IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්දියාවේ නිදහස් සැමරුමට ඒකාබද්ධ සමරු මුද්දර

(ඩයනා උදයංගනී)

ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධව සමරු මුද්දර දෙක බැගින් නිකුත් කිරීමට තීරණයක් ගෙනතිබේ.

මේ සඳහා දෙරටේ තැපැල් දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.

‘ප්‍රජාතන්ත්‍රවාදය’ යන තේමාව පදනම් කරගෙන දෙරටෙහි පාර්ලිමේන්තු පිළිබිඹු වන පරිදි මෙම සමරු මුද්දර නිකුත් කිරීමට යෝජනා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දෙරට විසින් නිර්මාණය කරන මෙම මුද්දරවලින් මුද්දර කට්ටල 3,000 බැගින්, සිහිවටන පත්‍රිකා 5,000 බැගින් දහ මුල්දින කවර 2,000 බැගින් හුවමාරු කර ගැනීමට අපේක්‍ෂා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. 



අදහස් (1)

ඉන්දියාවේ නිදහස් සැමරුමට ඒකාබද්ධ සමරු මුද්දර

Bamunuarachchi Wednesday, 17 August 2022 10:01 PM

ඉන්දියාවත් එහෙම ඒකාබද්ධ සමරු මුද්දර නිකුත් කරනවද? මෙහෙන් මුද්දර නිකුත් කරනවා, එහෙන් අසාදුලේඛන වෙච්චි කොටින්ට නැවත ව්‍යාපාරය කරගෙන යන්න ඉඩදෙනවා. අන්තිමට මෙයා මකබෑවෙන්නේ රටම සිංහලයාට නැතිකරලා. ඔන්න අරගලයේ ප්‍රතිඵල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site