(රංජන් කස්තුරි)

රටපුරා සියලුම විශ්ව විද්‍යාල සැප්තැම්බර් මස අවසානයට පෙර ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

විශ්ව විද්‍යල අධ්‍යයන කටයුතු සඳහා යළි විශ්ව විද්‍යාල විවෘත කළද කිසියම් ශිෂ්‍යයෙකුට අවශ්‍ය නම් තව දුරටත් මාර්ගගන ක්‍රමය ඔස්සේද දේශනවලට සහභාගී වීමට හැකි බවද මහාචාර්ය අමරතුංග මහතා කීය.

ඒ අනුව රටපුරා සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු මුහුණට මුහුණලා සහ අන්තර්ජාලය ඔස්සේ යන ක්‍රම දෙකෙන්ම සැප්තැම්බර් මාසයේ සිට පැවැතුවෙන් බවද ඔහු පැවසීය.

ඇතැම් විශ්ව විද්‍යාලවල මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන අතර තවත් විශ්ව විද්‍යාල කීපයක විභාග පැවැත්වෙන බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කීය.