IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


වැඩිමිලට සහල් වික්ක අපු‘ර අටකට 8,80,000ක් දඩ

(උපාලි ආනන්ද)

රජයේ පාලන මිළට වඩා වැඩි මිළට සහල් අළෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ වෙළෙදසැල් හිමියන් අට දෙනකුට  රුපියල් අට ලක්ෂ අසූ දහසක දඩයක් ගෙවන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය සහ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළහ.

ඒ අනුව මෙම සැකකාර වෙළෙදසල් හිමියන් අට දෙනා අතරින් පස් දෙනකුට වෙන් වෙන් වශයෙන් මුදලින් රුපියල් ලක්ෂය බැගින් ද එක් වෙළෙදසල් හිමියකුට මුදලින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක් වශයෙන් ද තවත් වෙළෙදසල් හිමියකුට මුදලින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වශයෙන්ද මෙම අට ලක්ෂ අසූ දහසක දඩ මුදල නියම විය.

අනුරාධපුර නව පුත්තලම් පාර දෙවන පියවර මානනඩු ග්‍රොසරි ඇන්ඩ් ෆාම් ෂොප් හී කළමනාකරු එම්. වික්‍රමපාල,අනුරාධපුර ජයන්ති මාවත හේමමාලි ටේ‍රිඩර්ස්හී කළමනාකරු ඩී ජී විජිත, අනුරාධපුර ගුවන් තොටුපල පාර  ලක්සර ස්ටෝර්ස්හී කළමනාකරු එස් සුගතපාල, සාලියපුර දුම්රිය පොල ඉදිරිපිට ඉඳුවර ස්ටෝර්ස්හී කළමනාකරු ජී. ඩබ්. පී. පී. සමන්මලී, පරසන්ගස්වැව රත්මලේ හංදිය රාජා ස්ටොර්ස්හී කළමනාකරු ජේ ජයසේන, අනුරාධපුර දහයියාගම හංදිය ෆුඩ් මාර්කට් හී කළමනාකරු එස් ඊ ලාලන චරින්ද කුමාර, යකල්ල මෙගොඩවැව කපුවත්ත රසිදූ සුපර්හී කළමනාකරු පී උපාලි පියරත්න සහ ශ්‍රාවස්තිපුර ටෙස්ට්කෝ ලංකා රයිස් මිල්ස්හී කළමනාකරු සදාස් මොහොමඩ් සිරාස් යන අයවලුන්ටය

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී. ඒ5. සී. පී. පෙරේරා සහ විමර්ශන නිලධාරීි සමන් අබේසිංහ යන මහත්වරු  සැකකාර වෙළෙසල් හිමියන් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට සහ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් කළහ.

 



අදහස් (0)

වැඩිමිලට සහල් වික්ක අපු‘ර අටකට 8,80,000ක් දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site