IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වී අලෙවි මණ්ඩලයේ සහල් කිලෝව රුපියල් 5කින් අඩු කරයි

 

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය අලෙවි කරන සෑම සහල් කිලෝවක්ම අද (16) සිට රුපියල් 5කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉදිරියේදී වෙළඳපොළ තත්ත්වය සලකා බලා තවදුරටත් සහල් මිල අඩු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ද පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම හෙට (17) දින සිටම ආරම්භ කිරීමට නියමිත බව කී අමාත්‍යවරයා  නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි  කීය.

 මේ වනවිට වෙළඳපොළේ වී කිලෝවක මිල රුපියල් 90කටත් වඩා අඩු වී ඇති බවට ගොවි ජනතාව මැසිවිලි නඟන බව කී අමාත්‍යවරයා එම කාරණය සැලකිල්ලට ගනිමින් ගොවීන්ගේ වී නිෂ්පාදනවලට උපරිම මිලක් ලබාදීම සඳහා වී අලෙවි මණ්ඩලය මැදිහත්වන බවත්, පළමු අදියර යටතේ රුපියල් මිලියන  2000ක් වැයකර වී මෙට්‍රික් ටොන් 30,000ක් මිලදී ගැනීමට අපේක්ෂිත බවත් පැවසීය.

සහල් නිෂ්පාදකයින් විසින් ගොවීන්ගෙන් වී කුණු කොල්ලයට මිලදී ගැනීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

වී අලෙවි මණ්ඩලයේ සහල් කිලෝව රුපියල් 5කින් අඩු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site