
(ඩයනා උදයංගනී)
ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධව සමරු මුද්දර දෙක බැගින් නිකුත් කිරීමට තීරණයක් ගෙනතිබේ.
මේ සඳහා දෙරටේ තැපැල් දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.
‘ප්‍රජාතන්ත්‍රවාදය’ යන තේමාව පදනම් කරගෙන දෙරටෙහි පාර්ලිමේන්තු පිළිබිඹු වන පරිදි මෙම සමරු මුද්දර නිකුත් කිරීමට යෝජනා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දෙරට විසින් නිර්මාණය කරන මෙම මුද්දරවලින් මුද්දර කට්ටල 3,000 බැගින්, සිහිවටන පත්‍රිකා 5,000 බැගින් දහ මුල්දින කවර 2,000 බැගින් හුවමාරු කර ගැනීමට අපේක්‍ෂා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවත් එහෙම ඒකාබද්ධ සමරු මුද්දර නිකුත් කරනවද? මෙහෙන් මුද්දර නිකුත් කරනවා, එහෙන් අසාදුලේඛන වෙච්චි කොටින්ට නැවත ව්‍යාපාරය කරගෙන යන්න ඉඩදෙනවා. අන්තිමට මෙයා මකබෑවෙන්නේ රටම සිංහලයාට නැතිකරලා. ඔන්න අරගලයේ ප්‍රතිඵල.