ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕස්ට්‍රේලියාවට යයි ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව විස්ස20 තරග පහකින් සමන්විත තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම අද (3) අළුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. 03 February 2022
හොරෙන් ඉතාලි යන්න ගිය තරුණයා අත්අඩංගුවට කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය දෝහා නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 03 February 2022
මහින්ද අමරවීරටත් කොරෝනා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 03 February 2022
දිස්ත්‍රික්ක තුනකට මඳ වැසි රත්නපුර,, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 February 2022
සපුගස්කන්දේ වැඩ අරැඹෙයි නැවත වැඩ ආරම්භ කල සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීම අරඹා ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 03 February 2022
වෛද්‍ය සිසුන්ට පහරදුන් සිද්ධියට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද (3) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි . 03 February 2022
ඉක්මන් ඡන්දයක් ගැන පොදුජන පෙරමුණ කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂාව හැකි ඉක්මණින් ඡන්දයකට යෑම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 02 February 2022
ජා.ජ.බ එල්ල වූ ප්‍රහාරය ගැන 25ක ගෙන් ප්‍රකාශ ගනී ජාතික ජනබලවේගයේ ගම්පහ දිසා සමුළුවට ගිය එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 25 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිසිය පවසයි. 02 February 2022
කැළණිතිස්ස බලාගාරය යළි අක්‍රීය වෙයි කැළණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එම බලාගාරය අද (2) පස්වරුවේ නැවත අත්හිටුවීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 February 2022
‘‘නීතිය සැමට සමාන විය යුතුයි‘‘ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කළ මූලික මිනිස් අයිතිවාසීකමක් වන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හදීසී නීතිය නොමැතිව සීමා කළ නොහැකියි. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩු පක්ෂයට එක විදියකටත් විපක්ෂයට එක විදියකටත් නොව සැමට සමාන විය යුතුයි. පොලීසිය දේශපාලනය නොව නීතිය පමණක් ක්‍රියාත්මක කළ යුතුයැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණයේදී අද පැවැසීය. 02 February 2022
රාගම වෛද්‍ය සිසුන් පහරදුන් පහක් රිමාන්ඩ් රාගම වෛද්‍ය පීඨයට බලහත්කාරයෙන් ඇතුල් වී එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනෙක් හෙට (3) දක්වා රිමාන්ඞ් භාරයේ තබන්නැයි වැලිසර මහේස්ත්‍රාත් හේශාන් ද මෙල මහතා අද(2) නියෝග කළේය. 02 February 2022
බස් එකට නැග්ග ගොඩහේවාට මගීන්ගෙන් දෝස්මුර බස් රථයකට ගොඩවී මගීන්ගේ සුවදුක් විමසීමට ගිය රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතාට එම මගීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ඉන් බැසයාමට සිදුවිය. 02 February 2022
ඩොලර් මිලියන 500 ගන්න ගිවිසුම් අස්සන් කරයි ඉන්දියාවේ ‘එක්සිම්’ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ලබාගැනීම සඳහා අද (2) පස්වරුවේ ගිවිසුම් අස්සන් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 02 February 2022
සිවු වැනි දිනටත් කොවිඩ් ආසාදිතයන් 1000 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1156 දෙනකු අද (2) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 02 February 2022
ජනවාරියේ සංචාරකයන් 82,327 මෙරටට ජනවාරි මාසය තුළ සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 February 2022
කොවිඩ් මරණ 19 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 February 2022
ලිට්රෝ ලොක්කන්ට එරෙහිව පෙත්සමක් නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය පිපිරී තම බිරිඳ පිලිස්සී මිය යෑම සම්බන්ධයෙන් වගකිවයුතු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අනියම් මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසට බලකරමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට ඉල්ලා සිව් දරු පියෙක් අභියාචනාධිකරණය හමුවේ අද (02) පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 02 February 2022
අරුන්දිකට ඇමැතිධුරය අත හරින්න වෙයිද? රාගම වෛද්‍ය පිඨයේ සිසුන්ට පහරදීමේ සිද්දියට මා සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඇමතිධූරය අත් හරිනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. 02 February 2022
කොළඹ මහ නගර සභා කුණු බිත්තර සිද්ධියේ මන්ත්‍රී තාත්තයි දුවයි රිමාන්ඩ් කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට මිරිස් කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන සහ නාගරික මන්ත්රීනී සුරේඛා අබේගුණවර්ධන යන දෙදෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා අද (02) නියෝග කළේය. 02 February 2022
සුරංග ලක්මාල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිවූවැනි ඉහළතම කඩුලුලාභියා වන දකුණත් වේගය පන්දු සුරංග ලක්මාල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 02 February 2022
හිජාස්ට ඇප දෙනවා ද? නැද්ද? රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරිනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වන නියෝගය ලබන 07 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (02) දැනුම් දුන්නේය. 02 February 2022
’’සුළං විදුලිය නිපදවිය හැකි තැන් සොයන්න’’ රට පුරා නව සුළං විදුලි බලාගාරය ඉදි කළ හැකි ස්ථාන පිළිබඳව වාර්තාවක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය. 02 February 2022
හත සිට හත දක්වා පාසල් නිවාඩු රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් මෙම හත් වැනි දා සිට මාසයක කාලයක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 02 February 2022
වෛද්‍ය සිසුන්ට පහර දුන් හයක් අල්ලයි රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 02 February 2022
එජාප නායක අයි.එම්.එෆ් යමු කියද්දි මැරෙන්න දැඟලුව අය කෝ රටෙි මූල්‍ය අර්බුද විසඳා ගැනීමට වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නැයි එජාප නායකයා පැවසූ විට මරාගෙන මැරෙන්නට හැදූ අය දැන් කියන්නේ මොකක්දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය. 02 February 2022
බිත්තර ප්‍රහාරය ගැන ජා.ජ.බයෙන් අයි.ජී.පී ට පැමිණිල්ලක් ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සමුළුවට කලගෙඩිහේනේ දී ඉකුත් (30) දින එල්ල වු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් එම බලවේගය අද (2) පස්වරුවේ පොලිස් මුලස්ථානයේ දී පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 02 February 2022
කොවීඩ් නිසා බස් කර්මාන්තය දැවැන්ත අර්බුදයක කොවීඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් බස් කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 02 February 2022
බොරැල්ලේ බෝම්බ සිද්ධියට රදවා තබා සිටි 3ක් නිදහස් කෙරේ බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සේවකයන් තිදෙනෙකු නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (02) නියෝග කළාය. 02 February 2022
ආසාදිත ගාඩ්ලාගේ වැඩ ආවරණයට එස්.එම් ලා කැඳවයි දුම්රිය නියාමකයන් පිරිසක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීම නිසා දුම්රිය අවලංගු කිරීමෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ස්ථානාධිපතිවරු දුම්රිය නියාමක සේවාවාර තාවකාලිකව ආවරණය කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අද (2) පැවසීය. 02 February 2022
‘‘වාහන මිල ආයේ අඩු වෙන එකක් නෑ‘‘ රජය කිසියම් දිනක වාහන ආනයනය ආරම්භ කළ ද මේ වන විට ඉහළ ගොස් ඇති වාහන මිල අඩු නොවනු ඇති බවත් වාහන ආනයනය අත්හිටුවීම නිසා වාහන ව්‍යාපාරකයින් දැඩි අර්බුදයකට පත්ව සිටින බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 02 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026