(අංජුල මහික වීරරත්න)
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතියේ කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එලෙස ලැබෙන පොහොර තොගය හා දැනට යල කන්නය සදහා බෙදාහැර ඉතිරි වී ඇති යුරියා පොහොර තොග වී, බඩඉරිඟු, තේ හා අල වගාව සඳහා ද ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් ලැබුනු මෙට්‍රික් ටොන් 44,000ක් මීට පෙර ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින නැව ගෙනාවට පස්සෙ ඉන්දියාවෙ අදරය නැවත ලැබීම ඉබේම නතරවේවි, චීනය නම් මේ විදියට මලාට පොහොර දෙන එකක් නැහැ.
නන්දසේන හිටියනම් චීන අසූචිත් සල්ලි දීලා ගන්නවා.
තේ වගාව සදහා යූරියා දෙනවා කියලා අහන්න ලැබුනා නමුත් අපිට තේ සමිතියක් නැහැ. අපේ ඉඩම් සදහා පොහොර දෙන්න කලකට පෙර වගා විස්තර නිළධාරියෙක් ලියාගෙන ගියා.එහෙම දෙනවා නම් හොදයි නැත්නම් අපිට වෙන්නේ අසාධාරණයක්
පොහොර නොමැතිවුන නිසා අපේ තේ වගාවට වුන විනාසය සුළුපටු නැහැ, ගෑස් සහ පැල බාල වුන එකේ විපාක අවුරුදු 4-5 යනකන් දැනේවි, මේකට නනදය පමණක් නෙවෙයි රතන හිමි සහ පදෙනියත් වගකියන්න ඕනේ. හාමුදුරුවෝ පන්සලකට වෙලා බණක් භාවනාවක් කරන් ඉන්නේ නැතුව එනවා මෙතන නොදන්නා කෙහෙල් මල් කරන්න. දොස්තරලත් ඔවුන්ගේ වැඩක් බලාගන්න. ගොවිතැන ගැන දන්නේ එම ක්‍රෂේ ත්‍රයේ ඉන්න ගොවියා සහ නිලධාරීන්.
කොමිස් ලැබෙනවා නම් රාජපක්ෂලා අසුචු නැව් නොවෙයි මාරාන්තික වෛරස් නැවක් උනත් මිලයට ගනීවි