IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා මැතිසබයේදී

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා  (24) උදේ 10:30 ට පැවැත්වේ.

සියලුම පක්ෂ නායකයන්ට මේ බව දැනුම්දී  ඇතැයි  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

විදුලි බිල සියයට 75කින්  වැඩි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන 29 වැනිදා සඳුදා පැවැත්වීමට දැනටමත් තීරණය කර ඇත.

එම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.

මීට අමතරව ඉදිරි මාස හතරේ වියදම් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අයවැය විසර්ජන පනත් කෙටුම්පත ( අතුරු අයවැය) පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය මේ මස 30,31, ලබන මස 1 වැනිදා සහ 2 වෙනිදා පැවැත්වෙනු ඇත.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉකුත් 9වෙනිදා ඉදිරිපත් කරනු ලැබීය.



අදහස් (0)

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා මැතිසබයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site