රැඳවියෝ තුනක් උසස් පෙළට පෙනී සිටිති වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් තිදෙනකු අද (07 ) ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. 07 February 2022
මියන්මාරයෙන් සහල් ටෝන් ලක්ෂයක් ආනයනය කරයි වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මියන්මාරයෙන් සුදු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත . 07 February 2022
රජය වියදම් තව අඩු කරයි මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත . 07 February 2022
කුඩු ඇද්ද සිද්ධියට ගිලන් රථ සහයක් අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන පානදුර සලිදු’’ නැමැත්තා ගේ මත්කුඩු කේතුමතී කාන්තා රෝහලට අයත් ගිලන් රථයකින් ප්‍රවාහනය සිදුකිරීම සම්බන්ධයෙන් එම රෝහලේ ගිලන්රථ සහායකයකු ද අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 07 February 2022
හර්ෂණ රාජකරුණාටත් කොවිඩ් සමඟි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී තිබේ. 07 February 2022
අයි.ඕ.සී. ඉන්ධන මිල ඉහළ දමයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) සමාගම අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ. 06 February 2022
කොරෝනා මරණ 23ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 February 2022
ජලයට පොලු තැබූ මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුව කැබිනට්ටුවට ජල බිල්පත් නොගෙවා පැහැර හැර සිටින හිටපු මැති ඇමතිවරුන් සහ දැනට සිටින මැති ඇමැතිවරුන් පිළිබඳව කැබිනට් මණ්ඩලයට ලබන සතියේ දැනුම් දෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 06 February 2022
ලලිත් එල්ලාවලටත් කොරෝනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 06 February 2022
රෝහල්වල හෙට සිට අඛණ්ඩ වර්ජනයක් අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව හෙට (7) පෙරවරු 7.00 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය. 06 February 2022
පක්ෂ නායක රැස්වීමක් හෙට කොවිඩ් තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (7) සදුදා පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශයේ වැඩබලන අධ්යක්ෂ එච්.ඊ ජනකාන්ත සිල්වා මහතා පැවැසීය. 06 February 2022
දින හතරකදී සංචාරකයන් 11,535 ක් එති මෙම මස පළමු දින හතර තුළ පමණක් සංචාරකයින් 11,535 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 06 February 2022
මිපිලිමානේ අවදානම් බෝට්ටු සවාරිවලට දැඩි අවවාද නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයේ පිහිටි කන්දේ ඇළ ජලාශයේ අනාරක්ෂිත ලෙස සහ අවදානම් ලෙස සංචාරකයන් රැගෙන යන හබල් බොට්ටුකරුවන්ට දැඩි ලෙස අවවාද කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා සහ නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක අංශයේ නිලධාරින් අද (06) දින කටයුතු කරනු ලැබුහ. 06 February 2022
සතොසෙන් නව සහන මල්ලක් ලංකා සතොසෙන් රුපියල් 998 කට අත්‍යවශ්‍ය භාණ්ඩ පහක් ඇතුළත් නව සහන මල්ලක් හදුන්වා දුන්නේය. 06 February 2022
යුද අභ්‍යාසයේදී නාවික සෙබලාට වෙඩි වැදී රෝහලේ හොරොව්පතාන කපුගොල්ලෑව දුටුවැව සහ කපුගොල්ලෑව අතර කැලෑවේදී යුද අභ්‍යාසයක නිරතවෙමින් සිටි නාවික හමුදා සෙබළකුට අද උදැසන අත්වැරදීමකින් වෙඩි වැදීමකින් බරපතල තුවාල ලබා කපුගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවු බව කපුගොල්ලෑව පොලිසිය කියයි. 06 February 2022
‘ඉල්ලුම අනුව විදුලි කප්පාදුව තීරණය කරනවා‘ දිනක විදුලි ඉල්ලුම මොගාවොට් 2750 ඉක්මවුවහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 06 February 2022
අමාත්‍යංශයට කුලියට ගත් ගොඩනැඟිල්ලට කෝටි දෙකක් වැඩිපුර ගෙවලා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී ගොඩනැගිලි හිමිකරුට වැඩිපුර මුදල් ගෙවීම නිසා රජයට රුපියල් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 06 February 2022
සැඟවූ රන් සෙවූ 6ක් අත්අඩංගුවට එල්.ටි.ටි.ඊ සංවිධාන විසින් සඟවා තිබෙන රත්තරන් සෙවීම සඳහා භූගත වස්තූන් නිරීක්ෂණය කරන ස්කෑනර් යන්ත්‍රයකින් පරීක්ෂා කරමින් සිටි පුද්ගලයින් 6ක් කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය කියයි. 06 February 2022
නිවසේ නවතා තිබූ පැජරෝව උස්සලා පස්යාලේ නිවසක නවතා තිබූ රුපියල් කෝටි පහක් පමණ වටිනා පැජරෝ ජීප් රථයක් අද (06) පාන්දර සොරා ගෙන ගොස් ඇති බව පැමිණිල්ලක් ලැබී ඇතැයි නිට්ටඹුව පොලීසිය පවසයි. 06 February 2022
අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2000 ක් වරායේ හිරවෙයි ඩොලර් නිදහස් කිරීමේ ගැටලුව හේතුවෙන් සහල් කන්ටේනර් 500 ක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2000 කට ආසන්න සංඛ්‍යාවක් වාරාය තුළ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. 06 February 2022
වටුකුරුළු කතාවට සමාන කතාවක් ජාඇළින් රැනෙන් මිදී වෙළෙක වැටී සිටියදී අල්ලා කුඩුවක දමා සිරකර සිටි ගිරා පැටවකු ගිරා රංචුවක් පැමිණ කූඩුවේ දැල් ඈත් කර නිදහස් කර ගෙන යාමේ පුවත් මෙරට නිදහස් දිනය දා ජාඇළ බටගමින් වාර්තා වෙයි. 06 February 2022
යෝගට් එකටත් ඩොලරය හරස් වෙයි ආනයනික අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ඉදිරියේදී යෝගට් එකක මිල රුපියල් 55 ක් හෝ 60 ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා කිරි ආහාර නිෂ්පාදන සංගමයේ උප සභාපති මංජුල නිශාන්ත මහතා පැවසීය. 06 February 2022
භාරතීය ගීත කෝකිලාවිය දිවි ගමනට සමු දෙයි භාරත ගීත කෝකිලාවිය යන ආදර ගෞරව නාමයෙන් හැඳින්වෙන ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වූවාය. 06 February 2022
බවුසරයෙන් ආ මරුවා පියා - දියණිය ඩැහැ ගනියි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් අස්ගිරිය - වල්පොල මාර්ගයේදී සිදුව ඇති රිය අනතුරකින් වයස අවුරුදු 6 ක දියණිය සහ 41 හැවිරිදි පියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්පහ රථවාහන අංශය සදහන් කරයි. 06 February 2022
දෙපිරිසක ගැටුමෙන් අයෙක් මරුට දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පසු තියුණු ආයුධයකින් ඇන තරුණයෙකු ඝාතනය කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. 06 February 2022
අද සිට කාලගුණයේ වෙනසක් පැවති වියළි කාලගුණ තත්වයේ වෙනසක් සමඟ අද (6) රාත්‍රී කාලයේ සිට පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 February 2022
මොරොක්කෝවේ රයන් ලොවක් හඬවා සමු ගනියි මොරොක්කෝවේ උතුරු පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි මීටර් 32 ක් ගැඹුරු නළ ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් දරුවා වළට වැටී පැය 100කට පසු මීට සුළු මොහොතකට පෙර ගොඩගත් අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට සහන කණ්ඩායම්වලට නොහැකි විය. 06 February 2022
පාස්කු විමර්ශන ගැන ඇමැති නිශාන්තගෙන් දොස් පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසං කළැයි කියන චෝදනාවට,එම ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකල පිරිස් අපේ රජයත් මේ අය ආරක්ෂා කරනවා දැයි රජය නියෝජනය කරන ඇමතිවරයකු හැටියට වගේම කතෝලිකයකු හැටියටත් යම් සැකයක් තිබේනවා යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි. 06 February 2022
පොහොට්ටුව ජනතාව අතරට යයි රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත . 05 February 2022
විදේශ ඇමැති හෙට ඉන්දියාවට බරපතල අර්බුදයකට මුහුණ දී ඇති මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හෙට (06)පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය . 05 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026