IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බීමත් සිවු දෙනෙක් යාල් දේවිය පැයක් ප්‍රමාද කරති

(සජීවා කෝට්ටගොඩ)

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි දුම්රියට මහව දුම්රිය ස්ථානයෙන් බීමත්ව ගොඩවූ සිව් දෙනකු  දුම්රිය තුළ කලහාකාරී ලෙස හැසිරීම හේතුවෙන් දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි.

මෙම දුම්රිය මහව දුම්රිය ස්ථානයෙන් සවස 4.10 ට පමණ ගමන ආරම්භ කර ඇති අතර දුම්රිය තුළ ඇති ඇතිවූ කලහාකාරී තත්වය හේතුවෙන් මගීන්  හදිසි අවස්ථාවලදී භාවිතා කරන දම්වැල ඇදීමෙන් දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති අවසාන සංඥා කණුව අසලින් දුම්රිය නතර කර තිබේ.

අධික ලෙස මගීන්ගෙන් පිරී තිබුණු දුම්රියට ගොඩ වූ මොවුන් මගීන්ගෙන් ආසන ඉල්ලා සිටීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි. මගීන් සමග දුම්රිය මැදිරිය තුළ ගුටි බැට හුව මාරුවක්ද සිදුව ඇතැයිද මගීහූ කියති.

කලහාකාරීව හැසිරුණු මොවුන් දුම්රියෙන් බැස පොලු මුගුරුවලින් දුම්රිය මැදිරියට පහරදී තිබේ. ඒ හේතුවෙන් දුම්රිය මැදිරියේ වීදුරුවලට හානි සිදුව ඇත.

වහාම ක්‍රියාත්මක වූ දුම්රිය ආරක්ෂක නිලධාරීන් කලාකාරි ලෙස හැසිරුණු මෙම පිරිස අත්අඩංගුවට ගෙන අනුරාධපුර දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරි ආර්.එම්.බී.ඒ. රත්නමලල මහතා සහ ආරක්ෂක හමුදා අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සඳහා මහව මූලස්ථාන පොලිසියට බාරදී තිබේ.

 



අදහස් (1)

බීමත් සිවු දෙනෙක් යාල් දේවිය පැයක් ප්‍රමාද කරති

පුරවැසියා... Tuesday, 16 August 2022 04:39 PM

මෙවන් බේබද්දන් හට දැඩිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොවුනහොත් සාමාන්‍ය මගී ජනතාවට දුම්රියයන්හි ගමන් කිරීමට නොහැකි වේවි.පසුගිය දිනක ආරක්ෂක නිලධාරියෙකුට දිවි අහිමි වූයේ මෙවන් බේබදු තක්කඩින් නිසාවෙනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site