කතානායකටත් කොවිඩ් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද කතානායක නිල නිවෙසේ සේවකයන් තිදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 28 January 2022
කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙකුට ඔමික්‍රෝන් මෙරටේ හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද රාත්‍රී නිවේදනය කළේය. 28 January 2022
කොවිඩ් ආසාදිතයන් 961 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 961 දෙනකු අද (28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 28 January 2022
වාණිජ කෘෂිකර්මාන්ත විනාශ කරන්න එපා වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු යැයි කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (28) පැවසීය. 28 January 2022
කොවිඩ් මරණ 17ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 January 2022
පුනා ඇලේ ගල් තලාවෙන් මළ සිරුරක් හමුවේ කොත්මලේ, රම්බොඩ වත්තේ පුනා ඇලේ ගල් තලාවක් මත තිබියදී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (28) සොයා ගත් බව කොත්මලේ පොලීසිය පවසයි. 28 January 2022
නිදහසේ පෙරහුරුවට පාරවල් වැහෙන්නේ මෙහෙමයි කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන 74 වන ජාතික නිදහස් දින උත්සවය හා එයට සමගාමිව පැවැත්වෙන පෙරහුරු වෙනුවෙන් හෙට (29) දින සිට පෙබරවාරි මස 04 වැනි දින දක්වා කොළඹ නගරයේ මාර්ග රැසක වාහන ධාවන සීමා කරන බව පොලිස් මුලස්ථානය පවසයි. 28 January 2022
ලක්ෂ 30ක බීට්රූට් රේගුවෙන් අල්ලයි අර්තාපල් යැයි හඟවමින් නීතිවිරෝධීව ආනයනය කළ රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමින් යුත් බීට්රූට් කිලෝ 16,000 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 28 January 2022
පානදුර සුමංගල විදුහලේ විදුහල්පති අල්ලස් දැලේ පානදුර සුමංගල විදුහලේ විදුහල්පතිවරයා රුපියල් එක්ලක්ෂ පනස් දහසන අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අද අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය. 28 January 2022
අලි අඟල් කපන්න කිවුවත් සල්ලිදී නෑ අලි අඟල් කපන්න කිව්වත් ආණ්ඩුව ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් ලබාදී නැතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා චෝදනා කළේය. 28 January 2022
නව දුර ගමන් සුඛෝපභෝගී බස් සේවයක් මාකුඹුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ සිට දුරගමන් සේවා සුඛෝපභෝගී බස් සේවාවක් ප්‍රධාන නගර 25 ක් දක්වා ලබන 1 වැනිදා ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 28 January 2022
අඹගස්වැව වඳපීදුණු ගොයමට ගිනි තබයි මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 200 පමණක් පමණ ගොයම ගොවින් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය. 28 January 2022
කුමාර වේල්ගමටත් කොවිඩ් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වේල්ගම මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තාවේ. 28 January 2022
උසස් අධ්‍යාපන ඉංග්‍රීසි භාෂාවට සීමාකිරීම සිංහල භාෂාවට තර්ජනයක් වර්තමානයෙ බොහෝමයක් උසස් අධ්‍යාපන පාඨමාලා ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවීම සහ විශේෂවේදී උපාධි සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මකවීම ශ්‍රී ලංකාවේ උරුමයට සහ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරන ජාතික භාෂාවට බරපතළ තර්ජනයක් බවත් උසස් අධ්‍යාපනය ඉංග්‍රීසියට පමණක් සීමා නොකළ යුතු බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 28 January 2022
උසස් පෙළ කාලසටහනට එරෙහි පෙත්සමක් අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරනු ලැබ ඇති ’’විභාග කාලසටහන’’ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට අද (28 ) රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 28 January 2022
සජිත් අතින් කළඑළි බසින සමගි ගොවිජන ප්රකාශනය සමගි ගොවිජන ප්රකාශනය එළිදැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසලදී සිදු කෙරේ. 28 January 2022
ජොන්ස්ටන් නඩු තුනකින් නිදහස් අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ වර්තමාන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු අල්ලස් නඩු තුනකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (28) නියෝග කළේය. 28 January 2022
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති උපදෙස් තවම නෑ එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළ කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද (28) අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 28 January 2022
‘‘භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතතෙන් ඇමැතිට බලය වැඩි වෙනවා‘‘ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත මගින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පැවරෙන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (28) සඳහන් කළේය. 28 January 2022
ජල මණ්ඩලයට කෝටි 720ක පොල්ලක් ජල පාරිභෝගිකයන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් පසුගිය වසරක පමණ කාලයේදී ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 28 January 2022
අපනයන ආදායම ගිය වසරේ වාර්තාවක් තබයි ශ්‍රී ලංකාව 2021 වසරේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් හෙවත් ඩොලර් කෝටි 1510 ක් ආදායමක් උපයමින් ශ්‍රී ලංකා ඉතිසාහයේ ඉහළතම අපනයන ආදායම ඉපයූ බවත් එය 2020 සමඟ සැසදීමේදී අපනයන ආදායමේ සියයට 23 ක වර්ධනයක් බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පැවසීය. 28 January 2022
බාල දක්ෂ සිසුවාගෙන් රතනසාර විදුහලට පරිගනක විද්‍යාගාරයක් මිනුවන්ගොඩ ජනාධිපති වීද්යාලයේ සිසුවෙක් පොල්වත්ත රතනසාර මහ විදුහලට ලබාදුන් නව පරිගනක සහිත ප්‍රතිසංස්කරණය කරන ලද පරිගනක විද්‍යාගාරය ඉකුත් දා විවෘත කෙරිණි. 28 January 2022
‘රටේ ප්‍රශ්න විසඳන්න සියලු පක්ෂ අත්වැල් බැඳගත යුතුයි‘ සමගි ජන බලවේගය සමග එකතු වීම හොඳ බව තමා ගේ අදහස යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහනුවරදී අද (28) පැවසීය. 28 January 2022
දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය කම්කරු එකමුතුව කොළඹ ඕල්කට් මාවතේ දුම්රිය මූලස්ථානය ඉදිරිපිට අද (28) විරෝධතාවයක නිරත වූහ. 28 January 2022
නීලා හෙට සමුගනී ඉතාලියේ, මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට (29) පස්වරු 4.00ට සිදුකෙරේ. 28 January 2022
මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවා රෝහලේ කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබු මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 28 January 2022
රට වහල බෑ: පරිස්සම් වෙමු කොවිඩ් පැතිරීම වැඩිවීම නිසා රට වසා දමන්නැයි විවිධ අංශවලින් හා පුද්ගලයන්ගෙන් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්වී ඇත. 28 January 2022
ගුවන් හමුදා රෝහලට මුල්ගල් තබයි ගුවන් හමුදාව වෙනුවෙන් ඉදිරිකිරීමට නියමිත ගුවන් හමුදා මුලික රෝහල වෙනුවෙන් නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ යෝජිත භූමි ප්‍රදේශයේ දී මුල්ගල තැබීය. 28 January 2022
‘අර්බුදවලින් ගොඩ ඒමේ කිසිදු හැකියාවක් නෑ‘ රට තුළ සමගියක්, ජාතික ප්‍රතිපත්තිමය එකඟත්වයක් නොමැතිව පවතින අර්බුදවලින් කිසිම ආකාරයකින් ගොඩ ඒමට හැකියාවක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 28 January 2022
පෑවිල්ලෙන් උස් බිම්වලට ජල ගැටලු මේ දිනවල පවතින අධික පෑවිල්ල හේතුවෙන් උස්බිම් සහිත ප්‍රදේශවලට ජල සැපයුමේ පීඩනය අඩු වීමට හෝ ජලය නොලැබී යාමට ඉඩ පවතින බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිෂ්පාදන අජිත් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 28 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026