(යොහාන් භාසුර)
බිත්තර සහ කුකුල් මස් මිල අඩු කිරීමට ඒවායේ ප්‍රධාන නිෂ්පාදකයන් කැමැත්ත පළ කළ බවත් මිල අඩුකිරීමට නම් නිෂ්පාදකයන්ගේ ගැටලු කීපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. ටී. කොඩිකාර මහතා අද (17) පැවසීය.
බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදකයන් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම පිළිබඳව කරුණු පැහැදිළි කළ බව කී කොඩිකාර මහතා එම ආහාර ද්‍රව්‍ය දෙකේ වෙළඳපොල තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළ බව ද සඳහන් කළේය.
බිත්තර සහ කුකුල් මස් මිල පිළිබඳ ප්‍රශ්න විසඳා ගතහැකි බවට විශ්වාසයක් ඇති බව ද කොඩිකාර මහතා වැඩි දුරටත් කීය.
බිත්තර සහ කුකුල් මස නිෂ්පාදකයන ප්‍රධාන සංගම් දෙකේ නියෝජිතයන් සමඟ පාරිභෝගික අධිකාරියේදී අද (17) පැවැති සාකච්ඡාවලින් පසුව එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. ටී. කොඩිකාර මහතා එසේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටින් ගෙන්වන්න එතකොට මිල නිකම්ම පහල යාවි. හැම වෙළෙන්දම බලන්නේ ගසා කන්න. දේශීය නිෂ්පාදකයෝ ආරක්ෂා කරන්න ඕනි කියලා ආණ්ඩුව ක්‍රියාත්මක වුණාට මුදලාලිලා ගේ නම් එහෙම රට ගැන හැඟීමක් නැහැ.
ෆොනේටෙරා වට්ටපු අපිට ඔයාල ලොකු කජ්ජක් නොවේ. දවසින් දවස මිල වැඩි වෙන්න හේතු නැහැ . දැන් බිත්තරයක් 70 වයි. බිස්කට් සමාගම් වගේ පස්සේ අඬන්න වෙයි.
මේකනම් කුකුල්ලු එක්ක සාකච්චා කරලම විසදා ගත යුතු ප්‍රශ්නයක්