
(සුජිත් හේවාජුලිගේ )
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව එල්ලවූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) විමර්ශනයක් ආරම්භ කළේය.
කොමිසම මේ විමර්ශනය අරඹා ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.
මේ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන්ද ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
කටුනායක ගුවන්තොටුපොළ ඉදිකිරීම් කටයුතු සිදු කරන ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් මුදලක් ඉල්ලා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම චෝදනාව එල්ලවී තිබුණේය.
මේ සම්බන්ධයෙන් එම සමාගමේ නියෝජිතයන්ගෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන්ද ඉදිරියේදී කරුණු විමසීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බලාපොරොත්තු
වෙයි.
මේ පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩකඩ ලබාදීමේ පියවරක් ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය.
ඉන් අනතුරුව ඒ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කෙරුණු අතර නිමල් සිරිපාල සිල්වා මහතා එම අල්ලස් චෝදනා චෝදනාවෙන් නිදහස් කරමින් ඒ කමිටු වාර්තාව පසුගියදා නිකුත් කෙරිණ.
ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයට පසුගියදා නැවතත් පත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ වත්කම් සියල්ල සොයාගත් ආකාරය සොයා බලන්න.
ඔය විමර්ශනයට කාලය මුදල් නාස්ති කරන්න එපා. රටම දන්නව ඔකෙ අවසාන ප්‍රතිපලේ
1957පසුව කිසිම දේශපාලකයෙක් අල්ලස් දුෂනවලට වරදකරුවෙලා නැත. ඒකාලේ ඇඳුම් මහන මැෂිමක් තෑගී වශයෙන් ලබපු ඇම්තියෙකුට දඬුවම් ලැබුවා කියලා අසාතිබෙන්වා අපිනම් දැනටමත් දන්නවා ලැබෙන තීන්දුව. ඒ නිසා රජයේ මුදල් නිකරුනේ වියදම් කරන්න එපා.
දැන් අලුත් ක්‍රමය අනුව ආන්ඩුවෙ හොරුන්ට උසාවි ඔනෙ නෑ. කොමිටි දානව හොරෙක් කොමිටියට දානව සුදු හුනු ගානව නැවත හොරාට හොරකම් කරන්න දෙනව.
There's no smoke without fire —used to say that if people are saying that someone has done something wrong there is usually a good reason for what they are saying there's no smoke without fire.
අර ජනාධිපති කොමිසමට පත‍්කරන්න ඕන කවිද කියල කිව්වා වගේ අල්ලස් කොමිසමටත‍් කියපං කාවද පත්කරන්න ඕන කියලා
කමිටුවේ නියෝජිතයන් නම් කලෙත් එතුමාමයි. නිදොස්කොට නිදහස්
This man lives with commission and women and hasn't done anything good to the country. He is one of the most corrupted educated politicians in Sri Lanka
දැන්වත් මතක් වෙනවද ඇයි මිනිස්සු පාරට බැස්සෙ කියල? දැන්වත් ඔය ගිලිලා ඉන්න වහල් බවින් මිදිලා එලියට එන්න.. මෙරට විනශ කරන්නෙ දියවන්නවෙ ඉන්න සක්කිලි. . ජනතාව පිලිකෙව් කරපු එකෙක් ජනපති වෙච්ච රට මෙ ලෝකෙ කොහෙවත් තිබුනද? එහෙම රටක් දියුනු වෙච්ච තැනක් අහල වත් තියෙනවද? රනිල් නැත්නම් සජිත් ද අනුරද කවුරුවත් නත්නම් කවුරු හරි කරන්න එපයි වගෙ ගොන් තර්ක දාන්නෙ නතුව නිවැරදි පුද්ලගලයන්ට ඉදිරියට එන්න ඉඩ දෙමු.. එන එකාගෙ තෝම්බුව හොය හොය කකුලෙන් අදින්නෙ නැතුව..
මේ ක්‍රමේ නම් හරිම ශෝක් අප්පා
මොනවා කළත් වැඩක් නෑ. අන්තිමට නිදොස් කොට නිදහස්. ඒක තමයි අපේ රටේ යාන්ත්‍රණය. ඔවුන් විතරද හොරකම් කරන්නෙ ? ඉන්ධන ටික , ගෑස් ටික හොරකම් කළා. බැලුවම හොරකම කියන එක අපේ රටේ පුලුවන් හැම එකාම කරනවා. සාධාරණ ජීවිත ගත කරන ධාර්මික මිනිසුන් ට හිස නමමි.
නිමල් සිරිපාල කවදාකවත් පගාව ගන්න කෙනෙක් නෙවෙයි. කාලෙකට කලින්, මේ අහිංසකයට මඩ ගැහුවා කාන්තාවක් සම්බන්ධ කරලා. කරුණාකරලා මේ අහිංසකයට මඩ ගහන්න එපා. මිනිහට ජපානෙන් බලෙන් සල්ලි දෙන්න ගිහින්. මනුස්සය අරන් නෑ. ජපානේ සමාව ගන්න ඕනේ. අනික මේ මනුස්සය, ජනාධිපති තුමා කරපු පරීක්ෂණයෙන් නිදහස් උනානේ. තවත් මොනවා ඔප්පු කරන්නද?
මේයා රාජපක්සල වගේම තමයි ගිය ගිය තැන හොර කරනව, කොමිස් ගහනව,
හොරකම, දුෂණය ඡන්ද කාලේ ඡන්ද පොරොන්දුවක් පමණයි. හොරකම් කරන්න දේශපාලුවන්ට ගැටළුවක් නැහැ.
අපට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එකක්.
සල්ලි කෑදර නාකියා ,රට නෙවෙයි අම්ම උනත් විකුණයි. මුන්ගේ ලැජ්ජා නහර කැපිල තියෙන්නේ හිරිකිතයි.
සිරිපාල ඔයා පොඩි පොඩි අල්ලස් ගන්නෙ නැත. ගන්නේ ලොකු කොමිස් පමනි.
දැන් ආපහු පටන්ගනියි රනිල්ගෙ ගුන කියවන්න.. ඊලග චන්දෙ එනකම් තමයි මේ සෙල්ලම.
බබා
අර කමිටුවේ සාමජිකයන්ගේ පෙර වැරදි ගැන වහාම පරික්ෂණයක් ඕන
මේ වෙනුවෙන් කියන්නට ඇත්තේ මාවරලේ භද්දිය හිමියන් විසින් කරන ලද අනුශාසනාවකි. ( ස්වභාවධර්මය විසින් දඬුවම් ලබා දීම සිදු කරන විට අධිකරණ නොමැත. නීතිඥයින් නොමැත. දඩුවම් පමණි. )
කලින් පත්කල කොමිටිය ජපන් සමාගමෙන් කට උත්තර ගත්තේ නැද්ද ?? මේ හොරා නිදොස් කොට නිදහස් කිරීම ගැන ජපන් සමාගම හොල්මන් වෙලා ඇති. ජපන් සමාගමට නරක නාමයක් උනේ කියල, දැන් එම සමාගමත් රජය ගැන කලකිරිලයි ඇත්තේ