(යොහාන් භාසුර)
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලුම ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) අගෝස්තු මස මැද මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද සංශෝධනයක් නොවන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 430 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 ක් ලෙස තව දුරටත් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිවුවිට පමණි. අපිව හැමදාම ගොනාට අන්දවනවා ලබන චන්දෙදි අපිත් කළගුණ සලකන්න බලාගෙන ඉන්නේ. යහපාලනයේ මංගල මිල සූත්‍රය තිබුනා නම් අපට මෙහෙම වෙන්නේ නැහැ. රට ආරක්ෂා කරන්න කියල මහ විරුවෙක් පත්කරගත්තා අන්තිමට ඔහු බයේ පැනලා ගිහින් තමන්ගේ ආරක්ෂාව ඉල්ලමින් ලෝකේ වටේ කරක්ගහනවා
ඉන්ධන මිල, ජීවන බර වැඩි උන අපි දැන් දුක් විදිනවා.