(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉදිරි මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
එහෙත් දේශපාලන කටයුතුවල දිගටම නිරත වෙන බව පැවසූ හෙතෙම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දිගටම කටයුතු කරන බවද සඳහන් කළේය.
තමාට රටේ බොහෝ දේවල් ගැන කලකිරීමක් ඇති බවත් ආර්ථික අර්බුදයට එහා ගිය මනුෂ්‍යත්වයේ අර්බුදයක් සහ නරුම සංස්කෘතියක් රටේ බිහිවී පැවතීම ඒ කලකිරීමට ප්‍රධාන හේතුව බවත් ඔහු පැවසුවේය.
රටේ විභාග සමත් ජීවිතය අසමත් අසංවේදී පරපුරක් බිහිවීම කනගාටුදායක බවද විමලවීර දිසානායක මහතා සඳහන් කළේය.
තමා සහ තමාගේ දරුවන් සාධාරණ ආකාරයට හරිහම්බ කරගත් දේවල් සියල්ල නරුම අසංවේදී පිරිසක් විසින් විනාශ කරනු ලැබූ බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 225ම හැමදාම පර්ලිමේන්තුවෙ ඉන්නම ඕනෙද? දක්ෂ අවන්ක මිනිස්සු රටේ නැතුවද?
මෙ අසන්වෙදි සමජ ක්‍රමය හැදුවෙ ඔයාලානේද? මොකක් හරි බොරුවක් සමජ ගත කරලා රැල්ලක් හදලා බලය අරගෙන හොරාකනවා - මෙ ක්‍රමය යම් ප්‍රමානයකට කලිනුත් තිබුනා නමුත් පොහොට්ටුව අන්තිම ජරා විදිහට මෙ ක්‍රමය පාවිච්චි කරා - කොහොමත් ඔයාලාට පාඩු නැහැනෙ ඒ වගෙ තුන් ගුනයක් වන්දි ලබෙනවා. හැම එකකින්ම පාඩු දුප්පත් මිනිස්සුන්ට.
කැලේ වටේ තියන ගස් ටිකයි, පස් ටිකයි විකුනලා ගත්තු සල්ලි මදිද පරම්පරා ගනනාවකට? ආ.. තව කැලේ කොටස් කරලා විකුනපුවා? ජාත්‍යන්තරය ඇහැ ගහගෙන ඉන්න නිසා පිටරටවල තැන්පත් කරන්නත් බැහැ. ආපහු මැයි නමවෙනිදා ආවොත් ගෙදරත් හබක්. හම්බවෙච්ච එවා හරියට හැන්ගුවායින් පස්සෙ ආපහු ආවහම හොදටම අති.
මල ගෙවල් වල හේවිසි ගහන්න ඕන වුන් පාර්ලිමේන්තු යවල මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න එපා.
ආයේ ජීවිතේටම පාර්ලිමේන්තුව දිහා බලන්නේ වත් නැහැ කියපු කෙනෙකුත් දැන් ලජ්ජා නැතිව අලුත් ආණ්ඩුවේ ඇමතිකමක් අරන් යස අගේට ඉන්නවා , මේවා මෙ පොහොට්ටුවෝ ටික මිනිස්සු අන්දන්න කියල විහිලු කතා
පුලුවන්නම් ඊලග චන්දෙට ඉදිරිපත්වෙලා බලන්ඩකො මොනවද වෙන්නෙ කියල බලගන්ඩ පුලුවන් වෙයි.
ලොකු උදව්වක්..
ලැබිච්ච චන්ද ටිකටත් කෙලවුනා කියලා තේරුම් ගත්තා නම් ලොකු දෙයක් රටම කාබාසිනියා කර කර මිනිස්සුන්ට ප්‍රෝඩාව පෙන්න පෙන්න හිටිය එකේ විපාක තමයි ඔය ලැබිලා තියෙන්නේ. දැන්වත් තමන්ව හරියට විශ්ලේෂණය කරගෙන යන තැනකට දෙයක් කරගෙන ඉන්නවාද මේ නහින දෙහින කාලේ. අපට පව් නොදී.
ඔය කියන දේවල ගිනි තබලා විනාශ කලේ මහින්දගේ බල තණ්හාව නිසා කරපු අමන වැඩේ කියලා කියන්න දිව නැවෙන්නේම නැහැ
ඉදිරිපත් වුනත් මේ වගේ මිනිස්සුන්ට දැන් චන්දේ දෙන්නේ කව්ද? මොවුන්ට ඉස්සර චන්දේ දුන්න බත් කන හරක් පව් දැන් පොහොර ඉන්ධන නැති නිසා රැකී රක්ෂා කරගන්න නැතිව කන්න බොන්න නැතිව නන්නන්තාරවෙලා ඉන්නේ ඔව් ඉන්නේ කෝපයෙන්
මෙික ඇවිත් මොනව කරන්නද. මහ ලොකු දේශපාලකයො මුන් තනිකරම හොරු. කල කිරිල තියෙන්නෙ හොරකමි කරන්න පහසුකම් ගන්න එන්න බැහැනෙ මුන් මහලොකු ජනතා සේවකයො
ඔහොම කියපු අයත් ඇමතිකම් අරගෙන යසට ඉන්නවා. අලු සබ්‍ර් වගේ අය.
මුලු රටම ඔබ තුමා ගැනයි පොහොට්ටුව ගැනයි හරිම කලකිරීමෙන් ඉන්නෙ.