IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාන්තාවකගේ පා පහරින් කොන්දොස්තර බසයෙන් එළියට විසි වෙයි

( තිලකරත්න දිසානායක.)

කොළඹ සිට මහනුවර බලා අද සවස  ධාවනය වෙමින් තිබු බසයක ගමන් ගත් කාන්තාවක කොන්දොස්තරවරයාට එල්ල කළ පා පහරක් හේතුවෙන් බස් රථයෙන් එළියට විසිවී බිව වැටී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි  කඩවත පොලීසිය පවසයි.

මහනුවර බලා ධාවනය වෙමින් තිබු අදාල ලංගම බසයට කිරිබත්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ගොඩවී ඇති අතර ඇයට ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා ලෙසට කොන්දොස්තරවරයා දැනුම් දුන් අවස්ථාවේ  අතින් සහ පයින් පහරදීම සිදු කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධියත් සමග බසයේ සිටි පිරිසක් අදාල කාන්තාව අල්ලා කඩවත පොලිසියට බාරදී ඇත.

මෙම කාන්තාව මානසික රෝගී තැනැත්තියක් බවත් 34 හැවිරිදි ඇය වසර කිහිපයක සිට වෛද්‍ය ප්‍රතිකාර ලබන බව පවුලේ සාමාජිකයින් පොලිසියට කියා ඇත.

එම කාන්තාව සහ කොන්දොස්තරවරයා රාගම රෝහලට ඇතුළත් කොට ඇති අතර කාන්තාව මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කඩවත පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂන සිදුකරයි.

 



අදහස් (2)

කාන්තාවකගේ පා පහරින් කොන්දොස්තර බසයෙන් එළියට විසි වෙයි

Chandima Tuesday, 16 August 2022 04:56 AM

වෙනදට කොන්ද පයින්ගහල මිනිස්සු බිමට වැටෙන්නේ. මේදා මිනිස්සු පයින් ගහල කොන්ද බිමට වැටෙන්නේ. හැම තැනම එහෙමනේ? ඉස්සර ජනාධිපති එනකොට මිනිස්සු අයින් කරනවා, මේදා මිනිස්සුන්ට බයේ ජනාධිපති පැනල යනවා. අබුද්දස්ස කාලේ, අබුද්දස්ස කාලේ,? තව ටික කාලෙකින් කුරුල්ලෝ බඩගාගෙන යද්දී ගැරඬි පියාබන්නත් බැරි නැහැ.

:       0       2

sena Tuesday, 16 August 2022 12:10 PM

මෙවගෙ ලෙඩ්ඩු සමාජයෙ නිදැල්ලෙ හසිරෙන්න අරින්න හොද නැහැ - මෙ මනුස්සයා බේරෙයි පිස්සු කියලා එත් අර කොන්දොස්තරගෙ ජිවිතේ එ මනුස්සයගෙන් යැපෙන මිනිස්සුන්ට මොනාද වෙන්නෙ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site