දෙල්කඳට පර්චස් 100 ක මහල් නිවාස සංකීර්ණයක් නුගේගොඩ දෙල්කඳ පිහිටි පර්චස් 100 කින් යුත් ඉඩමක සුඛෝපබෝභී මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා කීය. 01 February 2022
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත විභාගයට විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතෙහි විධිවිධාන මගින් සුරාබදු සම්බන්ධයෙන් මෙතෙක් පැවති ක්‍රමවේදය ඉවත දමා එහි බලතල අමාත්‍යවරයාට ලබාදී ඇතැයි සුරාබදු සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 01 February 2022
ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ රට පුරා ප්‍රදේශ රැසක විදුලි සැපයුම අද (01) පස්වරු 2.00 පමණ සිට විසන්ධි වී ඇති බව වාර්තා වේ. 01 February 2022
දේශපාලකයෝ හතළිහක් ජලයට පොලු තියලා මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හතළිස් දෙනකු පමණ ජලය ලබා ගැනීම වෙනුවෙන් ජාතික ජලසම්පත් හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. 01 February 2022
ඩෙංගු - කොරෝනා රෝගීන්ගෙන් අයි.ඩී.එච් පිරෙයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (අයි ඩී එච් රෝහල) ඇතුළත් කරනු ලැබ සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 150 ක් දක්වා ඉහළ නැග ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය. 01 February 2022
බිත්තර ප්‍රහාරය රජයත් හෙළා දකී ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම රජය දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකින බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසයි. 01 February 2022
සාලමුල්ලේ වෙඩි තැබීමට ආ යතුරුපැදිය කඩුවෙල ඇළක ? කඩුවෙල පහල බෝමිරිය අතුරුගිරිය මාර්ගයේ වෙලේකඩේ හංදිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් අද (1) සොයාගත් බව නවගමුව පොලිසිය කියයි. 01 February 2022
‘ලක්විජය‘ යළි අක්‍රීයයි නොරොච්චෝලේ ‘ලක්විජය’ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය නැවත අක්‍රිය වී ඇතැයි බලාගාර ආරංචිමාර්ග කියයි. 01 February 2022
බොරතෙල් මිලත් ඉහළට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 February 2022
උද්ධමනය තවත් ඉහළට ශ්‍රී ලංකාවේ පසුගිය ජනවාරි මාස භාණ්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය තව දුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. 01 February 2022
ඕනෑම නඩුවක තීන්දුවේ පිටපතක් නොමිලේ ඕනෑම නඩුවක පැමිණිලකරුට සහ චූදිතයාට නඩු වාර්තාවේ ගොනුකර තිබෙන තීන්දුවේ හෝ අවසාන නියෝගයේ සහතික පිටපතක් ගාස්තු රහිතව නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා කීය. 01 February 2022
තට්ටු හතෙන් වැටුණු දරුවාගේ සිරුරේ මත් ද්‍රව්‍ය බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 15 හැවිරිදි පිරිමි දරුවාගේ ශරීරයෙහි මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව බම්බලපිටිය පොලිසිය කියයි. 01 February 2022
තවත් බද්දකට කැබිනට් අනුමැතිය ( 2020/2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000 ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන 25% ක අධිබාර බද්දක් පැනවීමේ නීති ඇතුළත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 01 February 2022
‘වර්ජනය කිරීමේ අයිතිය මර්දනයට අයිතියක් නෑ‘ වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීම අයිතිය මර්දනය කිරීමට රජයට කිසිදු අයිතියක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. 01 February 2022
’’ශිෂ්ට සම්පන්න සමාජයකට බිත්තර ප්‍රහාරය ගැලපෙන්නෙ නෑ’’ ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීමට එල්ලවුණු බිත්තර ප්‍රහාරය ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන ක්‍රියාවක් යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (1) පැවසීය. 01 February 2022
ණයට බොරතෙල් ගන්න කැබිනට් අනුමැතිය සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් බැරල් 450,000ක් දින 180ක ණය පදනම යටතේ සයිප්‍රසයේ, ටෙරා නෙවිස් ගෘෘප් සමාගමෙන් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 01 February 2022
ඒ.එස්.පී වරයකු යටතේ බිත්තර ප්‍රහාරය ගැන පරීක්ෂණ ජාතික ජනබල වේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි 01 February 2022
බිත්තර ප්‍රහාරය ස.ජ.බ හෙලා දකියි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරමින් එල්ල කළ බිත්තර ප්‍රහාරය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය හෙලා දකින බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය සහ සමගි ජනබලවේගයේ උප සභාපති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. 01 February 2022
පළමු වාරයේ පාසල් නිවාඩුව 4 දා සිට 2022 පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් පැවැත්වෙන 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාල සීමාව ආවරණය වන පරිදි එළඹෙන 04 වැනි දින සිට මාර්තු මස 06 වැනිදා තෙක් පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. 01 February 2022
අතුරුදහන් ධීවරයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි මීට දින 5 කට පෙර කිලිනොච්චිය මරදන්කේනි ආඩියාවලෙයි මුහුදු තීරයේ මසුන් අල්ලීමට ගොස් අතුරුදහන්වූ ධීවරයි්න් දෙදෙනාගෙ සිරුරු ගොඩගසා ඇති බවට පොලීසිය පවසයි. 01 February 2022
ඉන්දීය ධිවරයන් 21 මෙරට මුහුදු සීමාවේදී අල්ලයි යාපනය, කන්කසන්තුරය මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 21 දෙනකු සමඟ ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි. 01 February 2022
ලිත් නඩුවෙන් බැසිල් නිදහස් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කිත්සිරි රණවක මහතාට එරෙහි නඩුවෙන් විත්තිකරුවගේ වාචික නොකැඳවාම ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. 01 February 2022
බස් - ටිපර් අනතුරෙන් 12 ක් රෝහලේ හොරණ කොළඹ මාර්ගයේ කුඹුක හන්දියෙන් ඇඟලුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි 01 February 2022
පෞද්ගලික අංශයෙන් මාස 6කට විදුලිය ගන්න ටෙන්ඩර් කැඳවයි විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මාස හයකට විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර ඇත 01 February 2022
ආරක්ෂිත බැම්මකින් පහළට වැටී පුද්ගලයෙක් මරුට හෝමාගම රෝහල අසළ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයක් අතරතුරදී ආරක්ෂිත බැම්මකින් බිමට වැටී පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි . 01 February 2022
වැල්ලම්පිටියේ වෙඩිතැබීමක් වැල්ලම්පිටිය සාලමුල්ල ගමගේ වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 01 February 2022
ඩොලර් හිඟයෙන් මුද්‍රණ කර්මාන්තයත් නවතී ? ඩොලර් හිඟය නිසා කඩදාසි ආනයනය අවම වීමෙන් මුද්‍රණ කර්මාන්තය ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. 01 February 2022
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වරද පිළිගනී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවස්ථා කිහිපයකදී ලන්ඩනයේ අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසේ නිරෝධායන නීති කඩකරමින් සාද පැවැත්වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවිකා සූ ග්‍රේ වාර්තාව පිළිගනිමින් ඊට සමාව ඉල්ලා ඇතැයි විදෙශ් පුවත් වාර්තා කරයි. 01 February 2022
අයිඕසීයෙන් රුපියල්වලට ඩීසල් මිලදී ගනියි ඉන්දියන් ඔයිල් සමාගමෙන් (අයිඕසී) ඩීසල් මෙට්‍රික්ටොන් 15000 ක් රුපියල් ලබාදී මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 01 February 2022
අද දවසෙම වැස්ස නෑ ගාල්ල, මාතර, රත්නපුර අහ කළුතර දිස්ත්‍රික්කවල අද (1) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026