‘ ආණ්ඩුව නූල කැඩිච්ච සරුංගලයක් වගේ‘ මේ ආණ්ඩුව කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක්, සැලැස්මක් නැති නූල කැඩිච්ච සරුංගලය වගේ එහෙට මෙහෙට පාවෙන අයාලේ යන ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 31 January 2022
‘කොවිඩ් පැතිරුණත් උසස් පෙළට බාධාවක් නෑ‘ කොවිඩ් පැතිරීමක් පැවතියත් අපොස උසස් පෙළ විභාගය කල්තැබීමේ කිසිම අවශ්‍යතාවක් නැතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය . 31 January 2022
ළගටම ඇවිත් බූස්ටර් දෙයි බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම සේවයක් ඉදිරි සතියේදී අරඹන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 31 January 2022
‘බූස්ටර් මාත්‍රාව හැකි ඉක්මනින්ම ගන්න‘ බූස්ටර් එන්නත් මාත්‍රාව හැකි ඉක්මනින්ම ලබාගන්නැයි සියලු ජනතාවට නැවත වතාවක් ආයාචනා කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 31 January 2022
යාන්ත්‍රික කියතකින් බාප්පා ඥාති පුතාගේ කකුල කපලා ගස් කැපීම සඳහා උපයෝගී කරගන්නා යාන්ත්‍රික කියතකින් පුද්ගලයකුගේ කකුලක් කපා දමා ඝාතනය කිරීමේ සිද්ධියක් කටුගස්තොට පොලිසිය කියයි. 31 January 2022
’’උසස් පෙළ කාලයේ විදුලිය කපන්න එපා’’ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන පෙරවාරි මස 7 වැනිදා සිට මාර්තු මස 5 වැනිදා දක්වා කාලසීමාවේදී විදුලි කප්පාදුව නොකරන ලෙස විදුලිබල මණ්ඩලය ඇතුළු වගකිය යුතු ආයතනවලට දැනුම්දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 31 January 2022
දිස්ත්‍රික්ක 12 ක ‘ඩෙංගු’ අධි අවදානමක් ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු අධි අවධානම් කළාප ලෙස දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 81 ක් හදුනාගෙන තිබේ. 31 January 2022
හොර නෝට්ටු සමග අයෙක් මාට්ටු ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය කියයි . 31 January 2022
පළාත කීපයකට අද වැසි තත්ත්වයක් නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (31) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 January 2022
ශිෂ්‍යත්ව උත්තර පත්‍ර ඇගයීම අද ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම අද (31) ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. 31 January 2022
වෙළෙඳ ඇමැති කතරගමදි අලි ඇබැද්දියක කතරගම සතොස වෙළද හලේ අඩුපාඩු ගැන සොයා බැලීමට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාණ්ඩ මිළ දී ගැනීමට පැමිණි කන්තාවක් දොස් නඟමින් ඇමැතිවරයා රූපවාහිනියෙන් කියන කිසිවක් සතොසේ මිලට ගන්නැට නැතැයි පවසා ඇත. 30 January 2022
’’මන්න මලින්ද’’ අල්ලයි පුද්ගලයන් සිවුදෙනකු තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදු කළ බව කියන ’’මන්න මලින්ද’’නමැත්තා අත්බෝම්බයක් සමග හෝමාගම මුල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 30 January 2022
ඇමැති පන්දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ඉල්ලයි රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන රුපියල් පන්දහසේ මාසික සහන දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද ලබාදීම සඳහා කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා රජයෙන් උපදෙස් ඉල්ලා ඇත . 30 January 2022
ඇමැති විදුලිය පෞද්ගලික අංශයෙන් ගන්න යයි පවතින වියළි කාලගුණික තත්වය හමුවේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින් ,පෞද්ගලික විදුලි බලාගාර දෙකක ගිවිසුම් කාලය දීර්ඝ කළ යුතු යැයි විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා රජයට යෝජනා කර ඇත . 30 January 2022
කොරෝනා ආසාදිතයන් 1000 සීමාව පනි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1056 දෙනකු අද (30) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 30 January 2022
කොරෝනා වැළඳුණු පාසල් දැරියක මිය යයි නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ‘කොරෝනා’ වයිරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) මියගිය බව එම රෝහලේ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 30 January 2022
කොරෝනා මරණ 20ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 January 2022
අනුරට මැර ප්‍රහාරයක් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා කලගෙඩිහේන ග්ලාස් ගොව් සමුළු ශාලාවට පැමිණෙමින් සිටි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට බිත්තර හා ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන මැර කණ්ඩායමකට අයත් පුද්ගලයන් දෙදෙනකු එහි සිටි පිරිසක් විසින් අල්ලා බාර දුන් බව නිට්ටඹුව පොලීසිය පැවසීය. 30 January 2022
ගෝලීය ඕමික්‍රෝන් රැල්ල සමනය වන ලකුණු ගෝලීය වශයෙන් ඔමික්‍රොන් වයිරසය උච්චවීම පසු වී ඇති බව කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි. ඉදිරි සති දෙක තුළ මෙය සනාථවන බව ද රාජපක්ෂ මහතා කියයි. 30 January 2022
ඔයමඩුව ඖෂධ පුරයට මුල්ගල් තබයි රටේ සමස්ථ ඖෂධ හා වෛද්‍ය උපකරණ අවශ්‍යතාවයෙන් 42%ක් නිෂ්පාදනය කිරීමට නියමිත ඔයාමඩුව ’’ සුව සිරි පුර ’’ඖෂධ නිෂ්පාදන පුරවරයේ පළමු කර්මාන්ත ශාලාව සදහා මුල් ගල තැබීම පසුගිය දා සිදු කෙරිණි. 30 January 2022
තරගෙට රැගෙන ගිය පරවියන් වනජිවිය මුදාහරි අකුරණ ප්‍රදේශයේ පරවියන් ඇති කරන්නන්ගේ සංගමයක් තරගයක් සදහා ලොරි රථයකින් රැගෙන ගිය පරවියන් 359 දෙනකු කරුවලගස්වැව වනජීවි නිළධාරින් අල්ලා තබ්බෝව ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රිඩාංගනයේ දී අද (30) දින උදෑසන මුදා හැරිමට කටයුතු කළේය. 30 January 2022
කලවම් පොල්තෙල් කැවීමේ සූදානමක් එළඹෙන උත්සව සමයේදී පොල්තෙල්වලට ෆාම්තෙල් මිශ්‍රකර අධික ලාභ ලබා ගැනීමේ කූට සැලැස්මක් ඇතැයි පොල්තෙල් ආනයනකරුවෝ පවසති. 30 January 2022
අධිවේගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේ වැඩ නවති මුදල් අයකැමි නිලධාරීන් 15 දෙනකුට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බැවින් අධිවේගී මාර්ගයට කොට්ටාවෙන් ඇතුළුවන වාහනවලට ප්‍රවේශපත්‍ර කිතු කිරීම නතර කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. 30 January 2022
කොරෝනා බියක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ කොටසක් වසයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය තුළ ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එම අමාත්‍යංශයේ ප්‍රධාන අංශයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 30 January 2022
මිරිස්කුඩු ගසා තිදරු පියා මරලා නිවසේ හුදෙකලාව දිවි ගෙවූ තිදරු පියකුට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන මරා දැම්මේ යැයි කියන කතුන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි. 30 January 2022
සාක්කිකරුවකුට බලපෑම් කළැයි පොලිසියේ තුනක් රිමාන්ඩ් පුද්ගලයෙකුය වද හිංසා දුන්නැයි කියන සිද්ධියකට අදාළව අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිල්ලේ පළමු සාක්සිකරුට බලපෑම් කළ බවට මහාධිකරණය හමුවේ චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 10 වන දා තෙක් රිමාන්ඩ් කරන ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා නියෝග කළේය. 30 January 2022
රට වැහුවොත් පඩියත් නැති වෙයි කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යෑම නිසා ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමට සිදුවුවහොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්ටද ලොකු ගැටලුවක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 30 January 2022
‘කොවිඩ්’ ආසාදිතයන්ට මාස දෙකකින් ‘බූස්ටර්’ ‘කොවිඩ්’ ආසාදනය වූ පුද්ගලයෙන්ට ආසාදනය වී මාස දෙකකට පසුව තෙවැනි එන්නත් තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර්’ එන්නත ලබාගත හැකි බව විශේෂඥා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. 30 January 2022
අපේ කෑම ජපානයේ පදිංචි කරවන්න වැඩක් අරඹයි ජපන් ජාතිකයන්ට ශ්‍රී ලාංකික ආහාර පිසීම පුරුදු කරන වැඩ සටහනක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ කර තිබේ. 30 January 2022
ගේට්ටුව කඩා වැටී දැරියක මරුට තඹුත්තේගම,තුන්වන පියවරේ පිහිටි නිවසක ගේට්ටුවක් කඩා වැටිමෙන් හය හැවිරිදි පාසල් දැරියක් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 30 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026