(විමුක්ති එස් රුද්‍රිගු)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කර දමන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
එසේම ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නෝනාට වියානා සම්මුතිය ගැන වගේ වගක් නැද්ද? මේ රටේ කටයුතු සිද්ධ වෙන්න ඕන මෙයාට ඕන විදිහට ද?
අපේ ප්රජාතන්ත්රවාදය ගැන කියවනවා ඉරිසියාවට..! රුසියාවට ප්රජාතන්ත්රවාදය ගැන මුමුනනවා,!
ආර්.ප්‍රේමදාස ජනපති තුමන් විසින් 1989 දී ලංකාවේ එංගලන්ත තානාපති ඩේවිඩ් ග්ලැස්ටන් ව නැවත එංගලන්තයට පිටත්කර යැව්වෙ. මේ වගේ රටේ අභ්හ්යන්තර කටයුතුවලට ප්‍රකාශ නිකුත් කිරීම් අනවශ්‍යය අතපෙවීම නිසාය. එවක කොටි සංවිධානය විසින් මෙරට අහිංසක ස්වාමීන් වහන්සේලා , ජනතාව බුරුතුපිටින් මරා දැමුනි. ඒවාට හෙලාදැකීම්, ප්‍රකාශ නැත. මානව හිමිකම් ආයතනයට ප්‍රභාකරන්ව කැදවූවේද නැත. රටේ නූතන ප්‍රධානීන් ද මේවා සිහියට ගැනීම වටී.
තමන්ගේ වැඩක් බලා ගත්තොත් නරකද නෝනා?
ඔබතුමිය නිවැරැදියි.. කරුණාකර අපව රනිල් රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ රෙජීමයෙන් බේරාගන්න.. අපට අවශ්‍ය ප්‍රජාතාන්ත්‍රික රාමුවක නිදහසේ ජීවත් වෙන්න.
මෙයා ලංකාවට ආපු දවසෙ සිටම අපේ රටට ප්‍රශ්න. මෙහෙම නිදහස් ස්වාධීන රටකට විදෙස් ඇඟිලි ගැසීම් හොඳ නැහැ.
අපි අසරනයි ඔබලා මෙයට එරෙහිව පියවර ගන්න
නීතිය රටේ සැමට සාධාරණ අයුරින් හා පොදු ලෙස ක්‍රියාත්මක විය යුත්තේය.එහෙත්,පොහොට්ටුවට සම්බන්ධ බලවතුන්ට හා ඔවුන්ගේ හෙංචයියන් හට එසේ නොවනුයේ මන්දැයි සිතා බැලිය යුත්තේ ය.
විරුද්ද පක්ෂයක් මේ රටේ බලයට පත් වූ විට සෑම විටම උපකල්පනය කරන්නේ රටේ මිනිසුන් වහලුන් බවත් පාලකයාට කැමති දෙයක් කළ හැකි බවත්ය. ඔවුන්අ විසින්ර ගලය පවා වෙනස් කිරීමට පටන් ගත්තේය.
ඉස්සරවෙලා තමන්ගෙ රටේ කලුමිනිසුන්ට පොලිසියෙන් නිකරුනේ වෙඩි තියන එක නවත්තගෙන එන්න අපිට බණ කියන්න කලින්.