වාරියපොළ ගින්නකින් කොහු කර්මාන්ත ශාලාවක් අළු වාරියපොළ කොහු කර්මාන්ත ශාලාවක අද (03) සවස ඇතිවූ ගින්නකින් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත. 03 February 2022
ශ්‍රී ලංකාවේ ‘කුරුඳු’ යුරෝපයේ භූගෝලීය දර්ශකයක් වෙයි ශ්‍රී ලංකාවේ කුරුඳු භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමයේ ලියාපදිංචි කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 03 February 2022
තවත් කොරෝනා මරණ 23 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 February 2022
ලෝක රූ රැජින වුණොත් මුදලින් සියයට 20 ක් ලංකාවේ දිළිදු ජනතාවට බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික රූ රැජින කිරුළ 2022 සදහා හිමි කර ගත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක් සදහා අද (3) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය . 03 February 2022
පාර්ලිමේන්තුවෙන් ආසාදිතයෝ තවත් 14 ක් කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයන් තවත් 14 දෙනකු අද (3) හඳුනාගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 03 February 2022
පාස්කු ප්‍රහාරය: සාධාරණයක් ඉටුවේදැයි බලාපොරොත්තු අල්පයි වර්තමානයේ රට තුළ පවතින ක්‍රමවේදය අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සාධාරණයක් ඉටුවේද යන්න ගැන තැබිය හැකි බලාපොරොත්ත අල්ප යැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 03 February 2022
’’අයවැයෙන් වැඩ ලක්ෂයක්’’ අද අරඹයි අයවැයෙන් වැඩ ලක්ෂයක් නැමැති දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහන අද (3) පෙරවරු 8.52 කට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 03 February 2022
වෛද්‍ය පීඨයේ සිද්ධියට තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරය තුළ දී ඉකුත් දා සිදු වු සිද්ධියේ දී පහර කෑමට ලක්ව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තෙවන වසරේ සිසුවාට (සැකකාර සිසුවාට) පහර දීම සම්බන්ධයෙන් සිසුන් සිව්දෙනකු අද (3) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි. 03 February 2022
‘ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ විවෘත කරයි ‘ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ විවෘත කළේය. 03 February 2022
නිදහස් සැමරුමට පොලිසියෙන් පැළ දස ලක්ෂයක් 74 වැනි නිදහස් සැමරුම් උළෙලට සමගාමීව දිවයින පුරා පැළ දස ලක්ෂයක් සිටුවීමේ මූලික අදියර පෙරේදා (2) දා පෙරවරු 8.30 ට කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඥවීදීය පොලිස් ස්ථානයේදී පැවැත්විණි. 03 February 2022
යකඩ යකා කළුතරදී පීලි පනියි දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් අද දහවල් පීලිපැනීමෙන් එක් මංතීරුවක දුම්රිය ධාවනය ඇණහිට තිබේ. 03 February 2022
74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස 74 වන ජාතික නිදහස් දිනයට නිමිත්තෙන් හෙට (4) දින සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගර මුලස්ථානය පවසයි. 03 February 2022
ජාතික පද්ධතියට මෙගාවොට් 340 ක් අහිමි වෙයි කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනක් අක්‍රීය වීම නිසා මෙගාවොට් 280 ක් සහ වරායේ පිහිටි දැවිතෙල් බලාගාරයක් අක්‍රීය වීම මොගාවොට් 60 ක් අහිමිවීමෙන් අද (3) පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි අත්හිටුවීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පැවසීය. 03 February 2022
විදුලි කප්පාදුවකට ඉල්ලීමක් නෑ ලංකා විදුලිබල මණ්ඩලය අද (3) දිනයේ විදුලි කප්පාදු කිරීම සඳහා ඉල්ලීමක් කර නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 03 February 2022
ආර්ථික නිදහස අහුරා සමරන නිදහසේ අරුත කිම? නිදහස් දිනය යනු අභිමානයෙන් සැමරිය යුතු දිනයක් වන නමුත් ආර්ථික අර්බුදයක මෙන්ම ඉන්ධන හා විදුලි අර්බුදයක රට හිරවී සිටින මේ මොහොතේ ගුවන් සංදර්ශන පවත්වමින් ජනතාවගේ මුදල් නාස්ති කිරීම අනුමත කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 03 February 2022
අරුන්දිකගේ පුත් ඇතුළු 6 ක් රිමාන්ඩ් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අරවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් හය දෙනා අද (03) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා නියෝග කළේය. 03 February 2022
‘කරපු වැඩ පෙන්නා අපි අඬ බෙර ගහන්නේ නෑ‘ පසුගිය ආණ්ඩුව මෙන් රජය කරපු වැඩ පෙන්වා අඬ බෙර ගසමින් ගමන් නොකරන බවත් රජයට වැඩ කිරීමට තව කාලය තිබෙන බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 03 February 2022
විශේෂ භාණ්ඩ සේවා බදු පනතට එරෙහි පෙත්සම විභාගය අවසන් විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනු කරන ලද පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) අවසන් කරනු ලැබීය. 03 February 2022
අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් අද( 03) ඉල්ලා අස්විය. 03 February 2022
ඒ 9 මාර්ගය වසා ධීවරයෝ විරෝධතාවක ඉන්දීය ධීවර ගැටළුවට කඩිනමින් විසදුම් ඉල්ලා උතුරේ ධීවරයින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට යාපනය නුවර ප්‍රධාන මාර්ගය වසා අද (03) විරෝධතාවයක නිරත වූහ. 03 February 2022
නාගානන්ද ගොනුකළ රිට් පෙත්සම විසිවෙයි අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරනු ලැබ ඇති ’’විභාග කාලසටහන’’ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද (03) ප්‍රතික්ෂේප කරනු ලැබීය. 03 February 2022
ඔමික්‍රෝන් ගැන ඇහැ ගහගෙන දේශපාලන වැඩ කරන්න එජාප උද්ඝෝෂණ, විරෝධතා සහ දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදී දිනෙන් දින උග්‍ර වන ඔමික්‍රෝන් වෛරසය පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කර ක්‍රියා කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් දෙනු ලැබීය. 03 February 2022
විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳුදා කොවිඩ් තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන සදුදා (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශයේ වැඩබලන අධ්යක්ෂ එච්.ඊ ජනකාන්ත සිල්වා මහතා පැවැසීය. 03 February 2022
කාදිනල්තුමෝ දැඩි තීරණයක මෙවර නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීමට සහ සෑම වසරකම බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි තමන් විසින් පවත්වන නිදහස් දින දේව මෙහෙය නොපැවැත්වීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ තීරණය කර ඇත. 03 February 2022
සැමියා ඝාතනය කළැයි බිරිය අත්අඩංගුවට හොරණ මල් බෙරිගම නිවසක් තුළදී අඹු සැමියන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිද සැමියාගේ ගෙල සිරකර නිදි යහන මත ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය කියයි. 03 February 2022
චාමිකට - කමිඳුට කොවිඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන චාමික කරුණාරත්න සහ කමිඳු මෙන්ඩිස් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 03 February 2022
පාඨලීට එරෙහි අධිචෝදනා කීයවීමට දින නියම කරයි රාජගිරියේදී තරුණයකු අනතුරට ලක් කළ බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි අධිචෝදනා කියවා දීම සඳහා නඩුව ලබන ජූනි 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධීකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියම කළේය. 03 February 2022
වසරකදී හමුවන පිළිකා රෝගි දරුවන් ගණන ඉහළට මෙරට වසරකදී වාර්තාවන පිළිකා රෝගී දරුවන් සංඛ්‍යාව 750ක් දක්වා ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 03 February 2022
යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කරයි කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 08, සහ 10 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළේය. 03 February 2022
රන්ජන්ගේ නිදහස ගැන සජිත් දැඩි විශ්වාසයක නිදහස් දිනයේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(03) පැවසීය. 03 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026