(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ළමාරක්‍ෂක ක්‍ෂේත්‍රය හා සම්බන්ධ සියලු පාර්ශවකරුවන් නියෝජනය වන පරිදි සහ අදාළ විශේෂඥයින්ගේ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ සකස් කර ඇති මෙම මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීම වෙනුවෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.
ළමා සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සකස් කළ මාර්ගෝපදේශ සහ ප්‍රඥප්ති දැනටමත් පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන නමුත් ජාතික මට්ටමේ පිළිගත් මාර්ගෝපදේශයක් නොමැති බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුලු ඩෝග් අලුත් බොරු වැඩකට අතගහලා ඔකෙනුත් කපයි ගානක් පුලුවන් නම්
සමහරක් අය තමන්ගෙ කෙනෙක් මියගියාම අනුස්මරණ කියලා නිවාස ආරම්භ කරන්නෙ 1. ජීවන මාර්ගයක් ලෙසත් 2. තමන් සමාජයේ ඉහළම පංතියේ අය කියලා සමාජයට ප්‍රකාශ කිරීමටත්, 3. පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් භාණ්ඩ හා වෙනත් දේ පරිභෝජනය සදහා ගැනීමටත් යන අපේක්ෂාවෙන් කියලා කියන්න පුළුවන්. එයට අමතරව මේවා අධීක්ෂණය කරන අයත් යම් යම් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන්නෙ මොකද ඒ ගැන හොදින්ම අත්දැකීම් තියෙන නිසා. ළමා සංවර්ධන මධ්‍යස්ථාන (මොන නමින් කිව්වත් සාමාන්‍ය ජනතාව කියන්නෙ ළමා නිවාස කියලා තමයි ) පමණක් නොවෙයි ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස (ජනතාව කියන්නෙ මහලු නිවාස කියලා ) වුනත් රැකියා සදහා ආරම්භ කරලා තියෙනවා කියන්නෙ ඒවා රජයේ ලියාපදිංචි නොකරන නිසා ඒ ගැනත් අවධානය යෙදුවොත් හොදයි.