(ප්‍රසංග සිලවා)
රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.
බේකරි නිෂ්පාදනය සදහා අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වු පිටි, සීනි, මාගරින් හා බිත්තර මිල විශාල වශයෙන් අඩු වී ඇති නිසා එම වාසිය බේකරි හිමියන්ට ලබා දෙන්නේ නම් පාන් මිල අඩු කළ හැකි බවයි.
ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වෙළඳපොළ තුළ බේකරි නිශ්පාදන අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසූ ජයවර්ධන මහතා පාන්පිටි මාෆියාවක්ද රට තුළ ක්‍රියාත්මක බව සදහන් කලහ.
රුපියල් 200 කට ලබා දිය හැකි පාන්පිටි සදහා මාෆියාව හේතුවෙන් රුපියල්280 කට බේකරි හිමියන්ට ලබා ගැනීමට සිදුව ඇතැයි ද සදහන් කළේය.
බිත්තර වල මිලද ඉතා අසාධාරණ ලෙස වැඩිවී ඇති බවත්, බිත්තරවලට රජය පාලන මිලක් පැනවුවද අද වනතුරුත් පාලන මිලට බිත්තර වෙළඳ පොළෙහි නැති බවද ඔහු පැවසීය.
රජය හා බලධාරීන් ගේ සහය ලැබේ නම් රුපියල් 190/= වැනි අධික මිලක් ඇති ගෑම් 400 ක පාන් රාත්තල රුපියල් 50/= කින්ද රුපියල් 100/ වැනි මිලකට අලෙවි වන බනිස් ගෙඩියක් රුපියල් 25/= කින්ද එසේම අනෙකුත් බේකරි නිශ්පාදන මිල සැලකියයුතු ප්‍රමාණයකින් ද අඩු කල හැකි බව ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියහ.
රජය මැදිහත් වී මෙම ගැටළුවට සහයක් ලබා නොදුන්නොත් බිස්කට් කන්න එපා යැයි රටේ ජනමතයක් හැදුනා සේ බේකරි නිශ්පාදන මිලදී ගන්න එපා යැයි රටතුළ ජනමතයක් ඇති විය හැකි බවද ඒ මහතා අවධාරණය කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රජය මැදිහත් වුවහොත් බේකරි නිෂ්පාදන අඩු කළ හැකියි
යෝගා Monday, 22 August 2022 03:14 PM
රජය මැදිහත් වෙන්න අවශ්‍ය නෑ. ඉල්ලුම හා සැපයුම අනුව ඔයගොල්ලන්ට මිල අඩු කරන්න වෙයි
පුරවැසියා...... Monday, 22 August 2022 03:52 PM
ජයවර්ධන මහත්තයා, පාන් ගෙඩියක මිල ඉහළ දමා ඇතත් ග්‍රෑම් 450 ක බරින් තිබේදැයි සොයා බලා තිබේද?
Indika Monday, 22 August 2022 04:11 PM
රජය අඩුකරන්න දෙයක් නෑ. අපි දැන් ඔය මිලට ඕවා කන්නේ නැහැ. ඒක නිසා ඔයාලාම හදලා කාපල්ලා... අපි දැන් එහෙමයි...