(සුජිත් හේවාජුලිගේ )
ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.
මෙම දේශපාලකයන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල මුළු වටිනාකම රුපියල් කෝටියකට වැඩිය.
ජල බිල මෙසේ ගෙවීම පැහැර හැර සිටින පිරිසට ඇමැතිවරු මන්ත්‍රීවරු සහ හිටපු මැති ඇමැතිවරුද ඇතුළත් වෙති.
මීට අමතරව ජල බිල්පත් ගෙවීම පැහැර හැර මියගොස් සිටින මැති ඇමැතිවරුන් පිරිසක් පිළිබඳවද මණ්ඩලයට තොරතුරු අනාවරණයවී ඇත.
විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විශ්‍රාමික මැති ඇමැතිවරුන්ගේ එම හිඟ මුදල් විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීමේ හැකියාව පිළිබඳවද සොයා බලා ගෙන යන බව මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඔහු කීවේය.
මේ අතර දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති මුදලේ වටිනාකම රුපියල් කෝටි 700 දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වේ.
රට පුරා සිටින සමස්ත ජල පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 28 කි.
මින් පාරිභෝගිකයන් ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය ජල බිල්පත් ගෙවීම( විවිධ ප්‍රමාණවලින්) පැහැර හැර ඇතැයි මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර හැරෙන්න වෙන කපන්න දෙයක් හම්බඋනේම නැද්ද ? කාටද මෙ කට්ට කයිරාටික නරි නාටක ?
අනිවාර්යයෙන්ම අයකර ගත යුතුමයි. දේශපාලකයෝ මොනතරම් ගසාකාලා හම්බකරගන්න ඇත්ද? රටේ නීතිය කාටත් පොදුයි.
වතුර නොවෙයි කපන්න ඕන ඕකුන්ගෙ....................
දේශපාලඥයෝ අනාගන්නව නාගන්නව වැඩියිනෙ. ඒ නිසා ඒ ඇත්තන්ගේ වතුර බිලත් වැඩියි. නමුත් කලට වේලාවට බිල ගෙවා රටට ආදර්ශයක් දිය යුතුයි.
ඇති දැන්වත් මණ්ඩලයේ මොලේ පෑදුණා. සාමාන්‍ය ජනතාව බහුතරයක් කලට වෙලාවට බිල් ගෙවනව. හොඳ ම දේ මාස තුනක් නොගෙවා පැහැර හරින අයගේ ජල සැපයීම කපාහරින්න පියවර ගන්න.
වතුර කපන්න යන අය, කපලා එයිද, නැත්නම් කාලා එයිද කියලා බලමු. අනික, දැනුයි මතක් වෙලා තියෙන්නේ... සාමාන්‍ය අයගේ නම් බලාගෙන ඉඳියි මෙච්චර කාලයක්...!
ජල බිල්පත් ගෙවීම පැහැර හැර මියගොස් සිටින මැති ඇමැතිවරුන්, උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත් කියන කියමනට සරිලන ලෙස ඉපදේවා කියාපතමි...!