
(ළහිරු හර්ෂණ)
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලබන 24 වැනි දා මෙරටට පැමිණනෙ බව පවසා ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ දේශපාලනඥයකු නොවෙයි. ඔහු දක්ෂ පරිපාලන නිලධාරියකු බව ද ඔහු පවසයි. දේශපාලනඥයකු වශයෙන් මහින්ද රාජපක්ෂ තරම් ගෝඨාභය දක්ෂයකු නොවන බව ද ඔහු පවසයි.
යුද සමයේ සිදු වූ බව කියන මිග් ගුවන් යානා වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ ආපසු පිටව යද්දී මාධ්‍ය කළ විමසීමකදී වීරතුංග මහතා මේ බව කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් අලුතින් කියවන්න ඕනෑ නෑ.. මුලු ලෝකෙම දන්නවා ගොබ්බ බයියෙක් දෙන්නෙක් ඇරෙන්න...
රනිල්ට කොන්ද පණ තියෙනවා නම් නන්දසේනවයි, උදයංගවයි ඇතුළට දාලා නීතිය ක්‍රියාත්මක කරන්න.
දක්ෂ පරිපාලන නිලධාරියක් නම්, රටට හොඳ නායකත්වයක් දෙන්න තිබුනා . අවසානයේ ඔහු පුස්සක් බව ඔප්පු වුණා.
ඒක ඇත්ත. ලංකාවේ දක්ෂයෝ කියන්නේ මරන්න, ගහන්න, අත පය කඩලා ඔළු පලලා කටයුතු කරන්න අණ දුන් පාලකයන්ට. සිරිමාවෝ මැතිනිය 71 චේගුවේරා ත්‍රස්ථවාදී JVP කල්ලිය මර්ධනය කලා. 88/89 ප්‍රේමදාස මහතා JVP ත්‍රස්ථවාදීන් මර්ධනය කලා මරලා පුච්චලා දස වද දීලා. ගෝඨාභය මහතා 69 ලක්ෂයක සිංහල බෞද්ධ ජනවරමක් අරගෙන ලක්ෂ දෙකක් වත් නැති අබෞද්ධ අසිංහල කැරලි කාරයන් කියපු නිසා පලා ගියා. එය 69 ලක්ෂය් සිංහල බෞද්ධ ජනවරම පාවා කිරීමක්. එම බියගුළු පලා යෑම තුලම ඔහු අසාර්ථක පාලකයෙක්.
ලංකාවේ දක්ෂ පාලකයෙක් කියන්නේ මිනිස්සුන්ව මරන්න, ගහන්න, ටයර් දාලා ගිනි තියන, අතපය කඩලා ඔළු පලලා කටයුතු කරන්න පුළුවන් අයට... සිරිමාවෝ මැතිණිය, ප්‍රේමදාස මහතා එහෙම කළා. 1971/88/89 කාලවල චේගුවේරා ත්‍රස්තවාදී කල්ලිය/JVP කැරලි කරුවන් මර්ධනයට ගෝඨාභය මහතාට බහුතර සිංහල බෞද්ධ 69 ලක්ෂයක ජන වරමක් තුළ ලක්ෂ දෙකක් වත් නැති අබෞද්ධ අසිංහල කැරලි කරුවන් කීප දෙනෙකු නිසා 69 ලක්ෂය පාවලා දීලා පැනලා යනවා. එම නිසාම ගෝඨාභය රාජපක්ෂ අදක්ෂ පාලකයෙක්.
ඇත්තනේ...!! පරිපාලනයයි, හොරකමයි එකට කරන්න බැහැ.. ඉතිරි ටික කල්පනා කරලා බලන්න.
හැබැයි ගෝඨාභය කොමිස්ගහපු, හොරකම් කරපු ලංකාවට එන්න බය කෙනෙකුත් නොවෙයි.
ඔය කාගේත් පැටිකිරිය දන්නෝ හොඳාකාරවම දනිති. එක වරිගේ අය. රටින් රටට පැනපැන හැන්ගි හැන්ගි හිටියේ නිකන්ද?
ගෝඨා විතරක් නෙමෙයි. අයියලා මල්ලිලා සේරම. දේශපාලනය මුවවෙන්. හොඳට රටේ සම්පත්, මුදල් හොරා කෑවා. ජනතාවගේ ශ්‍රමයත් සූරා කාලා. මහපාරටම ඇදලා දැම්මා. 250න් 200ම. දේශපාලනය කියන නමේ තේරුමවත් දන්නේ නැහැ. නැතිනම් මේ විදියට හොරා කන්නේ මොන රටේද? නිල මැස්සෝ වගේ. ඕනෑම ජරා ගොඩක් ළඟ ඉන්නවා. පිරුවට අන්දලා. පපුවට අත තියන් රටගැන කතා කරන්නේ... මොවුන්ට නම් ලජ්ජාවක් කියන දේ දන්නේම නැහැ. අපිට නම්... පගාවක් අරන්. මුදල් හොරකමක් අපේ අතින් වුණොත්. ඒක තේරුම ජීවිතය පවා නැති කරගන්න යනවා. ඒකට මේ අයියලා.... ගාණක්වත් නැහැ. කපුටු කාක් කාක් කිව්වත්. තවමත් මේ අය ඇමැතිකම් ගන්න දඟලනවා. ගෝඨා එන දවසට...
ගෝඨාභය කියන්නේ හිටපු රාජ්‍ය නිලධාරියෙක් මිස දේශපාලකයෙක් නොවෙයි. කවුද නොදන්නේ..? දක්ෂ වෙන්න පෙර දේශපාලකයෙක් වෙන්න එපායෑ...