(දයාසීලි ලියනගේ)
පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 28 ක මුදල ඉදිරි මාස තුනක කාලය තුළ ගෙවන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට නියම කර ඇත.
පුනර්ජනනීය බලශක්තිය යටතේ සුලං බලාගාර, සුර්ය බලාගාර සහ පෞද්ගලික විදුලි බලාගාරවලින් ලබාගන්නා ලද විදුලිය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය හිඟ තබා තිබූ මුදල් සම්බන්ධයෙන් එම ආයතන මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි කර තිබුණි.
එම පැමිණිලි සලකා බලා ඇති කොමිසම ඉදිරි මාස තුන ඇතුළත දී එම මුදල් ගෙවන ලෙසට නියම කර ඇත.
මේ වන විට විදුලි බිල සියයට 75 කින් වැඩි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ වෘත්තීය සමිති නායකයෝ. නිදිද?
හෙමින් ගෙවුවත් වහාම ගෙව්වත් යන්නේ එයාලගේම සාක්කු වලට කියලා දන්න නිසා තමයි කලබලයක් නැත්තේ....කොමිසමට නොතේරන සත්‍ය.