(අංජුල මහික වීරරත්න)
දිවයිනේ දිස්ත්‍රික්ක 8ක සියලුම පුරන් කුඹුරු මහ කන්නයේ වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, හම්බන්තොට, මඩකලපුව, කිළිනොච්චි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සියලුම පුරන් කුඹුරු මෙලෙස වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. මෙම දිස්ත්‍රික්ක 08හි අක්කර 21,200ක් පුරන් කුඹුරු පැවැති අතර ඒවා සියල්ලම ලබන මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය කියයි.
අයිතිකරුවන් විසින් කුඹුරු වගා නොකරන්නේ නම් වගා කළ හැකි පුද්ගලයින්ට ඒවා වසර පහක කාලයකට පවරා නැවත වගා කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි.
ඒ අනුව වගා නොකළ කුඹුරු ඉඩම් ගොවිජන සංවර්ධන පනත යටතේ වගා කිරීම සඳහා වසර පහකට පවරා දීමට කටයුතු කර තිබේ.
බස්නාහිර පළාතේ වගා කිරීමට නොහැකි පුරන් කුඹුරු ඉන්දුනිසියානු වගා ක්‍රමයක් වන සෝජාන් වගා ක්‍රමය ඔස්සේ වගා කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී තිබෙි. සෝජාන් ක්‍රමය යටතේ වගුරු සහිත ඉඩම්වල එළවළු හා පළතුරු වගාව මෙන්ම පාත්ති වටා තිබෙන ගැඹුරු ඇළවල්වල මිරිදිය මත්ස්‍ය වගාව ද සිදු කළ හැකි බව අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු බිංදුවට බස්සයි" කතාව දෝලාවෙන් ගමන තවම පටන්ගෙන නොමැත. ඇමැතිගේ උපදෙස් විතරක් දාලා වැඩේ හරි කියලා ඉන්නවා වගේ... මහ කන්නයේ වගාකරලා ඉවරවුණාට පස්සේ ඒවායේ පින්තුරත් එක්කම මේ වැඩසටහන කොපමණ දුරට සාර්ථක වුණාද කියලා පසුව දමන මෙන් ඉල්ලා සිටිමි. අඩුම තරමේ පින්තුර 16ක් වත් එක්ක...
කරනවා නම් හොදයි. ගොඨාභය මහත්තයත් ජනතාව මුලා කලේ ඔහොම තමයි.
ඔහොම ප්‍රචාරයක් කලකට පෙරත් කලා.එම අවස්ථාවෙ අක්කර දෙකක් පමණ වපසරියකින් යුතු කුඹුරක් හිමියෙක් කලේ මෙහෙම දෙයක් .කුඹුරු වැඩ ආරම්භ කරන කාලයේ ටිකක් පසුවී කුඹුරට බැස්ස අයිතිකරු ලියද්දක පමණ වල්පැල ගැලවීම කලා සතියකට වරුවක් පමණක් වැඩකරල කන්නය පසුවුනාට පසුව අත්හැර දැම්මා දැනට වසර 20 ක පමණම මේ පුද්ගලයා කලේම ඒකමයි මෙය වාසුගේ ආසනයේ කියන්න පුළුවන්
මෙයාලගේ කොයි කෙරුවාවත් කටින් විතරයි. හරියට වෙලාවට අවශ්‍ය පොහොර ටික දෙන්ඩ බැරුවයි ඉන්නේ.
වගා කරන එක නෙවෙයි හපන්කම. ඒවාට පොහොර හා අනෙකුත් දේ සපයන එකයි වැඩේ.
පුරන් කුඹුරු සියල්ලම වගා කිරීම විය යුතුය. මෙය ඉටුවීමක් මෙතෙක් ඉටු වූ බවක් පෙනෙන්නට නැත. මෙම කටයුත්ත ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිටින කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර වරුන්ගේ කාර්ය භාරයක් බවට පත් කිරීමට පියවර ගත යුතුය.