(ජයරත්න වික්‍රමාරච්චි)

කරුවලගස්වැව එරමුදුගස්වැව ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමක් සම්බන්ධයෙන්  වනසත්ව නියාමකවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.

කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුවෙඩි වැදීමෙන් තුවාල ලැබූ  ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇති බවත් පොලීසිය පවසයි.

පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්ත වනසත්ව නියාමයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන බවත් පොලීසිය පැවසීය.