
(අංජුල මහික වීරරත්න සහ උපුල් හේරත්)
තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයකු ලෙස රටේ වගකීම බාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
“දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය” යන වදන සනාථ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අද රටේ බාරකාරත්වයට පත්ව වෙස් වලාගත් ආශිර්වාදයක් සේ රට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බව ද නාහිමියෝ සඳහන් කළහ.
මිහින්තලා පුද බිම වෙත ඊයේ(21) ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් බැහැ දැක සුව දුක් විමසූ අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර .“මිහින්තලා සංදේශය” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ගමන් පන්සල් ගානේ යන්න කවුද දන්නේ නැහැ උපදෙස් දුන්නේ. ඒකටත් උපදේශක වරයෙක් පත්කරලද දන්නෙත් නැහැ.
මගේ අම්මෝ, හය වතාවක් අගමැති වෙලා හිටය බව මේ හාමුදුරුවෝ දන්නේ හෝ දැක්කේ නැද්ද? ගෝටා ජනාධිපති වුන වෙලාවෙත් ඔයවගේ දේවල්ම තමයි, හාමුදුරුවෝ කිව්වේ.. එක්කෝ,අපි මේ රටේ ජීවත්වෙලා නැහැ..නැත්නම් හාමුදුරුවෝ මේ රටේ ජීවත් වෙලා නැහැ,
කලින් හිටපු නායකයෝ ගැනත් ,මහනායක. හිමිවරු ඔහොම තමා කිව්වේ? අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ කෙරුවා..රට ගොඩ දැමීම කෙසේ වෙතත් පොහොට්ටුවෙ ඉන්න දූෂිත දේසපාලුවෝ බලාගෙන ඉන්නේ රනිල් ගේ කරපිටින් ගොඩ යන්නේ කොහොමද කියලා?
ඊට ඉස්සෙල්ලා අහන්නකො අපේ හාමුදුරුවනේ අවුරුදු 50 ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලා රටට මොනවද කලේ කියලා?
ලගදීම දවසක අහන්න ලැබෙයි "මිහින්තලේටත් බෙන්ස් එකක්" කියලා
නරි විතරද කපටි….. දෙන්න දෙන්න ලැබෙනවා පින්වතුනි….
රටේ. නයකයෙක් පන්සලට අවාම වැරදි පෙන්නලා දිලා ජනතාවට සලකන විදිය කියලා දෙන්න. අගමැති වෙලා කිපාරක් හිටියද. මොනවද කෙරුවේ. තමන්ගෙ පක්ශයත් නැති කර ගත්තා. මහින්දගෙ පරම්පරාව රැක ගන්න තමයි මේ කත් අදින්නෙ. එක හොරෙක් අල්ලන්න කියලා අන දුන්නද? අන්තරේ ශිශ්‍යයින් අල්ලන්න විතරයි මෙයා දඟලන්නෙ. පට්ටම නැති වෙන බව දන්න නිසා. හමුදුරුවන් කතා කරනකොට රටට කරපු විනාසය අමතක කරන්න එපා. තියෙනටික හරි පරිස්සම් කර ගන්න ඕන. අගමැති.ජනදිපති වුනා. නමුත් ඡන්දෙකින් නෙමෙ. ජනතවගෙ අකැමැත්තෙන්. මහින්දව, ගෝටාව අරාක්ශා කරලා නම්බු නාම ගන්න ආපු කෙනෙක්. නැතිනම්.ගෝටාගෙ නිවස අරක්ශා කරන්නෙ මොන එහෙකටද? කාටත් හොරෙන් රට පැන්න. රනිල්ට කිසිම හිරිහැරයක් කරන්න තහානම් ජනතාවට. ජනතා ඡන්දෙන් ආවෙ නැහැ.
All the best president
හාමුදුරුවො දන්නවද මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අමරුව
හාමුදුරුවනේ මෙයා රට ගොඩදාන හැටි තව ටික දවසක් යනකොට තේරෙයි. කලබලවෙන්න එපා.
පස්වතාවක් බැරි වුණු එකේ හයවෙනි වතාවේවත් බලමු...