(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති.
කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා පත් කර ඇත.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබේ.
පූර්ව එකඟතාවකින් තොරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට විටින් විට ජනාධිපති වෙත කෙරෙන ලිඛිත ඉල්ලීම් සහ ඇතැම් අවිධිමත් පත්කිරීම් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර තිබේ.
මේ පිළිබඳව ජනාධිපති ලේකම්ගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සෘජුව ලිපියක් යොමු කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පිටපත් යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙ රටේ මෙහෙම වෙන්නෙ අලුත් ආණ්ඩුවක් ආවොත්, නැත්නම් නන්දසේන වගේ කෙනෙක් හිටියොත් පමනයි.
Very good decision..
ඔව් දැන් එතකොට එක එක ඇමතිට ඕන විදිහට හෙන්චයියන් දාගන්න බැහැ. දැන් පුළුවන් රනිල් කැමති හෙන්චයියන් දාගන්න විතරයි. මේ මොන විහිළුද? කාවද රවට්ටන්නේ? හරි නම් ඔය සියලුම තනතුරු වලට අවශ්‍ය සුදුසුකම් නීතිගත කරලා නිර්දේශපාලනික මණ්ඩලයක් මගින් අනුමත වෙන්නයි ඕනේ. නැතුව රනිල්ට කැමති මිනිස්සු දාගත්ත මණ්ඩලයකින් නොවේ.
රාජ්‍ය ආයතනවල මුල්පුටු වල ඔඋගෙඩි තෝර තෝර හිටපන්.. අන්න රට බංකලොත් කියල වර්ගීකරණය කරලා( සමනළයන් තව ඉන්නවාද පුටුවල ඉන්දවන්න)
මෙතන කෙරෙන්නේ ආයතන ප්‍රධානීන් පත් කිරීමේ බලය ඇමතිවරුන්ගෙන් ඉවත් කර ඒ බලතල ජනාධිපති යටතේ පවත්වා ගැනීම. ඇමතිවරුන්ගේ හෙංචයියන් වෙනුවට ජනාධිපතිට කැමති විදියට තම හෙංචයියන් පත් කර ගැනීමේ උපක්‍රමයක්
පොහොට්ටුව වලියක් ඇදලාද?