දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ආසන්නයේ අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ආසන්නයේ සිදු අනතුරක් හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දෙසට දිවන තීරුවේ දැඩි වාහන තදබදයක් ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි. 07 February 2022
හොරණ ගුරෙක් හිතවතුන්ගේ කෝටි 3කට විදලා සිත්ගන්නා සුළු පොලියක් ආයෝජනය කරන මුදල්වලට ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ බව කියන හොරණ රජයේ පාසලක ගුරුවරයකු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි අ හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි 07 February 2022
ශ්‍රී ලංකා - ඉන්දීය විදේශ ඇමැති හමුවක් තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා නවදිල්ලියේ පිහිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද හමු විය. 07 February 2022
කොරෝනා මරණ 26ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 February 2022
එතෙර රැකියාවට යන සුව සේවකයන් පුහුණුවට නව ආයතනයක් විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් හෙද සහ සෞඛ්‍ය සත්කාර සේවා පුහුණුව සඳහා මාලබේ ප්‍රදේශයේ නව හෙද පුහුණු අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. 07 February 2022
පක්ෂ නායක රැස්වීමේ මුල් පුටු තුනක් හිස් පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කෙරෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට කතානායකවරයාද අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුද සහභාගී නොවූහ. 07 February 2022
’’විසඳුම් දෙන තෙක් වැඩ කරන්නේ නෑ’’ සෞඛ්‍ය ක්ෂේත්රයේ හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්හි වැටුප් හා දීමනා විෂමතා ඉවත්කිරීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 07 February 2022
හිටපු ඇමැති අරුන්දිකගේ පුතා ඇතුලු නවයකට ඇප රාගම වෛද්‍ය පීඨයට අයුතු ලෙස ඇතුලු වී එහි වෛද්‍ය ශිෂ්‍යයන්ට පහරදුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඇරන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුලූ සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදා හරන ලෙස වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද (07) නියෝග කර ඇත. 07 February 2022
‘වාසනාව උරගා බලන්න මැතිවරණයක් පවත්වන්න‘ රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී යමින් පවතින බැවින් වහාම මැතිවරණයක් පවත්වා ජනමතය උරගා බලන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (07) පැවසීය. 07 February 2022
කොරෝනා තිබුණත් පාර්ලිමේන්තුව දිගටම කොවිඩ් ව්‍යාප්තියක් පැවතියද පාර්ලිමේන්තුව මේ සතියේ දින හතරම ( අද සිට ලබන 11 වැනිදා සිකුරාදා දක්වා) රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (7) තීරණය කළේය. 07 February 2022
පස් කන්දකට යටවී තුනක් මරුට:දෙකක් රෝහලට වත්තේගම මඩවල මඩිගේ ප්‍රදේශයේ දී පස් කන්දකට යටවූ පස් දෙනකුගෙන් තිදෙනකු මියගොස් ඇති අතර දෙදෙනකු බේරාගෙන ඇතැයි පොලිසිය කියයි. 07 February 2022
‘සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමන්නේ නෑ‘ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ඉන්ධන මිල ඉහළ නොදමන බවත් බොරතෙල් මිල ඉහළ යෑමෙන් සංස්ථාවට වන පාඩුව හැකිතාක්කල් දරාගන්නා බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවසීය. 07 February 2022
‘සෞඛ්‍ය වැඩවර්ජනය ජාතික අපරාධයකටත් එහා ගිය එකක්‘ සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වැඩවර්ජන ජාතික අපරාධයකටත් එහා ගිය එකක් බවත් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා සංවිධානාත්මක කටයුතු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (7) පැවසීය. 07 February 2022
2020 දී කෝටි 12,200ක ප්ලාස්ටික් ගෙන්වලා මෙරටට ප්ලාස්ටික් ගෙන්වීම සඳහා 2020 වසරේ දී පමණක් රුපියල් කෝටි 12,200කට අධික මුදලක් (ඩොලර් මිලියන 611.53ක් පමණ) වැයකර ඇතැයි එක්සත් ජාතින්ගේ දත්ත පද්ධතියක් මඟින් කරුණු හෙළිදරව් කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 February 2022
යුගදනවි සලකා බැලීම කල් තියයි කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 10, 15, 20 සහ 21 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කළේය. 07 February 2022
නාගරි මන්ත්‍රිට කුණු බිත්තර ගැසූ මන්ත්‍රි තාත්තාට - දුවට ඇප කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට මිරිස් කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන සහ නාගරික මන්ත්රීනී සුරේඛා අබේගුණවර්ධන යන දෙදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (07) නියෝග කළේය. 07 February 2022
මහින්දානන්ද - හරීන් විවාදය අද රතු ඉරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහාන්දානන්ද අලුත්ගමගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වන ආන්දෝලනාත්මක දේශපාලන සංවාදය ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ අද රාත්‍රී 10.00 සිට විකාශනය කෙරේ. 07 February 2022
සිමෙන්ති හිඟයෙන් පාලම් 9800 ක් කොට උඩ ව්‍යාපාරික ප්‍රජාව නිර්මාණය කර තිබෙන සිමෙන්ති ‘මාෆියාව’ නිසා රට තුළ පවතින දැඩි සිමෙන්ති හිඟය හේතුවෙන් පාලම් 9800 ක ඉදිකිරීම් ප්‍රමාද වී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය. 07 February 2022
කොළඔ තරු හෝටල්වලට ගෝන මස් සැපයූ දෙකක් මාට්ටු තෙල්දෙණිය රංගල අධි රක්ෂිතයට ඇතුළු වී ගෝනුන්,මුවන් සහ මොණරුන් මරා ඔවුන්ගේ මස් කොළඹ සුපිරි හෝටල්වලට සැපයූ දෙහිවල ප්‍රදේශයේ දෙදෙනකු උණ්ඩ 27ක් සමග අත්අඩංගුවට ගත් බව රංගල පොලිසිය කියයි. 07 February 2022
‘වගකීමෙන් වැඩ කරන්න‘ කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කරන ලෙස තමා මහත් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ යැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය . 07 February 2022
කෝප් , කෝපා කමිටු හෙට බලගැන්වෙයි අහෝසිවී ගොස් ඇති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැසක් ඉදිරි දින දෙක ඇතුළත පිහිටුවීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 07 February 2022
ඉන්දියාව කට්ට නැතුව එන්නත් දෙයි ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ඉන්දියාව නිපදවූ පළමු ඩී.එන්.ඒ. වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත, බිහාර් ප්‍රාන්තයේ පැට්නා නුවර වැසියන්ට ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත. 07 February 2022
උතුරු කොරියාව මුදල් සොරකමක උතුරු කොරියානු පරිගණක දත්ත සොරුන් (හැකර්වරු) මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර, එම මුදල් උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇති බවට තොරතුරු තමන් සතුව පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 07 February 2022
පාර්ලිමේන්තුව කල් දමනවාද නැද්ද තීරණය අද කොවිඩ් තත්වය හමුවේ පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතය. 07 February 2022
‘පරිප්පුවා‘පනී:ගෝලයෝ මාට්ටු සංවිධානාත්මක අපරාධ කරුවකු වන ’’වැල්ලම්පිටියේ අමල් නොහොත් පරිප්පුවා’’ නැමැත්තාගේ ගෝලයන් සිව්දෙනෙකු තියුණු ආයුධ සමඟ කැලණිතිස්ස වේරගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 07 February 2022
ලොවපුරා යන ඔමික්‍රොන් රැල්ලේ අලුත්ම තත්ත්වය සති කීපයක් තුළ ගෝලීය කොරෝනා මරණ ප්‍රතිශතය සීඝ්රයෙන් වැඩි වී ඇතැයි කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇතැයි අනාවණය කරයි. 07 February 2022
හිජාස් හිස්බුල්ලාට ඇප ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (07) නියම කළේය. 07 February 2022
වාලමිපුරි දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට අලෙවි කිරීම සදහා සුදානම් කර තිබු වාලමිපුරි දෙකක් සමග සැකකරුවෙක් විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ භට කණ්ඩායමක් මගින් මුතුර්, තාරික් පාර, නෙයිදල් නගර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකායේ පවසයි . 07 February 2022
’’පාර්ලිමේන්තුව කල් දාන්න එපා’’ කොරෝනා තත්ත්වය පැවතිය ද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරෙම පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය . 07 February 2022
පළාත් කීපයකට වැසි වාර කීපයක් උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026