(සුජිත් හේවාජුලිගේ )
අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර හැත්තෑවක් දක්වා වැඩි කිරීමට කටයුතු කරගෙන යන බව දැනගන්නට ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.
මෙය ජනතාව බලාපොරොත්තු වන තත්ත්වයක් නොවේ යැයි පැවසූ මන්ත්‍රීවරයා අමාත්‍යාංශය වැඩිකිරීමෙන් ජනතා විශ්වාසය තහවුරු නොවන බවද සඳහන් කළේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ස්ථාවරය ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් ඇමති ධුර බාර නොගෙන ආණ්ඩුවේ යහපත් කටයුතුවලට සහාය දීම පක්ෂයේ බලාපොරොත්තුව බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය ආණ්ඩුවේ යහපත් කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු හරහාද සහාය ලබා දෙන බව අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සර්ව පාක්ෂික රජයේ ඇමැති ධුර ගැන අලවතුවලගෙන් චෝදනාවක්
Santhu Friday, 19 August 2022 12:26 PM
පිනට ලැබුණා කියලා මෙහෙමත් කරනවාද? වසර 40ක් පස්සට ගිහින් නතර වෙයිද මන්දා...? ටිකට් එක ලැබෙයි මෙයාටත්...
sharm warn Friday, 19 August 2022 02:22 PM
රනිල්ට කඩේගිය සෙට් එකකුත් ඉන්නවනේ... එයාලටත් ඇමැතිකමක් එහෙම ලැබෙයිනේ....?