
(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල අද (23) සිට වහාම අඩු කළ බව ලංකා සතොස උසස් නිලධාරියකු පැවසීය.
ඒ අනුව පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 21 කින් අඩු කරමින් රුපියල් 194 ක් දක්වා ද, පරිප්පු කිලෝවක් රුපියල් 25 කින් අඩු කර රුපියල් 460 ක් දක්වා ද, හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 25 කින් අඩු කර රුපියල් 1,375 ක් දක්වා ද, ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 2 කින් අඩු කර රුපියල් 198 ක් දක්වා ද, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 2 කින් අඩුකර රුපියල් 310 ක් දක්වා ද, මිල පහත දැමූ බව නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතොස අත්‍යවශ්‍ය ආහාර 5ක මිල පහළට
ගමේ එකාලා Tuesday, 23 August 2022 03:24 PM
මාර අඩුකිරීමක්නේ? ගණන් දැක්කම දත්මිටි කන්ඩයි හිතෙන්නේ ?
Lonnie ramba Tuesday, 23 August 2022 04:28 PM
ඔය කියන එකබඩුවක් වත් මෙහෙ සතොසෙ නං නැත
Saiman marawanagoda Tuesday, 23 August 2022 04:31 PM
මේ ලොකෙ බඩුවක් තොසෙ නෑ අස් තොසේ වේලෙනව
පුරවැසියා.... Tuesday, 23 August 2022 05:31 PM
මිල වැඩි කරනවිට සිය ගණනින්. අඩු කිරීම සොච්චමකින්.
සංතෝසේ Tuesday, 23 August 2022 06:50 PM
කියන්නා කෙසේ කීවත් සතොසේ බඩු නැහැ කියලා සියලු ලක්වාසීන් දන්නවා