IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ගෝනුන්ගේ සිරුරු නානුඔයේ පාවෙයි

(රංජිත් රාජපක්ෂ)

හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බව එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටියි.

සතියකට ගෝනුන් දස දෙනෙකු පමණ ජලාශය තුල මිය යන බවයි ධිවරයින් කියා සිටියේ.

අඹේවෙල ප්‍රදේශයේ දඩයම්කරුවන් කිහිප දෙනෙකු විසින් දඩයම් සදහා පුරුදු කර අත්හැර දමා ඇති සුනඛයින් රැසක් හොර්ටන්තැන්න සිට ආහාර සහ ජලය සොයා පැමිණෙන ගෝනුන් සපා කා ජලාශය තුලට පන්නා දමන බවත්, ඉතා ගැඹුරු අඹේවෙල ජලාශයේ එසේ පන්නා දමන ගෝනුන් දියේ ගිලි මියයන බව ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටියි.

කුඩා පැටවාගේ සිට හොදින් වැඩුණු ගෝනුන් රැසකගේ සිරුරු මේ වන විට අඹේවෙල ජලාශය මත නරක් වි පාවෙමින් පවතින බවත්, පවත්නා තත්ත්වය මත එම ජලාශයේ පරිසර විනාශයක්ද සිදු වි ඇති බවයි ධිවරයින් කියා සිටින්නේ.

අඹේවෙල ජලාශයෙන් නිකුත් කරනු ලබන ජලය වැලිමඩ රෙන්දපොල සහ තලවකැලේ ප්‍රදේශයේ පානිය ජලය සහ වගා කටයුතු සදහා භාවිතා කරන බවත්,මේ පිලිබදව වනජිවි නිලධාරින් දැනුවත් කර තිබුණද ඒ සදහා මෙතෙක් එම නිලධාරින් කිසිදු පියවරක් ගෙන නොමැති බව අඹේවෙල ජලාශයේ ධිවර රැකියා වල නිරතව සිටින ධිවරයින් පවසයි.

පවත්නා තත්ත්වය මත ජලාශයේ දැඩි දුගන්ධයක් හමන බවත්, ගෝනුන් දඩයම් කර මරා දමන සුනඛයින් අල්ලා වෙනත් ප්‍රදේශයකට කඩිනමින් රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අඹේවෙල ජලාශයේ ධිවරයින් වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (4)

ගෝනුන්ගේ සිරුරු නානුඔයේ පාවෙයි

sharm warn Friday, 19 August 2022 01:59 PM

මෘත ශරීර මුහුදේ පාවෙනවා. සතුන්ගේ සිරුරු ජලාශවල පාවෙනවා. බොහොම නීතිගරුක රටක්...

:       1       19

Ruhunu Friday, 19 August 2022 03:52 PM

වනජීවියට බල්ලෙක් තියා මැක්කෙක්වත් අල්ලා ගන්න පුළුවන් වේවිද දන්නේ නැහැ...! 

:       2       18

ලුම්බිණි Friday, 19 August 2022 04:50 PM

වනජීවී එක ඉක්මනින්ම මේ බල්ලන් ටික අල්ල ගත්තේ නැත්නම් මේ සතුන්ට අනාගතයක් නැහැ.

:       0       9

Lalith M Saturday, 20 August 2022 10:02 AM

සිවුපා දඩ බල්ලන් ඇතිකරන දෙපාවුන්... දඩ බල්ලන් පෙන්නන්න එක්ක යන්න කියලා පොලීසිය උනන්දු කරවන්න. දෙපාවුන් ඔය ගැඹුරු දියේ... ප්‍රශ්නය විසඳෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site