විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදුලිය අඩු පරිභෝජනයක් තිබූ ඊයේ (3) රාත්‍රී විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධයෙන් වාහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 04 February 2022
මුළු රටෙන්ම ඩෙංගු රෝගීන් 8805 ක් ඩෙංගු රෝගීන් 8205 දෙනකු මුළු දිවයිනෙන්ම මේ වසරේ මේ දක්වා ( අද 4 වැනිදා තෙක්) වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු පාලන ඒකකය පවසයි. 04 February 2022
දියර කිරි කුඩා පැකට් හැටියට වෙළෙඳපොළට දියර කිරි කුඩා පැකට් වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවධානය යොමුවී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පැවසීය. 04 February 2022
අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවක් මුලතිව්වලදී ජාතික නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද (04) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හි විරෝධතාවක නිරත වූහ. 04 February 2022
කාදිනල්තුමන් සී.සී.ඩි යට යයි බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත් බෝම්බයත් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ දින 90 ක රැඳවුම් නියෝග යටතේ සිටින එම දේවස්ථානයේ සන්ක්‍රිස්ටියන් මුනීන්ද්‍රන් නැමැති අයගේ සුවදුක් බැලීම සදහා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා අද (4) කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ සිටියහ. 04 February 2022
ඩී.එන්.ඒ. එන්නත භාවිතයට සැරැසෙයි ’සයිකොව්-ඩි’ නම් ලොව ප්‍රථම ඩී.එන්.ඒ කෝවිඩ් මර්දන එන්නත භාවිතා කිරීමට ඉන්දියාව සුදානමින් සිටී. 04 February 2022
මුදුණ කඩදාසි කන්ටේනර් 8ක් ඩොලර් නැතුව වරායේ හිරවෙලා රජයේ පොත් පත් සහ ලියකියවිලි මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විදේශයෙන් ගෙන්වූ මුද්‍රණ කඩදාසි ( white printing papers) අඩංගු කන්ටේනර් අටක් ඩොලර් නොලැබීම නිසා කොළඹ වරායේ කාලයක් තිස්සේ සිරවී තිබෙන බව වාර්තා වේ. 04 February 2022
රණවිරුවන්ට විද්‍යුත් යතුරුපැදි 50 ක් යුද්ධයේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට රුපියල් කෝටියක් වටිනා විද්‍යුත් යතුරුපැදි 50 ක් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ප්රදානය කළේය. 04 February 2022
නිදහසට නාවාට නිදහසට කරුණු කියයි ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ඖෂධ නොමැතිව අන්ත අසරණ වී සිටින අවස්ථාවක ආණ්ඩුව රුපියල් කෝටිගනනක් වියදම් කොට නිදහස සැමරිමට විරෝධය පළ පළකරමින් සමගි ජන බලවේගය මෙවර නිදහස් උත්සවය වර්ජනය කළ බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. 04 February 2022
අයිස්ලන්ත නව තානාපති අක්තපත්‍ර පිළිගන්වමින්... ශ්‍රී ලංකාවේ නව අයිස්ලන්ත තානාපතිවරයා ලෙස එරට රජය විසින් පත්කරනු ලැබූ ගුඕනි බ්රැගසොන් මහතා ජනාධිපති මන්දිරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දා (1) සිය අක්තපත්‍ර පිළිගැන්වූ අවස්ථාව. 04 February 2022
පාසල් විභාග සඳහා නව මාර්ගෝපදේශ නිකුත් වෙයි පාසල් විභාග පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගෝපදේශ සංග්‍රහයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 04 February 2022
ජාතික රෝහලේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් 75 ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 75ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. 04 February 2022
සැක සහිත මළ සිරුරක් පයාගල මුහුදු වෙරලේ වම් වැලිමිට සහ පපුවේ තැලීම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (04) උදෑසන හමුවූ බව පයාගල පොලිසිය පවසයි. 04 February 2022
නිදහස වෙනුවෙන් සර්ව ආගමික වතාවත් 74 වන ජාතික නිදහස් දින උලෙළ නිමිත්තෙන් සර්ව ආගමික වතාවන් නාරාහේන්පිට අභයාරාමයේදී හා පොල්හේන්ගොඩ ශ්‍රී හෘදයේ දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විණි. 04 February 2022
ඕමානයේ අතරමං වූ කාන්තාවන් 16 ක් නැවත ගෙන්වයි සංචාරක වීසා යොදාගනිමින් ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටියදී විවිධ දුෂ්කරතාවලට පත්ව සිටි කාන්තාවන් පිරිසක් යළි දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 04 February 2022
ඩොලර් හිගයෙන් ආහාර බහාලුම් 1500 වරායේ හිරවෙයි ඩොලර් හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 1,500 ක් පමණ තවමත් වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙලදුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 04 February 2022
‘වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන කතාකිරීම සුදුසු නෑ‘ ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 04 February 2022
දවසේ කාලගුණය නුවරඑළිය, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 February 2022
නිදහස් උළෙලට සජිත් නෑ මෙරට 74 වැනි ජාතික නිදහස් උළෙල සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ නැත. 04 February 2022
74 වැනි ජාතික නිදහස් උළෙල ඇරඹෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්ස භූමියට සම්ප්‍රාප්තවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මීට සුළු මොහොතකට පෙර ඉති අභිමානවත් අයුරින් ආරම්භ විය. 04 February 2022
‘‘යළ කන්නයට පොහොර නිසි කලට දෙන්න‘‘ යළ කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදීම ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නැයි ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. 04 February 2022
74 වන නිදහස් සැමරුම අභිමානවත්ව ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අද (4)ට යෙදී ඇත. මෙවර නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත් ලෙස කොළඹ 07, නිදහස් චතුරස්රයේදී අද (4) පෙරවරු 7.30 සිට පැවැත්වේ. 04 February 2022
කේතුමතී රියැදුරා තව අයකු රඳවා ප්‍රශ්න කරන්න අවසර පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාල පැමිණිලිකාර ගිලන් රථ රියදුරු සහ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් ගිලන් රථ රියදුරු සහ එක් සැකකරුවකු දින 7 ක් රඳවා ප්‍රශ්න කිරීමට පානදුර වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් රුද්‍රිගු මහතා අද නියෝග කළේය. 03 February 2022
‘‘ගෑස් පිපිරීම - විදුලිය කැපීම දෙකම කුමන්ත්‍රණ‘‘ ගැස් පිපිරීම් සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් ඇතැයි තමා කී ආකාරයටම විදුලිය සම්බන්ධයෙන් ද කුමන්ත්‍රණයක් ඇති බව තමන්ගේ විශ්වාසය බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (03) නිකවැරටියේ දී පැවසීය. 03 February 2022
පානදුර රෝහල ඉදිරිපිට වෙඩිතැබීම: ගිලන්රථ රියැදුරු අත්අඩංගුවට පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාල පැමිණිලිකාර ගිලන් රථ රියදුරා අද (03) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි. 03 February 2022
නිදහස වෙනුවෙන් යුද හමුදාවේ 8514 කට උසස්වීම් 74 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාවේ 8514 දෙනෙකු ට උසස්වීම් ලබා දී ඇති බව හමුදාව පවසයි. 03 February 2022
සෙල්ෆි ගන්න ගිය ප්‍රංශ යුවළ කෝච්චියෙන් වැටිලා උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර 31 බිංගෙය ආසන්නයේදී අද 03 විදේශ යුවලක් දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා දියතලාව මේ මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි. 03 February 2022
අයි.එස්. නායකයා මරා දැමේ අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරාෂියාල් කුරේෂි මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. 03 February 2022
හබරණදී පොටෝ ගහන්න ගිහින් වල් අලියා පහරදීලා හබරණ රක්ෂිතය මැද පිහිටි දේවාලය අසල සිටි අලියෙකුගේ ඡායාරූප ගැනීමට ගිය යුක්ක්‍රේනියන් ජාතික යුවලක් ආ බව කියන මෝටර් රථයට ඒම අලියා විශාල වශයෙන් පහරදී අලාභ හානි සිදු කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 03 February 2022
දුම්රිය සේවක 7000 ක හිඟයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 7,000 ක පමණ හිඟයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල සමාලෝචනයක් වසර අටකින් කර නොමැති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 03 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026