(සුජිත් හේවාජුලිගේ)
අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර "ගෝඨාගෝගම" අරගල භූමියට රුපියල් ලක්ෂ 49ක පාඩුවක් සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු තක්සේරු වාර්තාවේ දැක්වෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
එම භූමිය නැවත සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක්ද තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හතළිස් හත හමාරක මුදලක්ද වැය වන බව එම අධිකාරියේ තක්සේරු වාර්තාවේ සඳහන් වේ.
මේ අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගෝල්ෆේස් පිටිය ප්‍රදේශයට සිදුවී ඇති හානියට අදාල වන්දි අරගල කරුවන් ගෙන් අය කරගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස්දී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී සිය ධූරයෙන් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරගලකරුවෝ පිරිසක් කොළඹ ගාලුමුවදොර ප්‍රදේශයේ මාස තුනකට අධික කාලයක් අනවසරයෙන් රැඳී සිටියහ.
රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අරගල කරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණය දැනුම් දුන්නේය.
ඒ අනුව ඔවුහු එම ස්ථානයෙන් ඉවත් වූහ.
අරගලකරුවන් රැඳී සිටි භූමි ප්‍රදේශය කොළඹ නගර සභා බල ප්‍රදේශයට අයත් වන අතර නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින්ද ප්‍රකාශයට පත් කරනු ලැබූවකි.
නාගරික සංවර්ධන ප්‍රදේශයට යම් සංවර්ධන කටයුත්තක් හෝ තාවකාලික ඉදිකිරීමක් කරන්නේ නම් 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය අධිකාරි සංශෝධන පනතේ 8(ඒ) 1 වගන්තිය ප්‍රකාරව ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු වෙයි.
අරගලකරුවන් එම භූමියේ අනවසර ඉදිකිරීම් රැසක් කර තිබීම හේතුවෙන් පොදු මහජනතාවට නිදහසේ එම ප්‍රදේශය භාවිතා කිරීමට තිබූ අයිතියටද බාධා සිදු වූ බව පවසන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට බලය පැවරී ඇති බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැමිල් ඩයස්පෝරාවේ නිමලේන්ද්‍රන් උන්නැහේ කියන්නේ සල්ලි පොම්ප කරපු හැටි අරගලේට... ඒ එකවුන්ට් වලින් අයකර ගන්නා අපේ මහජන මුදල් ගන්න එපා...!
බලලෝබි ,බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ කරපු මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් රට්ට සිදු කළ පාඩුව,විනාශය මෙතෙක් යයි කිව නොහැක. සවුබාග්‍යයේ දැක්ම පෙන්වන්ඩ ඇවිත් කෙරුවේ ජනතාව මහපාරට ඇදලාදාපු එක. ජනතාවගේ කතිරෙන් බලයට ඇවිත් රටම කාබාසීනියා කෙරුවා .ජනතාවට දැරිය නොහැකි පීඩනය නිසයි අරගල කෙරුවේ?
ලක්ෂ 49 ක් කියන්නේ පාඩුවක් නෙවෙයි.., පොහොට්ටුවෝ මාටියා ගහපු දේවල් මැනලා බැලුවොත් නිමාකරන්න බැරිතරම් ගණන් අලාභහානි මතුවෙයි නේද?
ඇරගලය ගෝල් ෆේස් විතරයි අල්ලගෙන හිටියෙ. රටම අල්ලගෙන හිටපු නන්දසේන රටට කරපු හානිය ගනන් බලන්ඩ තාම බැරිවෙලානෙ
රාජපස්සලාව බල්ලා මාක් එකට දාපු එකම ලක්ෂ 49ට වඩා වටිනවනේ….
කිසිවෙකුත් නොදැක්ක ඩොලර් මිලියන ගණනකින් වන්දි ගෙවපු චීන අසූචි නැවට ගෙවපු මහජන මුදල් අයකර ගන්නේ කාගෙන්ද?
සීනි හොරකමේ මගෙනුත් හැදුවා නම් මේ ගමන්ම....
ඔව්... අරගලයෙන් ලක්ෂ 49ක පාඩුව වගේම අලුත් නිලධාරින් හැටියට ඔබලා සහ ජනපති පත්වුණේ අරගලය නිසා. කන්න දුන්නු අත හපා නොකා කටවහගෙන ඉන්න...!
දැන් එදාමෙදා තුර ඡායාරූපවලින් කොටස් කොටස් අල්ලන්න පටන් ගනියි. ගියඅය සල්ලි සූදානම් කරන් ඉන්න වන්දි ගෙවන්න.
රටට නම් ලොකු වාසියක් වුනා මයිනයි ගොඨයි ඇරලා , 134 අදිපතිත් ලඟදිම කනවා , බලාගෙන ඉන්න
අරගලයේ ඉපැයීම් රුපියල් බිලියන 49කට වැඩියි. අරගලය නැත්නම් කීයෙන් කීදෙනෙක් ඉන්ධන පෝලිම් වල, ගෑස් පෝලිම් වල කාලය නාස්ති කරනවාද? කරුණාකර එහි ඉතිරි කිරීම් ගණනය කරන්න.