
(යොහාන් භාසුර)
ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු නීති විරෝධිව රැගෙනආ රුපියල් කෝටියක් පමණ වටිනා සිගරැට් තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
සිගරැට් කාටුන් 810 ක තොගය ඉතා සූක්ෂ්ම ලෙස ඔවුන්ගේ ගමන් මළු තුළ සඟවා ගෙන පැමිණ තිබූ බවත් මෙම පුද්ගලයින් කොළඹ මාලිගාවත්ත, මොරටුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම සැකකරුවන් සිය ගමන් මළු තුළ පුද්ගලික භාණ්ඩ අඩංගු බවට රේගුවට හඟවා ගුවන් තොටුපල රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කළ බවත් මෙම සිගරැට් තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර සිගරැට් තොගය රාජසන්තක කර සැකකරුවන්ට දඩ නියම කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරමින් සිටින බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබපැතුම්... ඔබසැමටම තව ශක්තිය ලැබේවා..
පුරුද්ද නිසා බය නැතිව ඔය දේ කරනවා කිසිම බියක් නැතිවම..! ඔය සිගරට් ඇල්ලූ රේගු නිලධාරීන්ව ඇගයීමකට පත්කළ යුතුයි...! එසේම සිගරට් රාජසන්තක කළා සේම නියම කළ දඩයද දැමිය යුතුය!