(ෂේන් සෙනෙවිරත්න)
රට බංකොලොත් කළ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලකයන් නිදැල්ලේ සිටියදී ඒ බංකොලොත්භාවය නිසා තමන්ගෙ ජීවිත විනාශ වීම පිළිබඳව විරෝධය දක්වමින් පාරට බැස්ස ජනතාවට දඬුවම් කිරීම අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහනුවරදී පැවසීය.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ මහනුවර ඩෙවෝන් හෝටලයේදී පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .
වත්මන් ආණ්ඩුවේ අභියෝගය වන්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමයි. ඒ සඳහා මර්දනය නතර කළ යුතුයි. යම් කෙනකු නීතිය ඉක්මවා කටයුතු කරනවා නම් එය වැළැක්වීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැහැ. සැමට එක හා සමානව යුක්ති සහගතව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
මේ රට අගාධයට ගෙන යාමට මුල් වූ රාජපක්ෂවරු නැවත වතාවක් දේශපාලන කරළියට ඇවිත් කටයුතු කරන අයුරු දැනගන්න දැකගන්න ලැබෙනවා. නැවත වතාවක් තමන්ගේ දූෂිත චර්යාවන් කරගෙන යෑමට ඔවුන් උත්සාහ කරමින් සිටිනවා .
ඉදිරියේදී ගොඩනැගීමට නියමිත බහුපාක්ෂික හෝ සර්වපාක්ෂික ආණ්ඩුව දූෂිතයන්ගෙන් හා රාජපක්ෂවරුන්ගෙන් තොරව ගොඩනැගීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරෙනවා. එසේ නොවුණහොත් ඒ පිළිබඳව මූලික විශ්වාසය බිඳ වැටිය හැකියි .
රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ දූෂණ චෝදනාවට ලක් වූ සහ රට බංකොලොත් කිරීමට මැදිහත් වූ දේශපාලනඥයන්ගෙන් නිදහස් වූ රටක් . එසේ නොවුණහොත් රජය මොන ආකාරයක මර්දනයක් ගෙන ගියත් ජනතාව අරගලයට යොමුවීමයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් ආගම ගැන තදින්ම විශ්වාස කරනවා.ඒ කියන්නෙ පින් පව් පලදෙන හැටි.මහජන දේපොල අත්පත් කර ගන්නා දේශපාලන හා දූෂිත රජයේ නිලධාරීන්ට අත්වන ඉරණම මම සියැසින් දැක තියෙනවා.ඒව පලදෙන්න ටිකක් කල්යයි.ඕකුන් එකෙක්වත් අපි තරම් සතුටින් ජීවත් වෙන්නෙ නැහැ.මම ඔය බොහෝ දෙනෙක් ඇසුරැ කරල තියෙනව. වෙන එකකට නොවෙයි,මුන්ගෙ වැඩ ගැන අද්දැකීම් ගන්න. මම මැදිහත් වෙලා අම්බලන්ගොඩ බොහෝ දේ නැවතත් ජනතාවට ආරක්ෂා කරල දීල තියෙනවා.මගේ ඊලග ඉලක්කය අම්බලන්ගොඩ තානායම.ඒක විනාශ කරල කෝට් 1000 කට වැඩි ඉඩම අත්පත් කරගන්න පොහොට්ටුවේ එවුනුයි,අලියි සමහර අපි නොසිතන දේශපාලකයොයි හවුල් වෙලා.ඉතිං මුන් ඔක්කොම දූෂතයි.ඒකයි මම තනියම අරගලයක් කරන්නෙ.පාඨලීගෙ මිනිස්සු ගැනත් මම හොදට දන්නව.විද්‍යා කියල කෙනෙක්.එයත් ඔය නිරෑපමාල වගේ තමයි.මේ කාගෙ මිනිස්සුද.මුං ඔක්කොම එකයි.මම නම් විශ්වාසය තියනනෙ ආගම දහම ගැන විතරමයි.අපි කවුරැත් අපි අපිම ස්වයංව පාලනය විය යුතුයි.ඒක හරිම පහසු දෙයක්.එතකොට වරදින්නෙ නැහැ.අපටත් හොදයි,රටටත් හොදයි.එහෙම නැත්නම් හොරැන්ට ඉතා තද දඩුවම් පැමිණ විය යුතුයි.එහෙම වෙන්නෙ නැහැ හොරැ ගැන කථා කරන්නෙත් හොරැම තමයි.හොරැ අල්ලන්න යන්නෙත් හොරැ..
පාර්ලිමන්ට් එකේ රුපියලක්වත් හොරා නොකාපු බෝධිසත්වයා අනේ පව්. රටේ ජනතාව අදහන්න ඕනේ
රනිල්ගේ සිහිනය සැබෑ වුණ රටට කෙල වුණත් කමක් නෑ.
මිනිස්සු පාරට බැස්ස වෙලාවේ හැංගිලා බලන් ඉදලා දැන් එනවා ''බොරදියේ මාළු බාන්න'' නේද?
අර හප්පපු ළමයට සාධාරණයක් කරන්න. තවත් රට කන්න හදන්නේ නැතුව.
සාන්ත දාන්ත තීන්ත කූඩුවක් මේ කියන්නේ...!