(ඉන්දිකා රාමනායක)
ඩුබායි රාජ්‍යයේ දී එරට ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක්කටා නැමැත්තා මෙරටට පිටුවහල් නොකරන ලෙසට එහි වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සුදානමින් සිටින බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.
පානදුර ප්‍රදේශයේ මහපරිමාන මත්කුඩු ජාවාරමකරුවකු වන දැනට ඩුබායි රාජයේ සැඟව සිටිින සලිදු නැමැත්තා මෙම කටයුත්තට මුලිකත්වය ගෙන කටයුතු කරන බවද ආරංචි මාර්ග පවසයි.
මෙයට ප්‍රථම ඩුබායි අත්අඩංගුවට ගත් මාකරේ මධුෂ් නැමැත්තා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවේ සිටියදි මියයාමට සිදු වු බවත්, හරක්කටා නැමැත්තා ද ශ්‍රි ලංකාවට පිටුවහල් කළහොත් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බවත් එම නිසා ඔහු ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙසට ඉල්ලා එරට අධිකරණයට ඉල්ලීම් කිරීමට සූදානම් ව සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.
නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තා බිරිඳ ඇතුලු පිරිසක් සමග ඉකුත් (11) වැදි දින ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගෙන ඩුබායි සිට මැලේසියාව බලා යාමට උත්සහ කිරීමේ දී එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
හරක් කටා ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇතේ හේරත් දිසානායකගේ රොෂාන් ඉෂන්ක නැමැති නමකිනි.
හරක්කටා විසින් විදේශ ගමන් බලපත්‍ර සකස්කර තිබු හේරත් මුදියන්සේලාගේ රොෂාන් ඉෂන්ක නැමැත්තා කව්දි , ඔහු මෙරට මියගිය පුද්ගලයකු ද, නැතහොත් තවත් ජීවත් වන පුද්ගලයකු ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් හෙළිකර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආගමන නිලධාරීන් වීරවංශගේ භාර්යාවට මෙන්ම මෙම සිද්ධියේත් හොට පාසපෝට් හදන්න හවුල් කියලා හොඳින්ම ඔප්පුවෙනවා නමුත් ඔවුන්ට විරුද්ධව කිසිම නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදුවන්නේ නැහැ සිස්ටම් චේන්ජ් කියල ජනතාව බලාපොරොත්තු වුනේ මෙවැනි දේවල් රාජ්‍ය දෙපාර්තමේන්තු තුල හොරකම දූෂණය නැති කරන්නේ නැතිව අපට මේ ආගාධයෙන් ගොඩ එන්න කොහොමත් බැරිවේවි
ඔහු නිදහස් කරගැනීමට ප්‍රයත්න දරන්නේ මෙහි ක්‍රියාත්මක සංවිධාන කිහිපයක්
සමස්ථ සමාජයක යහපත උදෙසා එකම හෝ පිළිලයක් ඉවත් කිරීම කළ යුුතුය . සියලු වැරදි කරුවන්ට ඩුබායි ක්ෂේම භූමියක් වන්නේ කෙසේද යන්න එරට බලධාරීන් සොයා බැලිය යුතුය.
ගව ඝාතනයට විරැද්ධ කුඩ්ඩෝ ටිකක් …..!
ඔහු ලංකාවට ගේනවාට මෙහේ දේශපාලුවෝ සහ පොලීසියේ ලොකු නිලධාරීන් කැමති නැත. හේතුව ඔවුන් සමඟ මොහු කරන කුඩු බිස්නස් හෙළිවන නිසා ලංකාවට ගෙනාවොත් මොහු පොලිස් අත්ඩංගුවේදීම මරා දමනු ඇත.
කුඩ්ඩො විතරක්නම් හොදයි. එක රූනෙ එවුන්නෙ. ආරන්චියෙ විදියට ඔවුන්ගෙන් යැපෙන දේශපාලුවෙත් පොරකනවලු උන්ගෙ හෙලුව එලියට එයි කියලා.
දැන් අපිට බලාගන්න පුලුවන් ජාත්‍යන්තර පොලීසිය සහ අධිකරණයද ප්‍රබල නැත්නම් ජාවාරම් කාරයොද කියල.
ඔතන දේශපාලුවෝ නැති එක පුදුමයි. අර අබේවර්ධන ගෙවලයගේ පුතාගේ මඟුලටත් මාකදුරේ මදුෂ් වියදම් කලා කියලයි කියවුනේ
කුඩු වලට මරණ දඩුවම නියම කරන්න නීතියක් ඇතිකලා කියලා කලකට පෙර අහන්න ලැබුනා ඉතින් දේශපාලුවො ,කුඩ්ඩො එකතුවෙලා ගේන්න දෙන්නේ නැත්නම් නීතියක් හදන්න බැරිද එහෙම එවුන්ගේ ලංකාවෙ ප්‍රජා අයිතිය අහෝසි කරන්න
දේසපාලුවන්ට ,පොලිසියේ ලොක්කන්ට අතපය දිග හැරලා වියදම් කරපු,කප්පම් දීපු කුඩු රජාලා රටේ හිටියේ .හරක් කටාට මොනව කරයිද කවුද දන්නේ? කුඩු මුදලාලිලා නිසා විනාශ වෙන්නේ තරුණ පරපුර.
මේ පාතාල කාරය රකින්න මෙහාට ගේන්න නොදෙන්න ට්‍රයි කරන්නේ නීතී ලොක්කෙක්. මිනිහට අනුග්‍රහය දෙන්නේ කුඩු ලොක්කෝ.හැබැයි කුඩු ලොක්කන්ගේ පස්සෙන් ඉන්නේ දෙසපාලකයෝ.බලේ ඇති නැති විතරක් නෙමෙයි බලේ ගන්න වලිකන සුද්දවන්තයෝ කියල අපිට පෙන්නන සෑම පක්ෂෙකම දෙසපාලක සෙට් ඔය වැඩේදි එකමුතුයි. කවුරුත් කුඩ්ඩන්ට පාතාලෙට සම්බන්ධයි.
හරක් කටාගෙයි. කපුටගෙයි. වෙනස මොකක්ද. හරක් කටා කුඩු බිස්නස්. මිනිමැරුම් චෝදනා, කපුටා. රටෙ දේපොළ මුදල්. හොරකම් කෙරූවා. මිලියන ගණනින් පගා ගත්තා කපුටා නිදැල්ලෙ. හරක්කටා. අත් අඩංගුවේ. පාතාලෙ සාමාජිකයන්ට තියෙන්නෙ. නිතිය. කාටත් එක සමානවෙන්න ඕන කියලා. සේරම කපුටෝ මරන්න ඕන. එහෙම වුණානම් රට ඉබේම හැදෙනවා. රට බංකළොත් වෙලා ඒ වුනාට. කාක්කො පොරකනවා ලොකු පුටුවලට මෙරට හදන්න.
කුඩ්ඩන්ට ගිය රට. කාලෙකට කලින් නීතියක් ගෙනාව කුඩු ලඟ තියාගෙන අහුඋනොත් මරණ දඬුවම දෙනව කියල. හැබැයි ඉතිං එතකොට වැඩියෙන් ම හිරේ යවන්න වෙන්නේ උසස් පොලිස් නිලධාරීන්..