IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර්ට වරෙන්තු

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූවායැයි කියන සිද්ධියේ සැකකරුවෙකු වන විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර්  වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා අද (23) වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (23) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර පැතුම් කර්නල් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් විය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයි ද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන්නේය.

 



අදහස් (14)

විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර්ට වරෙන්තු

නිමේෂ් Tuesday, 23 August 2022 12:08 PM

අපි මේ රටේ ජනතාව විදිහට බලාගෙන ඉන්නේ , දැන් මේ රටේ ඉන්න හැම මන්නුසයම දුක්විදින්න හේතුව වන "ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් " කරපු උදවියට විරුද්දව නඩු දානකන් , නමුත් එහෙම නඩුවක් තියා , තවම ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක් වත් මේ කපටි දේශපාලන අමබරුවෝ විසින් තවම තිබ්බේ නැහැ . .මොකද එහෙම තිබ්බොත් උන් හැමෝගේම හොර අහුවෙන හින්දා.

:       54       116

samank Tuesday, 23 August 2022 01:00 PM

හැම දේම ඉවසගෙන නිදාගෙන හිටපු ලංකාවේ මිනිස්සු නැගිට්ටේ මේ අරගලය නිසා. තාම පාර්ලිමේන්තුවේ ඉන්න මෝඩ පහේ සත්ත්වයන් හිතාගෙන ඉන්නේ මේක කවුරුහරි පක්ෂයක් මෙහෙයවපු එකක් කියල. තමන්ට චන්දෙ දීපු උන්ම තමයි මේ නැගිට්ටෙ කියල හිතාගන්න තරම්වත් මොලයක් නෑ. අරක්කු කාලට බත් පැකට් එකට රුපියල් පන්දාහට මේ ලෝකෙට ජාතක වෙන්න ඉන්න දරුවන්ගේ අනාගතය පවා උගස් කරපු වහල්ලුන්ගේ කාලේ දැන් ඉවරයි දැන්. ටික ටික සුපුරුදු වහල්ලු නැගිට්ටට අනිත් මිනිස්සුත් අවදියෙන් ඉන්නේ. ජනතා බලයෙන් පත් වුන උන් දැන් ජනවරමක් නැති උන් බවට පත් වෙලා. අවසාන කාලය ගත කරන්න දැන්. ඊළඟට එන මැතිවරණයෙන් ඔබලා ගෙදර යවන්න මිනිස්සු ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්නේ. බේබද්දන්ගේ කසිප්පුකාරයන්ගේ රස්සා ගත්ත උන්ගේ චන්ද ටික විතරයි ඊළඟ පාර. ගෙදර ගැනිවත් චන්දෙ දෙන එකක් නැති වෙයි.

:       61       92

සෙනවි Tuesday, 23 August 2022 01:27 PM

වෛද්‍ය කර්නර් විශේෂඥ වෛද්‍යවරයකු නොවන බව සලකන්න.ඔහු කාලයක් නාවික හමුදාවට බැඳී සිට එබින් ඉවත්වූ MB,BS උපාධි ලත් කෙනෙකි.

:       8       40

විපරමා Tuesday, 23 August 2022 01:36 PM

රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත දේසපාලුවන්ට නීතිය ක්‍රියාත්මක වෙන බවක් අහලකවත් නැහැ. ,ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත දුර්දාන්ත පාලනය වෙනුවෙන්,ජනතාවට දරාගන්ඩ බැරි පීඩනය නිසයි අරගල කෙරුවේ. ජනතාවගේ චන්දෙන් බලයට ඇවිත් ,ජනතාව දුක් වින්දින්ඩ ඕනේද. සවුබාග්‍යයේ දැක්ම හරියට පෙන්නුවානම් ඔහොම වෙන එකක් නැහැ.

:       16       23

රනිත් Tuesday, 23 August 2022 01:55 PM

අරගලයෙන් වුණේ ගහින් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්. ආර්ථිකය තව තවත් යටට ගියා. 1977 ඉදලා අර්බුදයක උච්චතම අවස්ථාව ආවා. හැමදාම ණයට අරගෙන කෑවා බඩ ගැන හිතුවා මිස රටේ අනාගතය ගැන මිනිස්සු හිතුවේ නැහැ. මිනිස්සුත් මේ අර්බුදයේ කොටස්කරුවෝ මොලයක් නැහැ ජන්දේ දෙන්නේ සහනාධාර වලට. දොස්තරලාට තියෙන්නනේ පර්මිට් වැඩි පඩි ප්‍රශ්න මිස වෙන දෙයක් නොවෙයි. මොලයක් නැතුව හෝ තම දේශපාලනය වෙනුවෙන් අරගල කරපු මේ වගේ අයට නිසි දඩුවම් දෙන්න අරගලයට සමබ්න්ධ සියලු දෙනාම ගැන හොයන්න

:       72       165

senaTuesday, 23 August 2022 02:15 PM

මනුස්සයෝ කුලියට ඔච්චර කහින්න එපා. අරගලය නැතිනම් මෙලහකට මිනිස්සු මැරිලා.

:       64       34

GonaTuesday, 23 August 2022 06:12 PM

අරගලයෙන් මොනාද ලැබුණේ. සුද්දෝ ටික එන එක නැවතිලා ඒ ඩොලර් ටිකක් නැති වුණු ඒක. එදා වෙිල හම්බ කරන මිනිහාට ඒවා කර ගන්න බැරිවුණු එක. දැන් බඩු මිල අඩු වුණාද. තවත් වැඩි වුණු එක විතරයිත. හැබැයි උඹලා වගේ එවුන් ඩොලරි හම්බ කරගන්න ඇති. ඒවයින් කන්න එපා සාප වෙයි.

:       21       96

RanithTuesday, 23 August 2022 06:16 PM

දැන් සැපට කාලා ඉන්නවාද?

:       1       30

ShammiTuesday, 23 August 2022 02:17 PM

ඔයා රනිත් නෙවෙයි, රනිල් නේද?

:       47       20

danishTuesday, 23 August 2022 03:38 PM

ඔබ වැනි මොලේ කලඳක්වත් නැති උන්ගෙන් තමයි මුලින්ම රට බේරගන්න ඕනි. තමංගෙ හම්පඩ අදහස් මේ වගේ තැනක නෙවෙයි ප්‍රසිද්ධියේ කිව්වනම් තමයි වඩා හොඳ. එතකොට අහල පහල ඉන්න මොලයක් ඇති උං තමන්ට මොලයක් නැති බව පෙන්නල දෙයි.

:       55       19

වරුණTuesday, 23 August 2022 06:14 PM

උඹලා වගේ අනිත් එවුන්ගේ මත ඉවසන්න බැරි මී හරක් තමයි අරගල කලේ. ඉස්සෙල්ලා අනිත් එවුන්ට ඇහුම්කන් දියන් අනිත් මතවලට ගරු කරන්න ඉගෙන ගනින්.

:       12       67

සලීම් Tuesday, 23 August 2022 02:52 PM

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් පීඩාවට පත් ජනතාවට පිහිට වීමට ඉදිරිපත් වූ මෙම විශ්වවිද්‍යාල සිසුන් රඳවා තබා රජය විශාලම වරදක් කර ඇත. ඔවුන්ගේ ක්‍රියාව සාමකාමී වූ අතර පොලිසියෙන් ඔවුන්ට පහර දෙන ආකාරය අපි දුටුවෙමු. තමන්ට මේ රට පාලනය කරන්න ජනවරමක් නැති බව දන්නා නායකයා, දැන් ඉන්න තැනට එන්න ජනතා කැමැත්ත නියෝජනය නොකරන අපේ ඊනියා ව්‍යවස්ථාව පාවිච්චි කළා. මෙය පාර්ලිමේන්තුවේ සිටින 134 තක්කඩියන් විසින් ජනාදිපතිට කිසිදා එළියට ඒමට නොහැකි අගාධයකට තල්ලු කරනු ඇත.

:       63       27

Santhu Tuesday, 23 August 2022 04:41 PM

වෛද්‍යවරු මෙහෙම වැඩ කරයිද. සමහර විට රැකියාවත් අහිමි උන කෙනෙක් වෙන්නැති.

:       16       52

Bamunuarachchi Thursday, 25 August 2022 08:12 AM

පින් අධ්‍යාපනයට වැරදුණු තැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 251 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 343 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 845 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 479 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2533 6

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 626 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1279 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1537 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site