(නිමල කොඩිතුවක්කු)
ජාතිය ගොඩනැගීමේ කාර්යයේ දී තමන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුකරන ලෙස වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී ප්‍රකාශ කළේය.
මව්බිම රැකගැනීමේ ක්‍රියාදාමයේ දී වෘතීය සමිති නියෝජිතයන්ට අන් අයට වඩා වගකීමක් ඇති බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික වයාපාරය, වෘත්තිය සමිති නායකයන් සමග කොළඹදී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.
“අප ඉතිහාසයේ දරුණුතම අභාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දී ඇති අවස්ථාවක මව්බිම රැකගැනීමේ ක්‍රියාදාමයේ දී සෑම පුරවැසියෙකුටම විශාල කාර්යභාරයක් පැවරී ඇත. මෙහිදී වෘතීය සමිති ව්‍යාපාරය නියෝජනය කරන ඔබතුමන්ලාට අන් අයට වඩා වගකීමක් ඇති බව අපගේ හැඟීමයි.
පාලකයින්ගේ පළමුවන කාර්යභාරය වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි. පැය 24 ක විදුලිය සැපයුම, කිරිපිටි, ගෑස් හා ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලකට ලබා දීම ඉක්මනින් සිදු විය යුතුයි. එවිට කර්මාන්ත, අපනයනය හා සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර වශයෙන් දියුණු වනු ඇත. ගමනාගමනය යථා තත්ත්වයට පත්වනු ඇත.
පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක් අධ්‍යාපනයට බාධා ඇති වූ නිසා මේ ක්ෂේත්‍රය ද වහා යථාවත් කිරීමට කටයුතු කළ යුතුයි. අපගේ වටිනාම සම්පත හා ආයෝජනය විය යුත්තේ අධ්‍යාපනයයි. සම්පූර්ණයෙන් විනාශ වූ කෘෂිකර්මය නැවත පුනර්ජීවනය කළ යුතුයි. මෙහිදී පසුගිය පාලනය වැරදි තීරණ ගත්තා.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම තුළින් පාර්ලිමේන්තුව ශක්තිමත් වනු ඇත. සර්වබලධාරී එක් පුද්ගලයකු විසින් මිලියන 22ක ජනතාවකගේ ඉරණම විසඳීම වෙනුවට මහජන නියෝජිතයන්ට රාජ්‍ය කරණයේ දී වගකීම පැවරෙනු ඇත. පක්ෂ විපක්ෂ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරු බොහෝ දෙනකු අධීක්ෂණ කමිටු ක්‍රමය ගැන දැඩි උනන්දුවක් දක්වා ඇත.
ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල සාර්ථකව පවත්වන අධීක්ෂණ කාරක සභා යළි ස්ථාපිත කිරීම තුළින් මෙම මන්ත්‍රීවරුන්ට වගකීම් ඇතිව ජනතා සේවයට සහභාගිවීමට හැකිවනු ඇත.
ජනාධිපතිතුමාගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ ඉල්ලීම මත සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මුල්වීමෙන් රටේ ප්‍රවීණ විද්වතුන්ගේ අදහස් හා අපගේ අත්දැකීම් ද උපයෝගී කරගනිමින් ඉදිරිපත් කළ යෝජනාව දැනටමත් රජය විසින් පිළිගෙන තිබීම අපි අගය කරමු. සැප්තැම්බර් 1 දා සිට අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව කථානායකතුමන්, සභානායකතුමන් හා පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අපව දැනුවත් කර ඇත. උපදේශක සභාව ද එදින සිට ඇරඹෙනු ඇත.
අප විසින් ඉදිරිපත් කරන ලද ලංකාවේ ප්‍රවීණ ආර්ථික විද්වතුන් 25 ක් පුද්ගලික අංශයේ දැවැන්තයන් 25ක් සමඟ මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කළ නිර්දේශ රජයටත්, විපක්ෂයටත් අප විසින් යොමු කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත විශාල බලතල පැවරුණත් එතුමා අසාර්ථක වූයේ විද්වත් මතයට ගරු නොකළ නිසයි. රජයට උපදෙස් දීමට ඒ ක්ෂේත්‍ර වල අත්දැකීම් ඇති අය හා විද්වතුන් 2500ක් පමණ අප හඳුනාගෙන ඇත.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ලෙස දේශපාලනයට සම්බන්ධ නොවූ ස්වාධීන ආයතනයක් වශයෙන් අප වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය ගොඩනැගීමේ කාර්යයේ දී ඔබගේ කාර්යභාරය ඉටුකරන ලෙසයි. එවිට සතුටින් ජීවත් විය හැකි යහපත් වාසනාවන්ත රටක් බිහි වනු ඇත.
2025 දෙසැම්බර් මස 18
444
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතිය ගොඩනැගීමේ දී තම කාර්යය නිසි ලෙස ඉටුකරන්න
ganegoda Tuesday, 16 August 2022 12:57 PM
ඕක ඉතින් සුද්දන්ගෙන් අපි රට භාරගත්තු දවසෙ කියන සිදුවීමක්නෙ.. රට අපායක් බවට පරිවර්ථනය උනා හැරෙන්න සිද්ද වුන දෙයක් නැහැ.