
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත්වුණු නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ මහජන දිනයට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයකු වූ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද සහභාගී වීම විශේෂත්වයකි.
නුගේගොඩ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලුවක් නානායක්කාර මහතා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට එහිදී ඉදිරිපත් කළේය.
වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගැටළුව විනාඩි කිහිපයක් ඇතුළත විසඳා දීමට ප්‍රසන්න රණතුංග මහතා එහිදී පියවර ගත්තේය.
මෙම මහජන දිනයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 21ක සභාපතිවරු අධ්‍යක්ෂ ජනරාල්වරු සහ සාමාන්‍යාධිකාරීවරු සහභාගී වූහ.
මහජන දිනය ආරම්භ කරමින් ප්‍රකාශයක් කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නේ ජනතාව සතිපතා ඉදිරිපත්කරන ගැටලුවලට ඒ සතියෙම විසඳුම් ලබාදී තමාට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
කිසි විටෙකත් ජනතාව රස්තියාදු නොකළ යුතු බව කියා සිටි අමාත්‍යවරයා එම ගැටළු ඊළඟ මහජන දිනයට ඉදිරිපත් නොකිරීමට නිලධාරීන් වග බලා ගත යුතු බවද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ මිනිස්සු දන්නවා රණතුංගලාගේ කෙරුවාවල්... කප්පම් ගන්න හොඳ අවස්ථාවක්... නිවාස ඇමැතිකම..?
වාසුදේව කියන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ 1970 සිටම සිටින මංත්‍රී කෙනෙක් .දැනට ඔහුට ඇමති තනතුරක් නැහැ එනිසා ඔහු වැඩ කරන්න ඕන ඔහු පාර්ලිමේන්තුවට යැවූ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් .මොහුට චන්දය දුන් රත්නපුර ජනතාව අමතක වෙලා