(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන්ව මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන පාලකවරයා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත ජාතික කෙළි ප්‍රේසර් මෙනෙවිය ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය.
ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සහ එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය එලෙස තීරනය කලේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ අද (16) සලකා බැලිණ.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මගින් ඉකුත් (12) වැනි දා ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකි.
ලබන 2023 මාර්තු 3 වැනිදා තෙක් තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටිය හැකි ලෙසට වලංගු වීසා අනුමත කර ඇති බවත් එසේ තිබියදී ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකවරයා තමන් මෙරටින් පිටුවහල් කිරීම සඳහා තීරණය කර ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කර තිබිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් නම් කිව්වේ විදේශිකයන්ට මෙහේ එන්න අවිත් උද්ඝෝෂණ කරන්න කියලා
ඇයි ඉතින් රනිල්මනේ කිව්වේ විදේශීය මාධ්‍යවේදියෙක්ට ‘ සංචාරකයෛන්ට කැමති නම් ඇවිල්ලා අරගලයටත් සහභාගිවෙලා අත්දැකීම් ගන්න පුලුවන් කියලා. දැන් මොනවද මේ කියන්නේ? මේ හොන් වැඩෙන් වෙන්නේ සංචාරකයෝ එන එක තව තවත් අඩුවෙන එකයි
පැරදුන එක අහන්නත් දෙයක්ද නාගානන්දනේ නඩුවට පෙනී හිටියේ. ඇරත් සුද්දි දැනගන්න ඕන අනුන්ගේ රටකට ගියාම ගිය වැඩේ විතරක් කරලා ආපහු යන්න. වෙන රටක නම් හිරේ දාලා.
හරි අපුරු සාධාරණයක්නේ ලැබිලා තියෙන්නේ ජාත්‍යන්තර අධිකරණයකින් හෝ මෙවැනි දේවල් වලට පිහිට වෙන්න ඕනේ. එක හරි උදව් කරන්න පිටරටවල ඉන්න ලාංකිකයන් දන්නවා හැම රටකම තියෙනවා ආයාචනා ඉදිරිපත් කරන්න ඒවට ගොඩක්වෙලාවට සාධාරණය ලැබෙනවා
හැම සෙට් එකකම ඉන්නවා හැම බලු බෙට්ටකටම අතදාන නාගා වගෙ පොරක්.
නාගා අත දැම්මොත් පරාදයි.
නාගානන්දගේ නීතියේ දැනුම බොහොම මදි වගේ. ලෝකේ ඕනෙම කෙනෙක් පිටරටකට යනවිටදී වීසා සමඟ යම් යම් නීතී රීතී ඇතුලත් කරණවා. එම නීතී කඩකලොත් වීසා අවලන්ගුයි. ආයේ නෝ කතා නෝ සිනා. සමාජ මාධ්‍ය තුල නොයෙකුත් චෝදනා, යෝජනා හා අදහස් මේ පිටරැටියා කෙරෙහි තිබුනත්. අවසාන තීරණය ආගමන විගමන පාලකයා සතුයි. අනික මේ නාගානන්ද නේද ජනපති තරඟයට ඉදිරිපත් වෙනවා කියලා කොඩිය වනලා පස්ස ගැහුවේ.
නාගානන්ද දන්නවා එයා මොනාද කරන්නෙ කියලා එයා නීතීග්නයෙක්. අපෙ රටෙ නීතිය දැන් වල් වැදිලා රට බල්ලට ගිහින් තියෙන්නේ. මෙ වැඩි හරියක් කමෙන්ට්ස් දාන අයගෙන්ම ඒක පෙනවා. නැත්නම් ඔච්චර මහජන සේවයක් කරන මහත්මෙයෙකුට මඩ ගහයිද?
නීතිඥයන් හැටියට මානසික ලෙඩ්ඩුත් ඉන්නවා මම හිතන්නේ.