපරාදෙ නුඹලාගේ අනාගතය, ශක්තිය. නිකන් කාලෙ කා නොදා වැඩක් කරන්න හිතන්න...!
එන්න කන්න බොන්න තියේවි මිතුරේ... හැබැයි බුරියානි නම් නෙමෙයි ප්‍රියේ...//
සියලුම අරගල මඳකට නතර කොට සියල්ලෝම එක්ව රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට උත්සාහ කරමු...!
බළල් අත, ආයි පුච්චාගෙන 14 පොලේම ගාගන්න වගේ ලෑස්ති වෙන්නේ...
මේ අයට ඕන රට විනාශ වෙනවා දකින්න. එදා ආණ්ඩුව ගුටිකෑවා වගේ මෙදා සාමාන්‍ය ජනතාවගෙන් ඔබලා ඇති වෙන්න කනවා...
ගහන්න පුළුවන් හැම එකක්ම ගහලා පන්නන්න ඕනෑ. කියන්න දේවල් බොහොමයි. ඉන් ටිකක් නීතිය දන්න නීතිවේදීන්ද සිටියදී එදා කටුනායක ගුවන්තොටුපලට ඇතුළු වූූ සියලුම වාහන රස්තියාදුකාරයින්, ගංජාකාරයින්, කුඩුකාරයින් හා දේශපාලන හෙංචයියන් සහ ආධාර කරුවන් විසින් පරීක්ෂා කිරීම, ජනාධිපති මන්දිරයේ රහස්‍යභාවය හා ජාත්‍යන්තර ඔත්තු සේවාවන් සහ ඒවා නොදැනගත යුතු ජනයා මෙන්ම ත්‍රස්තවාදීන් අතට පත්කිරීම, අරගලයේ නාමයෙන් හොරකම් කිරීම ආදි දේවල් සිදුවුණා. ඒකනිසා ගහන්න තියන මගුල් හැම එකක්ම හෝ ගසා විසුරුවා හැරිය යුතුයි. මොකද අධිකාරිලත් නිලධාරියෙකුට පොලිස්, යුද, ගුවන් හෝ නාවික බලය පවරන නිලධාරියෙකුට හැර වෙනත් කිසිඳු පුද්ගලයෙකුට කිසිම කිසි පුද්ගලයෙකුගේ වාහනයක් හෝ පුද්ගලයෙකුු සිය අභිමතය පරිදි ගංජාකාරයින්ට, කුඩුකාරයින්ට, දූෂිතයින්ට දේශපාලන අත්උදව්කරුවන්ට කිසිඳු අයිතියක් නැත. කොටින්ම කියනවා නම් නීතිඥයෙකුටවත් වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ වාහනයක් පරීක්ෂා කිරීමට නියෝග ලබාදීමට හෝ එය සිදුකිරීම හෝ් අණකළ නොහැක. ඒකනිසා එන සේරටම ගහන්න තියන හැම දේකින්ම ගසා පැන්නිය යුතුමයි... එච්චරයි කතාව.!
ත්‍රස්තවාදය නැතිකරපු අය එළෙව්වේ ඊලඟ සටනට... දැන් ලෑස්තිවෙයි තණකොළ කපාගන්න ගෙනාපු කඩුත් ඔබේපැත්තටම හැරේවි... එදාවෙනකන් කරපුවාට ...
යන්තම් රට ස්ථාවර වීගෙන ආවා.. මොවුන් ආයෙත් ඒක කන්න හදනවා...
අරගල වලට එදා තිබුණු ප්‍රතිචාර සහ දැන් තියෙන ප්‍රතිචාර ඉහත කොමෙන්ට් වලින් පේනවා. ඒනිසා දැන් ඔය අරගල වලින් වැඩක් වෙන එකක් නැහැ...
ඒක එන එකාට විරුද්ධව අරගල කරලා එයාව පන්නලා කාවද ගේන්න කියන්නේ...? මොකක්ද වැඩ පිළිවෙල. එහෙම දෙයක් නෑ. NGO සල්ලිවලට නැටවෙන රූකඩ නොවී රටට වැඩදායක මිනිස්සු වෙන්න. තවත් රට විනාශ නොකර..!
මේක දැන් මල කරදරයක් වේගෙන එන්නේ... මෙයාලා ඉල්ලන්නේ වැඩක් පලක් නොකර පිනට කන්න දෙන්න කියලයි. නරකද හොඳ කෑමක් දුන්නොත් චීනේ ටියන්මාන් චතුරශ්‍රයේදී දුන්නා වගේ. මේවාට උඩගෙඩි දෙන තානාපතිලාවත් රටින් පිටුවහල් කරන්න ඕන. ප්‍රේමදාස ජනාධිපති කළා වගේ... මේ අරගලේ කියන එක මෙහෙයවන පක්ෂ තහනම් කරන්න ඕනෑ. ඕස්ට්‍රේලියාවෙන් ඇවිත් අපේ රට අවුල් කරන හාදයාවත් පිටුවහල් කරන්න ඕනෑ. එහෙම නොකර මේ රටට ඉදිරි ගමනක් නෑ...!
අරගලයේ ඉත්තො ටික දැන් කොළඹට ආවට සංවිධායකයින් නැහැ නොවැ... එයාලාට ඕන කාරිය දැන් කෙරිලා ඉවරයි. බොරුවට ඇවිත් කෑ ගහලා යන්න පුළුවන්. තමුන්ගේ වටිනා කාලය කා නොදමා අනාගත වැඩක් බලාගන්න.
දූෂිත පාලකයින්ට ගැලවීමක් නැත.
ගංජාකාරයින්ට, කුඩ්ඩන්ට මරු....
උඩ අදහස් ලියලා තියෙන අයටනම් දැන් සැප ඇති... නැතිනම් බයියෝ වෙන්නැති. ඒකයි අරගලයට විරුද්ධව ලියලා තියෙන්නේ...!
අපි එනකන් බලන් ඉන්න ගංජා කාරයින් ටික ගහලා එළවන්න රටේ ජනතාව අපි විරුද්ධ පීචන් අරගලවලට.
දූෂිතයින් රැළක් ඉන්න කොට ඔවුන් එළවන්නේ නැතිව කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒක ගෙවීගිය අවුරුදු 25 පුරාවටම අපි දෙනෙතින් දැක්කා. දුක වින්දා දැන් ඇති...
දැන් ඒ සැරේ මොන එහෙකටද අරගල කරන්නේ...? ජනතාව එදා අරගලයට සහයෝගය දුන්නේ ඉන්ධන, ගෑස්, ප්‍රශ්නවලට ගෝඨාභය විසඳුමක් දුන්නේ නැති නිසයි... හැබැයි දැන් ඒ ප්‍රශ්න විසඳිලා..